පුවත්පත් කාටූන් කලාවේ තතු……

 


සාහිත්‍ය කලාවන් අතුරින් ඉතා විශිෂ්ට මෙන්ම පාඨක අවධානය වැඩි වශයෙන් දිනා ගන්නා කලාවක් ලෙස කාටුන් කලාව හඳුනාගත හැකිය. අකුරු  කියවිය හැකි කියවිය නොහැකි සෑම දෙනාගේම දැනුම  පුළුල් කරන මාධ්‍යයක් වශයෙන් මෙන්ම හඬකින් කිව නොහැකියි කිසියම් දෙයක් රූපයකින් ව්‍යංගාර්ථවත් ලෙස ප්‍රකාශ කිරීමට සහ  එමඟින් පහර එල්ල කළ යුතු පුද්ගලයාට පහර ගැසීමට තරම් හෝ බලයක් කාටුන් චිත්‍රයක් මගින්   මාජයට හුවා දැක්වීමට කාටුන් චිත්‍ර ශිල්පියා සතු හැකියාවක් පවතී. බොහොමයක් පාඨකයන් කාටුන් තිරය දැකබලාගැනීමට නොඉවසිල්ලෙන් බලා සිටින්නේ කාටූුන් මඟින් සමාජයට යම් පණිවිඩයක් සන්නිවේදනය වනවා සේම  ඒ තුළ හාස්‍ය මුසු උපහාසයක් ගැබ් වී පැවතීම හේතුවෙනි. මේ නිසා  පුවත්පතෙහි කතෘ වාක්‍ය වලට වඩා වැදගත් අංගයක් බවට කාටුන් චිත්‍ර පත්ව ඇත.

"පුවත්පත‌ක සම්පූර්ණ තීරුවකට වඩා වේගයෙන් මැනවින් අදහස් චිත්‍රයක් ආකාරයෙන් මනසෙහි මවාපාන හෙයින් පුවත්පත් කාටුන් චිත්‍රය ප්‍රධාන කතෘ වාක්‍යය‌ටද වඩා වැදගත් තැනක් ගනී."

 

මානවයා ක්‍රමක්ක්‍රමයෙන් ශිෂ්ඨාචාර ගත වීමත් සමගම  අදහස් හැඟීම් ප්‍රකාශ කිරීම සඳහා විවිධ විධි ක්‍රම භාවිත කරන ලදී. එනම් විවිධ ඉඟිබිගි ,ශබ්ද අනුකරණය, ස්පර්ශය, ද්‍රව්‍ය එකිනෙකට ගැටීමට සැලැස්වීම එහිදී සුලබ වූ අතර එහි වර්ධනීය තත්වයක් වන්නේ මැටි, අඟුරු, ශාක යුෂ ආදිය භාවිත කරමින් කුරුටුගෑම මගින් විවිධ චිත්‍ර ඇඳීමයි.

  •    ප්‍රංශයේ "ලැස්කෝ " හා  ස්පාඤ්ඤයේ  "අල්ටිමීරා " යන ගල් ගුහා චිත්‍ර දැක්විය හැකිය. 


මෙම ගුහා චිත්‍ර වර්තමාන චිත්‍ර කලාවේ ප්‍රාථමික අවධිය ලෙස හඳුනාගත හැකිය.චිත්‍ර කලාවේ විවිධ ප්‍රභේද පවතී. ඒ අතර පුවත්පත් කාටුන් කලාවට හිමිවන්නේ සුවිශේෂී තැනකි. ශිෂ්ටාචාරවල ආරම්භයේ පටන්ම චිත්‍රක සන්නිවේදනය පැවතියද මුල්ම කාටුන් ලක්ෂණ දක්නට ලැබුණු ස්ථානය ලෙස ඇතැමුන් සලකන්නේ "පොම්පෙයි නුවර" ඇඳ තිබූ සියුම් හාස්‍යය ජනිත කරවන සිතුවම් පෙළයි . එසේම යුරෝපයේ ඇතැම්  පල්ලිවල "ගාර් ගොයිල්ස්" යනුවෙන්  හැඳින්වෙන  ස්වරූපයක්  ගන්නා මූර්ති පෙළක් 13 වන සියවසේ තිබූ බව සඳහන් වේ. 18  වන සියවස පමණ වන විට චිත්‍ර කලාවට හිමි වූයේ සුවිශේෂී ස්ථානයකි.

 


කාර්මික විප්ලවය සමඟ නගර නිර්මාණය කිරීමේදී චිත්‍ර ශිල්පය බෙහෙවින් භාවිත කළේය. එදා ගල්ලෙන් ආරම්භ වූ  චිත්‍ර භාෂාව අවුරුදු දහස් ගණනක් ගෙවා අවුත් අද ලෝකයේ ඉතා ජනප්‍රිය විශ්ව  භාෂාවක් බවට  පත්ව ඇත. අද වන විට කාටුන් චිත්‍ර කුරිරු පාලනයට, ඒකාධිපති බලයට, අසාධාරණයට එරෙහිව නැගී සිටින මාධ්‍යයක් බවට පත්ව ඇත. ක්‍රි. ව 1446 දි ජර්මන් ජාතික  චිත්‍ර ශිල්පියෙකු වන ඊ . ඒ මාස්ටර් විසින් හාස්‍ය උපදවන අයුරින් හෝඩියේ අක්ෂර නිර්මාණය කර ඇත. මෙමගින් අනුකරණ චිත්‍ර සම්ප්‍රදායේ ඇති වහල් බැම්ම කඩා තමාට අවශ්‍ය පරිදි නිදහස්ව අදහස් ප්‍රකාශ කිරීමට කාටුන් චිත්‍ර ශිල්පයාට අවස්ථාව ලබාදී ඇත ක්‍රි. ව. 5 වන සියවසේදී පමණ ජපානයේ රෝල් කළ හැකි චිත්‍ර සම්ප්‍රදායක් පැවතුණි. එය යම්කිසි පණිවිඩයක් අර්ථයක් ලබා දෙන ආකාරයෙන් නිර්මාණය වූවකි. වර්තමානයේ පුවත්පත් කාටූන් කලාව දක්වා වර්ධනය වූයේ මේ ලෙස චිත්‍ර කලාවෙන් පෝෂණය වී ඇරඹි කාටුන් කලාවයි.

