පළමු ලෝක යුද්ධයෙන්
පසු, පළමු ලෝක
යුද්ධයේදී සන්නිවේදන මෙවලමක් ලෙස මාර්කෝනි උපකරණය භාවිතා කිරීම නිසා යුද්ධයෙන්
පසුවද පණිවුඩ සන්නිවේදනයට ගුවන්විදුලි මාධ්‍යය යොදා ගැනීම පිළිබඳ උනන්දුවක් ඇති
විණි. පළමු ලෝක යුද්ධයෙන් පසු යුරෝපය
පුරා ගුවන්විදුලිය නැමති මාධ්‍යය ජනප්‍රිය වූ අතර යුරෝපානු සමාජයේ ඇතිවූ මෙම
උනන්දුව යටත්විජිත රාජ්‍යයන් වල සේවය කළ විදේශිකයන් වෙත ද පැතිරීම හේතු කොට ගෙන
ලංකාවේ ද ගුවන්විදුලි සේවාවක් බිහිකර ගැනීමේ උනන්දුවක් ඇති විය.
ලංකාවේ එකල තිබූ
විදුලි සංදේශ දෙපාර්තමේන්තුවට ඉංජිනේරුවකු ලෙස සේවය සදහා එංගලන්තයේ සිට ගුවන් විදුලිය ගැන දැනුමක්
ඇති එඩ්වඩ් හාපර් (Edward
Harper) නම් ඉංජිනේරුවෙකු
පැමිණීම අපේ ගුවන් විදුලි ඉතිහාසය ඇරඹීමක් විය. අතහැර දමා ගොස් තිබූ
ජර්මානු සබ්මැරීනයකින් ගලවා ගත් රේඩියෝ ට්‍රාන්ස්මීටර හා වෙනත් උපකරණ කිහිපයක්
සවිකර ගෙන 1923 දී කොළඹ අවට
පෙදෙසට ඇසෙන පරිදි කොළඹ කොටුවේ පිහිටා තිබූ විදුලි සංදේශ ගොඩනැගිල්ලේ කුඩා කාමරයක සිට ගුවන්විදුලි විකාශයක් ආරම්භ
කිරීමට ඔහු කටයුතු කළේය. එය කිවො ¼ ක ධාරිතාවක් එනම් විකාශන ශක්තියක් තිබූ රේඩියෝවක් විය.
එය ශ්‍රවණය කළ හැකි වූයේ කොළඹ කොටුවේ සිට කෙටි දුරක සිටියවුන් ට පමණි. ඊට ගුවන්විදුලි තාක්ෂණය ගැන ඉගෙනුමට කැමැත්තෙන්
සිටි ලාංකික ඉංජිනේරුවන් වන ඒ. නඩරාසා, ඩබ්ලිව්. ඊ. ද සිල්වා, බී. විජේතිලක යන අය සහය වී ඇති අතර , එම රේඩියෝ චැනලය ‘
කොළඹ ගුවන් විදුලිය ‘ ( Colombo
Radio ) යන නමින් පවත්වාගෙන ගොස් තිබේ . ග්‍රැමෆෝන් යන්ත්‍රයකින්
තැටි වාදනය කොට මයික් එකක් එය ළගින් තබා
සංගීතය විසුරුවා ඇත. ඒ අනුව එඩ්වඩ් හාපර්
යනු ලංකාවේ ‘ගුවන් විදුලියේ පියා’ ලෙස හැදින්වේ.
හාපර් මහතාට අමතරව එකල
සිටි වෙනත් ඉංග්‍රීසි නිළධාරීන් ද ස්වදේශික නිළධාරින් ද ගුවන්විදුලිය පිළිබඳ වෙන
වෙනම පුද්ගලික මට්ටමේ පරීක්ෂණ පැවැත්වූහ. එහිදී ඔවුන් සිදුකළ පරීක්ෂණ වඩාත්
සංවිධානාත්මකව සිදුකිරීම සඳහා එවකට සිටි ආධුනික ගුවන්විදුලි කරුවන් විසින් 1922 නොවැම්බර් 24 දින ආධුනික
ගුවන්විදුලි සමාජය පිහිටුවා ගෙන ඇත. එනම් ගුවන්විදුලිය පිළිබඳ උනන්දුවක් දැක් වූ
මෙම පිරිස එකතු වී මෙම ආධුනික ගුවන්විදුලි සමාජය හරහා ගුවන්විදුලිය පිළිබඳ පරීක්ෂණ
වඩාත් සංවිධානාත්මක ආකාරයෙන් පැවැත්වූහ.
