අනතුරු අඩු කිරීම

 අනතුරු අඩු කිරීම


        වර්තමාන ආර්ථික හා සමාජ ජීවිතයේ අත්‍යවශ්‍ය අංගයක් බවට පත්වී ඇති රථ වාහන, මිනිසුන් අංගවිකල වූවන් බවට පත් කිරීම සඳහා ද පත්කිරීම සඳහාද ජීවිත විනාශ කිරීම සඳහා හේතුවන ප්‍රධාන පෙළේ සමාජ සතුරෙකු හා මාරයකු බවට පත්වෙමින් පත් වෙමින් පවතින බව ශ්‍රී ලංකාවේ රිය අනතුරු පිළිබඳව පිළිබඳ සංඛ්‍යා ලේඛන පරීක්ෂා කිරීමේ දී පැහැදිලි වෙයි. 

        ශ්‍රී ලංකාවේ රිය අනතුරු සංඛ්‍යාව ඉහළ යාම පිණිස සාධක රාශියක් හේතු වී ඇත. ජනගහනය සහ මෝටර් රථ සංඛ්‍යා වැඩි වීමට සමාන්තරව මාර්ග වල පළල සහ තත්ත්වය දියුණු නොවීම මෙයින් එක් සාධකයකි. තවමත් ශ්‍රී ලංකාවේ සමහර ප්‍රධාන මාර්ග බර කරත්ත යුගයේ තිබූ පළලින් ම යුක්ත ව පවතී. අනතුරු හඟවන සංඥා සමහර මාර්ග වල ප්‍රමාණවත් තරම් නොමැති අතර රාත්‍රී කාලයේ දී ආලෝකය සැපයීමක් බොහෝ මාර්ගවල ඇත්තේ ම නැත.  ශ්‍රී ලංකාවේ ඇති රථවාහන යල් පැන ගිය අබලන් වූ ඒවා වීම ද අනතුරු සංඛ්‍යාව වැඩි වීමට හේතු වී ඇතැයි බොහෝ දෙනා පවසන නමුත් ඒ බව සංඛ්‍යා ලේඛනවලින් සනාථ නොවෙයි.

        ශ්‍රී ලංකාවේ රිය අනතුරු සඳහා ප්‍රධාන වශයෙන් හේතු වී ඇත්තේ රිය පදවන්නන් ගේ වරදයි. මරණීය අණතුරු වලින් සියට 39 අනතුරුවලින් සියයට 39 සිදුකර ඇත්තේ අවුරුදු 18 30 අතර වයසේ රිය පදවන්නන් විසින් වන අතර මූලික මාර්ග නීති ගැන සැලකිල්ලක් නොදැක්වීම , මාර්ග පාවිච්චි කරන සෙසු අය ගැන සැලකිල්ලක් නොදැක්වීම, බීමත්කම රථවාහන ක්‍රීඩා භාණ්ඩ ලෙසින් සලකා ක්‍රියා කිරීම, වගකීම පිළිබඳ හැඟීමක් නොමැති වීම වැනි හික්මීම පිළිබඳ දෝෂයන් මාර්ග අනතුරුවලට ප්‍රධානම හේතුව බව පෙනී ගොස් ඇත. වාහන තදබදය බෙහෙවින් අඩු අවස්ථාවල රිය අනතුරු වැඩියෙන්ම සිදුවන අවධිය වන අතර සති අන්තවලදී ද උත්සව අවස්ථාවල දී ද අවස්ථාවල දී ද සදුදා හා සෙනසුරාදා සිදුවන අනතුරු සංඛ්‍යාව සාමාන්‍ය දිනවල මෙන් කිහිප ගුණයක් වෙයි. පමණට වැඩි වේගයෙන් ධාවනය කිරීම මෙම අනතුරු වලට ප්‍රධානතම හේතුව බව හෙළි වී ඇත මාර්ග හරහා ගමන් කරන්නන් නොසැලකිලිමත් වීම ද වැදගත් හේතුවකි. 