 

වර්ෂ 1754  මැයි 09  වන දින මහා බ්‍රිතාන්‍යයේ බලපෑමට විරුද්ධව " බෙන්ජමින් ෆ්‍රැන්ක්ලින් " නම් කාටුන් ශිල්පියා විසින් කැබලි අටකට වෙන් වුණු සර්පයෙක් අඳිමින් " එක්වෙමු නැත්නම් මියෙමු "  යනුවෙන් එම කාටුනය නම් කරමින් එවකට රටේ  පැවති අස්තාවරභාවය නිරූපණය  කිරීමත් සමගම  ඇමරිකාවෙහි  දේශපාලන කාටුන් කලාවට මංපෙත් විවරණය වන ලදී. මෙමගින් පළාත්  අටක්  නිරූපණය  කරන ලදී.  බ්‍රිතාන්‍යයේ යටත් විජිතයන් වලට කාටූන් කලාව හඳුන්වා දෙනු ලැබුවේ මිෂනාරිවරුන් විසිනි.  "කැරි කේචර්"   චිත්‍ර අතීතයේ සිට  බ්‍රිතාන්‍යයේ තිබුණද කාටුන් බ්‍රිතාන්‍යයට හඳුන්වාදීමේ ගෞරවය හිමිවන්නේ "Thomas brown"  නම් ශිල්පියාටය. මේ ආකාරයට යුරෝපය පුරා කාටුන් කලාව පැතිර යන ලදී .

 

ශ්‍රී ලංකාවේ  කාටුන් කලාව පිළිබඳ දැක්වීමේදී සෑම රටකම  පාහේ ලංකාවෙද කාටුන් ආරම්භ වී ඇත්තේ චිත්‍ර කලාව පදනම් කරගෙනය. ලංකාවේ පැරණි මූර්ති කලාවේ රූප කාටුන් කලාවට සමීපත්වයක් දැක්වූ බව පෙන්නුම් කරයි.


  • ඉසුරුමුණියේ ගලින් නෙළු පිලිම තුළ හාස්‍ය උපහාස්‍ය තිබෙන බවට සාධක ඇත.

 

ලංකාවේ  මුල්ම  කාටුනය ලෙස සිංහල  විශ්වකෝෂයේ දක්වන්නෙ දිනමිණ පුවත්පතේ පළ වූ  මුදලාලි නැමැති කාටූනයයි.  1931  වර්ෂයේ දී  ස්වදේශ  මිත්‍රයා  පුවත්පතට  ජී . එස් . ප්‍රනාන්දු  විසින් ඩොනමෝර් කොමිසමේ යෝජනා විවේචනය කරමින් කාටුන් අඳින ලදී.  මෙරටට දේශපාලන කාටුන් ගෙන එන ලද්දේ ඉංග්‍රීසීන් විසින්  වූ අතර වර්ෂ 1940  පටන්  විධිමත් ලෙස දේශපාලන කාටූන් ප්‍රදර්ශනය අරඹන ලදී. "ද ටයිම්ස් ඔෆ් සි‌ලොන්" පුවත්පත්ටද ඔ. බි කොලට් විසින් කාටුන් නිර්මාණය කරන ලදී . මෙම දේශපාලන කාටුන් මගින් කිසියම් විවේචනයක් හෝ අදහසක් සමාජගත කිරීමට හැකිය.බොහෝ පුවත්පත් සඟරා චිත්‍ර නිර්මාණයේ දී සුදු කළු වර්ණ භාවිත කර ඇත.  ඔෆ්සෙට් මුද්‍රණ  ක්‍රමයෙන්  පසු මේවා  වර්ණයෙන් මුද්‍රණය  කර ඇත. මේ ආකාරයට  අප රට තුළ ජනප්‍රියත්වයට  පත්වූ කාටුන් කලාව  ප්‍රධාන වර්ග කිහිපයක් යටතේ කාටුන් ශිල්පීන් විසින් නිර්මාණය කරනු ලබයි.

 

කාටුන් වර්ග

  •          දේශපාලන කාටුන්
  •           පොකට්  කාටුන්
  •           කාටුන් චිත්‍ර කතා වශයෙනි.

 

කාටුන්වල අන්තර්ගත වන්නාවූ විශේෂ ලක්ෂණ

  •          උපහාසාත්මක බව.
  •          නෛතික රාමුවක් නොමැති වීම.
  •          කාලීන ගැටලු නිරූපණය කිරීම.
  •          සමාජය පුළුල්ව  විශ්ලේෂණය කිරීම.
  •          විශාල පරාසයක් පුරා පැතිර පැවතීම.

 

මේ ආකාරයට වර්තමානයේ බොහෝ සෙයින් ප්‍රසිද්ධත්වයට පත්ව ඇති පුවත්පත් කාටූන් කලාව පිළිබඳ තොරතුරු දැක්විය  දැක්විය හැක.

 

 


46 Comments

Post a Comment

Previous Post Next Post