වාරණය යනු
වාරණය යන්නෙහි නූතන අර්ථය වන්නේ මහජනයා වෙත යාමට පෙර තොරතුරු හා
කලා නිර්මාණ සහ තහනම් කිරීමයි. නැතහොත්
ඒවා මහජනයා වෙත නිවේදනය කළ පසු එසේ සිදු කළ අයට දඬුවම් පැමිණිවීම්යි.
වාරණයට ලක් වන දෑ
- පොත් පත්
- පුවත්පත්
- විදුලි පුවත්
- ලිපි
- චිත්‍රපට
- නාට්ය්
- ගීත
- ලේඛන
- කාටුන්
- වෙබ් අඩවි
- තැටි
- කවි
- ගුවන් විදුලි වැඩසටහන්
- රූපවාහිනි විශේෂාංග
- පෝස්ටර්
- සඟරා ආදිය වේ.
§ මේ ආකාරයට ඉහතින් දක්වන ලද සන්දේශවල අන්තර්ගත දෑ වෙනස් කිරීම, මකා දැමීම, බෙදාහැරීම තහනම් කිරීම, ද්‍රව්‍ය තහනම් කිරීම ප්‍රදර්ශනය තහනම් කිරීම හෝ එලෙස සිදුකළ කළ පුද්ගලයින්ට දඬුවම් පැමිණවීම් වාරණය ලෙස තවදුරටත් පැහැදිලි කළ හැකිය.
වාරණයේ අවස්ථා
- පූර්ව වාරණය
- පසු වාරණය
- නීතිමය වාරණය
- නීතිමය නොවන වාරණය
- සෘජු වාරණය
- වක්‍ර වාරණය ලෙස වාරණයේ විවිධ අවස්ථාවන් ගෙනහැර දැක්විය හැක.
වාරණයේ
ඉතිහාසය
මානව ඉතිහාසය තුළ තහනම් කිරීම වැළැක්වීම වචන භාවිත නොවුනද අප සමාජය විසින්ම ගොඩනංවා
ගත් තහංචි තිබිණි. අප ජීවත් වූ පැරැණි
සමාජය පාලනය වන ලද්දේ එලෙස පවත්වා ගන්නා ලද තහංචි මගිනි. වාරණයේ ඉතිහාසය
පිළිබඳ සොයා බැලීමේදී ආගමික පසුබිම තුළ ද වාරණය හෙවත් වැළැක්වීම දැකගත හැකි
වේ. බුදු දහමේ පංචශීලය, කතෝලික දහමේ දස පනත , හින්දු සහ ඉස්ලාම් ආගමිකයින්ගේ ආගම ඇදහීම පිළිබඳ වූ
විවිධ තහංචි දැකගත හැකි වේ . වාරණය පිළිබඳ සාක්ෂියක් ලෙස හඳුනාගත හැකි වන්නේ ක්‍රිස්තු පූර්ව 605 දී
ජුදා දේශයයි. එහි සිටි අනාගතය පිළිබඳ අනාවැකි පළ කරන පොත්පත් ලියන පුද්ගලයෙකුගේ පොත්පත් පිළිබඳ ව ඇති වූ අප්‍රසාදය
හේතුවෙන් එම දේශයේ රජු විසින් එම පුද්ගලයාලවාම පොත් පුළුස්සන වන ලදී .
මේ අනුව ඉහත දක්වන ලද කරුණු වලින් පැහැදිලි
වන්නේ අතීත සමාජයේ තහංචිය නමැති සංකල්පය තුළින් ද දැකගත හැකි වූයේ වාරණය
බවයි. මීට අමතරව නිදසුන් ලෙස,
ජර්මනියේේ සිටි ඒකාධිපති පාලකයකු වූ හිට්ලර්
විසින් යුදෙව් ජාතිකයින්ට අයත් පොත් 20000 ක් පමණ විනාශ කිරීම
ශ්‍රී
ලංකාවේ පළමු වාරණ නිලධාරියා වන කපිල නැමැති පුද්ගලයා ධර්ම ලිපි විවිධ පොත්පත්
විනාශ කිරිමට රජුට උපදෙස් දීම දැක්විය
හැකිය.