1924 පෙබරවාරි මාසයේ ආධුනික ගුවන්විදුලි සමාජය තරුණ ක්‍රිස්තියානි සංගම් ගොඩනැගිල්ලේ සන්ධ්‍යා දේව මෙහෙයෙන් පසුව පැවැති බටහිර සංගීත ප්‍රසංගය ඉතා සාර්ථකව ඔවුන් විසින් නිර්මාණය කරන ලද ගුවන්විදුලිය ඔස්සේ ප්‍රචාරය කළහ. එය වන විට ගුවන්විදුලි යන්ත්‍ර හිමිව තිබූ පිරිසට ශ්‍රවණය විය. එයින් පසු ආධුනික ගුවන්විදුලි සමාජයේ තීරණය වූයේ ලංකාවේ ගුවන්විදුලි මාධ්‍යය පිළිබඳ තමන් ලද සාර්ථකත්වය මත මෙම මාධ්‍යය ජනතාවට හඳුන්වා දිය යුතු බවයි. ඒ අනුව ආධුනික ගුවන්විදුලි සමාජය 1924 පෙබරවාරි මාසය අග වන විට ගුවන්විදුලියක් ඇරඹීමට රජයේ අවසරය ඉල්ලා සිටියහ. එහෙත් රජය ආධුනික ගුවන්විදුලි සමාජයේ මෙම ඉල්ලීමට එකඟ වී නැත.
කෙසේ නමුත් මේ අතර
එඩ්වඩ් හාපර් මහතා 1924-1925 අයවැය වර්ෂය
වෙනුවෙන් ලංකා ගුවන්විදුලියට වෙන්කළ රු. 9,000/- ක මුදල එංගලන්තයට රැගෙන ගොස් කිලෝ වොට් එකක
(1kw ) විකාශන
ශක්තියක් ඇති ට්‍රාන්ස්මීටර් උපකරණයකුත් වෙනත් විදුලි ආම්පන්නත් මිලදී ගෙන ඒවා
කොළඹ වැලිකඩ ප්‍රදේශයේ ස්ථානයක සවිකොට නව ගුවන්විදුලි විකාශනාගාරයක් ආරම්භ කරන
ලදි. මෙම නව ගුවන්විදුලියේ විකාශනාගාරය 1925 දෙසැම්බර් 16 වන දින එවකට ආණ්ඩුකාරවරයා වූ සර් හියුම්
ක්ලිපර්ඩ් විසින් විවෘත කරන ලදි. මෙය නිල වශයෙන් ලංකාවේ ගුවන්විදුලියේ ආරම්භයයි.
ඒ අනුව අපේ රටේ ගුවන්
විදුලි සේවයක් නිල වශයෙන් පටන් ගත් දිනය ලෙස 1925 දෙසැම්බර් 16 දිනය ඉතිහාස ගත වේ. එම ගුවන් විදුලි
සේවාව එඩ්වඩ් හාපර් මහතා විසින් ආරම්භ කළ
‘ කොළඹ රේඩියෝව’( Colombo
Radio) යි. එය දකුණු
ආසියාවේ ප්‍රථම ගුවන් විදුලි සේවය ලෙසද ලොව පැරණිම ගුවන්විදුලි සේවා අතර දෙවැන්න
ලෙසද ඉතිහාස ගත වී ඇත . කෙසේ වෙතත් 1924 ජුනි මස 27 වන දින එවකට ආණ්ඩුකාරයා වූ සර් විලියම්
හෙන්රි ආණ්ඩුකාරවරයා එවකට පැවති ලංකා ඉංජිනේරු සංගමය අලලා කරන ලද කථාව
ගුවන්විදුලිය ඔස්සේ ප්‍රචාරය කර ඇත. ලංකාවේ ප්‍රධාන පුරවැසියා ආණ්ඩුකාරතුමා වීම
නිසා ලංකාවේ ගුවන්විදුලිය මෙදින ආරම්භ වූවා යැයි ද පිළිගැනේ. 1926 දී කොළඹ
පිහිටි යුනිවර්සිටි කොලීජියේ නව ගුවන්විදුලි ප්‍රසංග මැදිරියක් ආරම්භ කරන ලදී. 1927 දී එම ප්‍රසංග මැදිරියත්, විදුලි සංදේශ කාර්යාලයේ සවිකොට තිබූ
ගුවන්විදුලි මැදිරියත් ගෙන යාම සදහා කොළඹ ටොරින්ටන් භූමියේ පැවති පැරණි මානසික
රෝහල් ගොඩනැඟිලි පරිශ්‍රය ගුවන්විදුලි විකාශන ස්ථානයක් ලෙස වෙනස් කොට අළුත්වැඩියා
කර එය වෙත ගෙන යන ලදි. එහිදී වඩාත් ඉඩකඩ සහිතව ගුවන්විදුලිය පවත්වාගෙන යාමට
හැකියාවක් ලැබුණි. 1942 දී දෙවන ලෝක යුද්ධයේ ආරක්ෂක කටයුතු වලට
මුහුණ දීම සදහා ටොරින්ටන් චතුරස්‍රයේ සමස්ත ගොඩනැගිලි සංකීර්ණයම බ්‍රිතාන්‍ය ගුවන්
හමුදාව විසින් පවරා ගන්නා ලදී. ඒ සමගම බ්‍රිතාන්‍ය ආණ්ඩුව විසින් මෙම ‘කොළඹ
රේඩියෝ’ සේවාව යුධමය අවශ්‍යතා සදහා පවරාගෙන එය රේඩියෝ සියැක් ( Radio SEAC ) ලෙස නම් කර පවත්වාගෙන ගොස් ඇත. (SEAC
යනු South East Asia Command යන්නයි).