        රිය අනතුරු සංඛ්‍යාව අඩු කරලීම සඳහා කළ යුතු ප්‍රධානතම කටයුත්ත ප්‍රවේශ මහා වගකීම පිළිබඳ හොඳ අවබෝධයක් රිය පදවන්නන් තුළ ඇතිකරලීම ය. රිය අනතුරුවලින් වැඩි වශයෙන් මරණයට පත් වන්නේත් තුවාල ලබන්නේත් මහා මාර්ග වල පයින් ගමන් කරන්නට වඩා රට වාහන වල ගමන් කරන්නන් ම වන හෙයින් මේ මගින් අනතුරු සංඛ්‍යාව අඩු වීම සඳහා සිදුවන මෙහෙය ඉතා විශාල වූවකි. පැසුණු වයස නිසා වගකීම පිළිබඳ හැඟීමක් ඇති ව රිය පදවන අය අතින් සිදුවන අනතුරු සංඛ්‍යාව ඉතා අඩු බව පෙනී යයි. 

        අනතුරු සංඛ්‍යාව අඩු කරලීම පිණිස ආරක්ෂාකාරීව ද්විත්ව තිරිංග ක්‍රමයක් ද  ආරක්ෂක තොප්පි වැනි දේ ද භාවිත කිරීමට රිය පදවන්නන් ට බල කෙරෙන නීති ඕස්ට්‍රේලියාවේ ක්‍රියාත්මක වේ ආරක්ෂක උපායන් ක්‍රියාත්මක කරලීමෙන් ශ්‍රී ලංකාවේ අනතුරු සංඛ්‍යාව ද අඩු කරලීමට පුළුවන. 

        වගකීමෙන් තොරව ක්‍රියා කරන රිය පදවන්නන් ට දඬුවම් ලබා දීම සඳහා ශ්‍රී ලංකාවේ දැනට ක්‍රියාත්මක වන නීති රීති ප්‍රමාණවත් නොවන බව ඉතා පැහැදිලි කරුණකි. ශ්‍රී ලංකාව රියදුරු කොට බීමත්කම ගැන චෝදනා කිරීම සඳහා මත්පැන් ගඳ වහනය වීම පමණක් ප්‍රමාණවත් නොවේ. ඒ සඳහා මත්පැන් පාවිච්චි කර ඇති බවට වෛද්‍යවරයකු විසින් කළ සහතිකයක් අත්‍යවශ්‍යය. කෝණම චෝදනාවක් උඩ වරදකරුවෙකු වුවද රියදුරෙකුට මෝටර් වාහන පනත යටතේ ලැබෙන්නේ සුළු දඬුවමක් පමණි. දණ්ඩ නීති සංග්‍රහය යටතේ රියැදුරකුට නඩු පැවරෙන්නේ ඉතා කලාතුරකිනි. 

        ශ්‍රී ලංකාවේ රියදුරන් සඳහා බලපාන ඉහත කි නීති සියල්ල වර්තමාන යුගයට නොගැලපෙන යල්පැන ගිය ඒවා බව ප්‍රකට කරුණක් වුවත් ඒවා සංශෝධනය කිරීමක් නොමැත. වගකීම පිළිබඳ හැඟීමකින් යුක්තව ප්‍රවේශම් ලෙස රිය පැදවීමත් ශ්‍රී ලංකාවේ රියදුරන්ගෙන් අපේක්ෂා කළ නොහැකි නම් දඬුවම් පිළිබඳ බියක් ඇති කර ඔවුන් ප්‍රවේශම් සහිතව ක්‍රියා කිරීමට පෙළඹවිය යුතුය. ආරක්ෂක භාවිතා කිරීම පිණිස නීතිය මගින් රියදුරන්ට බල කළ යුතු අතර ඔවුන් අධිකරණය ඉදිරියේ පමුණුවාලීම පිණිස දැනට ඇති අපහසුකම් නැති කළ යුතුය. මෝටර් රථ ශ්‍රී ලංකාවේ ප්‍රධානතම මාරයකු බවට පත් වී ගෙන එන හෙයින් අනතුරු වැළැක්වීම සඳහා ගත හැකි සියලු පියවර ඉක්මනින් ක්‍රියාත්මක කරවීම අත්‍යාවශ්‍ය වී තිබේ.

17 Comments

Post a Comment

Previous Post Next Post