වාරණයේ ප්‍රභේද
වාරණයට ලක් වන මාධ්‍යන්ට අනුකූලව වාරණය වීමෙහි ක්‍රම පවතී ඒ අනුව ලෝකය පුරා
විවිධාකාර හෝ මාධ්‍ය සන්දේශයන්
කෙරෙහි ක්‍රියාත්මක වන ෙම වාරණයෙහි ප්‍රභේද දහතුනක් ප්‍රධාන වශයෙන් හඳුනාගෙන තිබේ. එනම්,
- ස්වයං වාරණය
- මුද්‍රිත වාරණය
- රාජ්‍ය වාරණය
- ආගමික වාරණය
- හමුදාමය වාරණය
- දේශපාලන වාරණය
- රූපවාහිනි වැඩසටහන් වාරණය
- තැපැල් හා විදුලි සංදේශ වාරණය
- සිනමා වාරණය
- වේදිකා නාට්‍යය වාරණය
- ගීත/ සංගීත වාරණය
- අන්තර්ජාල වාරණය
නූතන සමාජයේ පුවත්පත්,
ග්රන්ථ සහ වෙනත්
මුද්‍රිත මාධ්‍ය සම්බන්ධයෙන් පැනවෙන වාරණය මෙයට අයත් වේ.අසභ්‍ය ප්‍රකාශන ,පුද්ගලිකත්වයට හානි
කරවන නිර්මාණ, ආගමික විශ්වාස, ත්‍රස්තවාදී ප්රචණ්ඩ ක්‍රියා සම්බන්ධයෙන් අනුබල ලබා දෙන
ලිපි, පුවත්පත් මුද්‍රණය කිරීම, පාලනය කිරීම සහ
තහහ තහනම් කිරීම මෙන්ම එවැනි දේ සිදු කරන්නන් හට දඬුවම් පැමිණවීම මුද්‍රිත වාරණයට
අයත් වේ. ශ්‍රී ලංකාවේ ග්රන්ථ වාරණයන් රැසක්
හඳුනා ගත හැකිය. එනම්,
· 1967 වර්ෂයේදී
ටෙනිසන් පෙරේරා ලියන ලද දැති රෝදෙන් උපන් බුදුන්
කෙටි කතා සංග්‍රහය බුදු සිරිත කෙලෙසීමක්
ලෙස සලකා තහනම් කරන ලදී.
·
මංජුල වෙඩිවර්ධනගේ මේරි නම් වූ මරියා කෘතිය වරින් වර තහනමට ලක්විය
සිනමා වාරණය
කිසියම් සිනමා කෘතියක් තුළ සමාජයට බලපාන්නාවූ
ගැටළු සහගත රූප රාමු හෝ වෙනත් දැ අඩංගු වීම , අසභ්‍ය දර්ශණන අඩංගු වීම, ළමා මනසට බලපාන්නාවූ දර්ශන, ප්‍රචණ්ඩකාරී දර්ශන
ආදිය අන්තර්ගත වන විට ඒවා කිසියම් සීමා කිරිමකට ලක් කිරීම හෝ මුළුමනින්ම තහනම්
කිරීම මෙහිදී සිදුවේ.ලෝකයේ සෑම රටකම චිත්‍රපටයක්
මහජන ප්‍රදර්ශනය සඳහා ඉදිරිපත්
කිරීමට ප්‍රථම ඒ සඳහා පිළිගත් ආදී අධීක්ෂණ මණ්ඩලයක් මගින් නිර්දේශ ලබා දීම
සිදු කරයි .ලංකාවේ මෙම වාරණ ක්‍රියාවලිය
සිදු කරනු ලබන්නේ ප්‍රසිද්ධ රැඟුම් පාලක මණ්ඩලය යටතේය. වර්තමානයේ චිත්‍රපට වාරණය
සාධාරණීකරණය සඳහා ඉදිරිපත් වන එක් ප්‍රබල තර්කයක් බවට පත්ව ඇත්තේ පුද්ගලික පරිහරණයේ දී මෙන් නොව මහජන ප්‍රදර්ශනය
සඳහා ඉදිරිපත් වන චිත්‍රපටවල
ලිංගික දර්ශන සහ ප්රචණ්ඩ ක්‍රියා ඇතුලත් රූප රාමු යම් සීමාවකට යටත් කිරීම
වඩා වැදගත් බවය.
·
මෑත
කාලීන ව අක්ෂරය සුළඟ එනු පිණිස පුරහඳ කළුවර ආදී චිත්‍රපට වාරණයට ලක්විය
· රාගයක උණුසුම, සුරයහන ගිනි ගනි, දඩබිම, ඇගේ වෛරය, බල කාමය ආදී චිත්‍රපට වල ඇතැම් දර්ශන ඉවත් කරනු ලැබුවේ එහි ඇති සමාජ බලපෑම් හේතුවෙනි.