ආසියානු කලාපයේ යුද්ධයට සම්බන්ධ වී සිටින මිත්‍ර හමුදා සෙබළුනට සංගීත ආශ්වාදය ලබා
දීමටත්, විවිධ තොරතුරු හා
පණිවුඩ ලබා දීමටත් හැකි වන සේ බ්‍රිතාන්‍යයන් විසින් මෙම ' රේඩියෝ සියැක් ' හට නව අධි බලැති විකාශන උපකරණ සවි කර ඇත.
නිවේදකයන් ටොරින්ටන් සිට වැඩ සටහන් මෙහෙයවූ අතර, අළුතෙන් ඒකල ප්‍රදේශයේ සවිකළ අධි බලැති කෙටි තරංග විකාශය
ඉන්දියාව, බුරුමය, මැලේසියාව, සිංගප්පූරුව ආදී රටවල් දක්වා පැහැදිලිව ශ්‍රවනය වී ඇත.
මේ අවස්ථාව වන විට
කොළඹ ගුවන් විදුලිය ශ්‍රවණය කරමින් සිටි විශාල අසන්නන් පිරිසට රේඩියෝව දිගටම
පවත්වා ගෙන යාම සදහා කොළඹ රේඩියෝ ව තම අත්‍යවශ්‍ය විකාශන උපකරණ කිහිපයක් රැගෙන
ගලවා බොරැල්ල , කොටා පාරේ ගොඩනැගිල්ලක
ට ගෙන ගොස් එහි සිට මධ්‍යම තරංග විකාශයක් මගින් ලංකාව තුළ අසන්නන් වෙත යුධ තොරතුරු
හා සුපුරුදු වැඩ සටහන් ගෙන ඒමට කටයුතු කර ඇත. 1947 වන විට
ටොරින්ටන් ගොඩනැගිල්ල ගුවන්විදුලි විකාශන ආයතනයක ට සුදුසු අමතර ඉදිකිරීම් රැසක්
නිමා කර ඇති අතර යුද්ධය නිමා වී බ්‍රිතාන්‍ය ගුවන් හමුදාව ඉවත් වීමෙන් පසු 1949 දී සියැක්
රේඩියෝව ද නැවත සිවිල් කටයුතු සදහා පවරා
දෙන ලද ලදී. තැන තැන තිබූ සියළු කොටස් නැවත එක් කරමින් 1949 දී නැවත ටොරින්ටන් වෙත පැමිණෙන කොළඹ ගුවන්
විදුලිය , එම නමින් විකාශය වූ
රේඩියෝවේ කටයුතු 1949 දෙසැම්බර් 31 දා මධ්‍යම රාත්‍රියෙන් අවසන් කළ අතර, 1950 ජනවාරි 01 වන දා එය ‘ ලංකා ගුවන් විදුලිය ‘ ( Radio Ceylon ) බවට පත් විය.
1967 ජනවාරි 5 වනදා ගුවන් විදුලිය රාජ්‍ය සංස්ථාවක් බවට පත්වූ අතර, එහි නම ‘ ලංකා ගුවන්විදුලි සංස්ථාව’ (Ceylon Broadcasting Corporation- CBC ) ලෙස වෙනස් කරනු ලැබින. ඉන්පසු 1972 මැයි 22 වන දා සම්මත කරගත් පළමු ජනරජ ව්‍යවස්ථාවෙන් රටේ නම සිලෝන් වෙනුවට ශ්‍රී ලංකා ලෙස වෙනස් කෙරුණ නිසා, නැවත අප ගුවන්විදුලිය ‘ ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාව ‘ ( Sri Lanka Broadcasting Corporation – SLBC ) ලෙස නම් කර අද දක්වා පවත්වා ගෙන යනු ලබයි
✌️✌️✌️
ReplyDelete👍👌
ReplyDelete👍
ReplyDelete👍👍
ReplyDelete❤️❤️❤️❤️
ReplyDelete👍👍 nice work
ReplyDelete❤️
ReplyDeleteWow...💪
ReplyDeleteGreat 🤍🖤. Most veluble imformation👑
ReplyDelete👍👍
ReplyDeleteBest 👍
ReplyDelete💚
ReplyDeletePost a Comment