ශ්‍රී ලංකාවේ
වගාකරුවන් යොමු වී ඇති තවත් පැතිකඩක් ලෙස බිම්මල් වගාව දැක්විය හැකිය. ස්වයං ව්‍යාපාරයක්
ලෙස දේශීය නිෂ්පාදනයට දායකවන මෙම බිම්මල් වගාව 1980 දී පමණ කර්මාන්තයක් ලෙස ආරම්භ වී ඇත. එළවළු, පලතුරු, ධාන්‍ය වර්ග වැනි ආහාර
වර්ගවලට හාත්පසින් වෙනස් වූ ආහාරයක් ලෙස
බිම්මල් දැක්විය හැකිය.
බිම්මල් යනු දිලීර වර්ගයකි. දිලීර අයත්වන්නේ ක්ෂුද්‍ර
ජීවි කාණ්ඩයටය. ශාක වර්ගීකරණයේ දී බිම්මල් මෙම ක්ෂුද්‍ර ජීවි කාණ්ඩයට ඇතුළත් කර
ඇත. දිලීරවල ශාක දේහය මුල්,
කඳ, පත්‍ර ආදි ලෙස
වෙන් කළ නොහැකිය. දිරායන ගස් කදන්වල ජීවත්වන මෙම දිලීරය මෘතෝපජීවි වේ. එනම් හරිතප්රද
අඩංගු නොවන නිසා ප්‍රභාසංස්ලේෂණයෙන් හරිත ශාකවලට මෙන් ආහාර පිළියෙල කළ නොහැකි
වීමයි. විශාල සංඛ්‍යාවක් පවතින දිලීර අතරින් බැසිඩියෝමයිසිටිස් නැමති දිලීර
වර්ගයට අයත් වේ.
බිම්මල් වගාවේ
මූලික අවශ්‍යතාවයන්
• පියන සහිත පිරිසිදු ග්‍රීස්
බැරලයක්.
මෙය අවශ්‍ය වන්නේ ලී කුඩු මළු හුමාලයෙන් තම්බා ගැනීම
සඳහාය.
• තෙතමනය හා අඩු
උෂ්ණත්වයක් රදා පවත්වා ගත හැකි ස්ථානයක්.
මෙ සඳහා මඩුවක් සකස් කර ගත හැකිය. එය කොටස් දෙකකින්
යුක්ත වන ආකාරයට සකසා ගත යුතුය. එය භාවිතා කරන්නේ දිලීර වර්ධනය වන තෙක් පොලිතීන්
මළු ගබඩා කර තබා ගැනීමටය. මෙය බීජෞෂණ කුටිය (Incubation Room) ලෙස හැඳින්වේ. අනෙක් කොටස විශාලත්වයෙන් වැඩි
විය යුතු වන අතර මනා ආලෝකය හා වාතාශ්‍රය ලැබෙන පරිදි සකසා ගත යුතුය. අස්වනු නෙළීම
සිදු කරන දිලීර අඩංගු බඳුන් මෙතුළ තැම්පත් කරනු ලැබේ. මෙය හඳුන්වනුලබන්නේ නෙලන
කුටිය (Cropping Room) යනුවෙන්ය.
මඩුවේ වහලය සඳහා පොල් අතු යොදාගත හැකි අතර එහි බිත්ති පොළවේ සිට අඩි 3-4 ක් පමණ උසක් දක්වා
ගඩොලින් හෝ පොල් අතු වලින් අහුරා ගත හැකිය. වහලය දක්වා වූ අනෙක් කොටස දැල් වලින්
හෝ ගෝනි වලින් අහුරා ගත හැකිය. එසේ සකස් කර ගනු ලබන්නේ තෙතමනය හා ආලෝකය නිසි පරිදි
පාලනය කර ගැනීම සඳහාය. මඩුව තුළ පොළව මතුපිටට අඟල් දෙකක් පමණ ඝනකමින් යුත්
පිරිසිදු වැලි තට්ටුවක් අතුරා ගත යුතුය. මේ සඳහා උණ ලී හෝ වෙනත් ලී පටි යොදා ගත
හැකය. මෙම රාක්ක අතර පහසුවෙන් ගමන් කිරීමට හැකි පරිදි සකස් කර ගත යුතුය.
• නිරෝගී සරු බිම්මල්
බීජ සපයා ගැනීම.
මෙම බීජ සපයා ගැනීම සඳහා පේරාදෙණිය ගන්නෝරුවේ පිහිටි
කෘෂි කර්ම දෙපාර්තුමේන්තුවේ පිහිටි බීජ මධ්‍යස්ථානයෙන් හෝ රත්මලානේ පිහිටි අපනයන
සංවර්ධන මණ්ඩලයෙන් ලබා ගත හැකිය. බිම්මල් වගාවේ සාර්ථකත්වය රඳා පවතින්නේ උසස්
ගුණාත්මකභාවයෙන් යුත් බීජ පැකට් තෝරාගැනීම තුළින්ය. උසස් ගුණාත්මයෙන් යුත්
මුතුබෙලි බිම්මල් බීජ පැකට් තුළ ඒකාකාර සුදු පැහැයකින් යුතුව දිලීර වර්ධනය වී ඇති
ආකාරයක් දැකගත හැකිය. බිම්මල් බීජ ගබඩා කිරීමේදී එය උණුසුම් නොමැති කාමරයක
පිරිසිදු මේසයක් මත සති දෙකක් පමණ කාලයක් තබා ගත හැකිය. මුතුබෙලි බිම්මල් බීජ නම්
ශිතකරණයක පහළ කොටසෙහි සති හයක් පමණ කාලයක් ගබඩා කොට තබා ගත හැකිය.