රූපවාහිනී වැඩසටහන් වාරණය
වර්තමාන සමාජය තුළ ජන සන්නිවේදන මාධ්‍යයන්
අතර වඩාත් ප්‍රබල සහ අලංකාර මාධ්‍ය ලෙස රූපවාහිනිය සමාජගතවී පවතී .විවිධ ආකෘතීන් ඔස්සේ ඉදිරිපත් වන
වැඩසටහන් රාශියක් මගින් සමාජයේ පුද්ගලයන්ගේ ආකල්ප මෙන්ම චර්යාවන් කෙරෙහි විශාල වූ බලපෑමක් සිදුකරනු ලබන ප්‍රධානතම මාධ්‍යය
වන්නේ රූපවාහිනියයි.ලෝකයේ ඇතැම් රටවල්
රූපවාහිනි මාධ්‍ය තුළින් ඉදිරිපත් කරන වැඩසටහන් සඳහා ඇතැම් සීමා පැනවීම කෙරෙහි
අවධානය යොමු කර තිබේ.
·
ඇමරිකාවේ සහ කැනඩාවේ V-Chip නැමැති කුඩා උපකරණයක් භාවිත කරන අතර එමගින්
ලිංගික සහ ප්රචණ්ඩ ක්‍රියා ඇතුලත් දර්ශන රූපවාහිනී තිරය මත දර්ශනය වීම ස්වයංක්‍රීයව
අත්හිටවනු ලැබේ.
ශ්‍රී ලංකාවේ රූපවාහිනී වැඩසසටහන් වල මෙම තත්ත්වයන් ආරක්ෂා
කිරීම සඳහා විධිමත් ආචාර ධර්ම පද්ධතියක් තවමත් ගොඩ නැගී නැති බව හඳුනාගත හැක. එහෙත්
රූපවාහිනි මධ්‍යස්ථාන ඔවුන්ගේ අනන්‍ය වූ පූර්ව ප්‍රදර්ශන
අනුමැතිය ලබා දීමේ ක්‍රමවේදයක්
අනුගමනය කරන අතර එය වාරණය භාවිතයක් ලෙස
දැක්විය හැකිය.
·
සදාචාරය පිළිබඳ
ප්රමිතීන් උල්ලංඝනය කිරීම යන හේතුව මත 1993 වර්ෂයේදී දී ජාතික රූපවාහිනියෙන් විකාශය වූ අවසඳ යන ටෙලි නාට්‍ය වාරණය කරන ලදී.
·
ධර්මසිරි බණ්ඩාරනායක අ්යක්ෂණය
කළ යුද ප්රතිරාව රූපවාහිනී වාර්තා වැඩසටහන් ද පොදු ජන එක්සත් පෙරමුණ විසින්
එල්.ටී.ටී. ඊ සංවිධානය සමඟ සාම සාකච්ඡා ආරම්භ කළ වකවනුවේ දී වාරණයට
ලක් කරන ලදී.
මේ ආකාරයට මාධ්‍ය ක්‍රියාවලිය තුල සිදුවන වාරණ සංකල්පය
පිළිබඳ සංෂිප්තව තොරතුරු ඉදිරිපත් කළ හැක.
👍👍
ReplyDelete👌👌👍
ReplyDeleteනියමයි..👍
ReplyDeleteBest ❤️
ReplyDeleteBest ❤️
ReplyDelete❤️👍
ReplyDeleteGood article👍
ReplyDelete👍👍👍👍
ReplyDeleteWadagath lipiyak
ReplyDelete👍👍👍
ReplyDeletePerfect !
ReplyDeleteBest❤️❤️
ReplyDelete👌👌👌
ReplyDeleteIntersting!!🖤
ReplyDeletemaru
ReplyDeleteWel done!!
ReplyDeleteWell done and very important article.
ReplyDeletegood job
ReplyDeleteWell done
ReplyDelete👍
ReplyDeleteWel done
ReplyDeleteWel done
ReplyDeleteWel done
ReplyDelete👍👍🔥
ReplyDelete❤️❤️❤️
ReplyDelete🔥🔥🔥🔥
ReplyDeleteGreat article 👌
ReplyDeleteBest
ReplyDeleteGood
ReplyDelete😘💖
ReplyDelete👌👌
ReplyDeleteSuper 👍
ReplyDeletegood article
ReplyDeleteGood 💚
ReplyDeletePost a Comment