රතු කහ මිශ්‍ර කතරේ පිපි මල "වාරිස්"




දියනෙත ගිනි ගමින් දවන

විඩාවට සෙවණක් වත් නොමැති

ගිනි ගත් වැලි කඳු අතර                   

පිපුනු රතු රෝස මල නුඹය...

 

පුපුරු ගසන වැලිකැට උඩින්

වතුර පොදක්වත් නොමැතිව

කතරෙන් එහා ඇති ජීවිතය සොයා ගිය

උරුම සිරිතෙහි කටුක අභාග්‍ය ලද්දී ඔබය...

 

කතරේ පිපී කතරේම පරව යන 

කතරේ පිපී කතරේම පෙති සිදලන්නා වූ

කතරේ පිපුණු මල් වල ජීවිතේ මේයැයි 

ලොවට හඬ ගා කී දිරිය ගැහැනිය ඔබය...

 

ෆර්දාවෙන් වැසුනු හරි බරට වැටුනු කඳුළු කැට සඟවා

අඳුරු පරිච්ඡේදයක හැරවුම් ලක්ෂයක් වූ

ලොවක් සුවඳින් මුසපත් කළ

කාන්තාරයේ පිපුණු සුවඳම මල නුඹය "වාරිස්

 

 සෙව්🖋️🖋️🖋️....


59 Comments

  1. පොතේ රසට සාධාරණයක් කරලා තියනවා❤️

    ReplyDelete
  2. අකුරු වෙච්ච හැගීමක් 😍 ලස්සනයි.... දිගටම ලියන්ඩ ජය ❤️

    ReplyDelete
  3. වැලි කතරේ කදුලු බිදු සගවා ජීවිතය සෙවූ ඇය.. හදවතට දැනෙනවා සෙව්... ❤❤

    ReplyDelete
  4. Niyamai ... 💗
    Godak lassanai...

    ReplyDelete
  5. Hitata dnnena pada walak😘😘

    ReplyDelete
  6. වැලි කතරේ කදුලු බිදු සගවා ජීවිතය සෙවූ ඇය.. wenuwen watina agaya kirimak..

    Lassanai nanga.👍

    ReplyDelete
  7. This comment has been removed by the author.

    ReplyDelete
  8. හොද පදවැල් ටිකක්.ලස්සනයි ❤️

    ReplyDelete
  9. හිතට වැදුණු නිසදැසක් ලස්සනයි ❤️🔥

    ReplyDelete
  10. හරිම ලස්සනයි 💕❤️

    ReplyDelete
  11. ලස්සනයි අක්කි🖤💪

    ReplyDelete
  12. කාලේකින් ලස්සන අමුතු වචන ටිකක් ඇහුනා...වචනයෙ පරිසමාප්ත ලෙසම කතරක පිපි මලක සුවද දැනුනා...😍❤️😍

    ReplyDelete
  13. සුපිරි 😍😍🤗🤗

    ReplyDelete
  14. Heart touching words....superb ..sew..

    ReplyDelete

Post a Comment

Previous Post Next Post