දේශීය වශයෙන් ආහාරයට ගනු ලබන බිම්මල් වර්ග ගණනාවක් පවති.
· මාවැලි හතු
·
හීන්වැලි හතු
·
ඉදලෝළු
·
කොටන් බිම්මල්
·
හුඩස් බිම්මල්
·
කුට්ටන් බිම්මල්
·
ලේන්පහුරු
·
මොණර බිම්මල් ආදි ලෙස දැක්විය හැකිය.
බිම්මල් හෙවත් හතුවල පෝෂණීය ගුණය ඉහළ අගයක් ගනී. බිම්මල්
ප්‍රෝටීන් බහුල ආහාරයකි. සාමාන්‍ය මස් මාංශවලින් තරම්ම ප්‍රෝටීන් ප්‍රමාණයක්
නොලැබුනද මෙහි එක් විශේෂත්වයක් ඇත. එනම් මස් මාංශ හේතුවෙන් සිරුරේ කොලොස්ටරෝල්
නාශකයක් අඩංගුව ඇත. අමු බිම්මල් ග්‍රෑම් 100ක අඩංගු පෝෂ්‍ය කොටස් ප්‍රමාණය පහත පරිදිය.
·
ජලය ග්‍රෑම් 91-0
·
ප්‍රෝටීන්
ග්‍රෑම් 2.5
·
මේදය
මිලිග්‍රෑම් 0.3
·
කැල්සියම් 20
·
යකඩ
මිලිග්‍රෑම් 1-0
·
තයමින්
මයික්රෝග්රෑම් 120
·
විටමින් සී මිලිග්‍රෑම් 3.0
මෙයට අමතරව බිම්මල් ආහාරයට ගැනීම නිසා
·
ප්‍රතිදේහ නිපදවීම
·
ආසාත්මිකතාව වැළැක්වීම
·
සම නිරෝගි කිරීම
·
තුවාල ඉක්මනින් සුවකිරීම
ආදී යහපත් සෞඛ්‍ය තත්වයන් ළගාකර ගතහැකිය. මේ නිසාවෙන්
ඉන්දියානුවන් බිම්මල් යනු දිව්‍යමය
ආහාරයක් ලෙස දක්වයි.
බිම්මල් වගා කිරීමේ ප්‍රධාන ක්‍රම දෙකක් ලෙස ලී කුඩු
මාධ්‍යයේ වගා කිරීම සහ පිදූරු මාධ්‍යයේ වගා කිරීම දැක්විය හැකිය. බිම්මල් වගාව ආශ්රිත
වගාකරුවන්ට පවතින ප්‍රධාන ගැටලු වනුයේ බිම්මල් බීජ ලබා ගැනීමට නිසි ස්ථාන නොවීමත්
කෘමි උවදූරින් තම වගාව බේරා ගැනීමත්ය. කෝදුරු පවුලට අයත් මැස්සන් හා මයිටාවන් ද
බිම්මල් වගාවට හානි කරයි.
ලාංකීය සමාජයේ බොහෝ දෙනා ස්ත්‍රී පුරුෂ භේදයකින් තොරව
මෙම වගා ක්‍රමය යටතේ සිය ජීවිතය සරුකර ගැනීමට උත්සහ ගනිති. දැනට බිම්මල් කිලෝග්‍රෑම්
1ක මිල රු.120ක් පමණ වේ. සතියට
බිම්මල් කිලෝග්‍රෑම් 50ක් පමණ නෙලාගත
හැකිනම් සතියක ආදායම රු.6000ක් පමණ වේ. මේ
අනුව මාසික ආදායම රු.24,000ක් පමණ
වේ.එබැවින් අඩු ප්‍රාග්ධනයක් යොදා වැඩිලාභයක් ලබාගත හැකි ස්වයං රැකියා ව්‍යාපෘතියක්
ලෙස බිම්මල් වගාව හදුන්වා දිය හැකිය.
බිම්මල් වගා කිරීම පමණක් නොව ඒ ආශ්රිත නව කෑම පිළියෙල
කොට දේශීය විදේශිය වෙළදපලට බෙදාහැරීමට වර්තමානයේ බොහෝදෙනා යොමු වී ඇත.
බිම්මල් පාන්
බිම්මල් සුප්
බිම්මල් බුරියානි
බිම්මල් ඔම්ලට්
ආදි ආහාර සදහා අද වෙළදපලේ වැඩි ඉල්ලුමක් පවති.
නවීන තාක්ෂණයේ දියුණුවත් සමග දේශීය ආහාර රටාව ද වෙනස්
කරගැනීමට ලක්වැසියන් හුරු වී ඇත. අතීතයේ
ගෙවත්තේ සිය ගෙවත්තෙන් නෙලාගත් පිරිසිදු
එළවළු පලතුරු පරිභෝජනය කරන්නට විය. දේශීය බිම්මල් වගාවද ඒ ආකාරයෙන්ම ගෙවතු වගාවක්
ලෙසින් සිදුකිරීමට හැකියාවක් පවති. ස්වයං ව්‍යාපාරයක් ලෙස දේශීය නිෂ්පාදනයට දායක
වන මෙම බිම්මල් වගාව දේශීය ආර්ථිකය ශක්තිමත් කිරීමටද දායක් කරගත හැකිය.
Niyamai...💪☺️
ReplyDelete👍👍👍
ReplyDelete👍
ReplyDeleteNiyamai
ReplyDelete👍👍👍
ReplyDelete👍
ReplyDeleteGood
ReplyDeleteGood ❤️
ReplyDeleteNice 😊
ReplyDeleteNice...🤗
ReplyDeleteNiyamai 🧡💛💚💙💜🖤
ReplyDelete👍👍
ReplyDelete👍
ReplyDeleteThankyou 😍
ReplyDeletePost a Comment