ලොවක් භීත කළ කොරෝනා…….

                                                                        


වත්මන් සමාජ කතිකාව තුළ මහත් ආන්දෝලනාත්මක තත්ත්වයකට පත්ව ඇති එකම මාතෘකාව වන්නේ කොරෝනා නැමැති වසංගත රෝගයයි. 21 වන සහස්‍රයේ මිනිසා තාක්ෂණික දියුණුව අතින් ඉණි පෙත්තට ගමන් කරමින් සිටිය ද ඇසට නොපෙනෙන කුඩා වෛරසයක් ඉදිරියේ හිස නමා ජීවත්වීමට සිදුවීම ඉතාමත් කනගාටුදායක තත්ත්වයකි. 2019 අග භාගයේ ප්‍රථම වරට චීනයේ වුහාන් නගරය මෙම ගෝලීය වසංගතයෙ තිඹිරිගෙය වූ අතර එය වත්මන් සමාජය වන විට මුළු ලොවක් පරාජය කොට හිස එසවීමට සමත්ව ඇත්තේ මිලියන පහකට වැඩි පිරිසකට ආසාදනය කරමින් හා වටිනා ජීවිත ලක්ෂ තුනහමාරක් ඉක්මවා බිලි ගනිමිනි. මේ ආකාරයට මෑත ඉතිහාසය තුළ ලොවම භීතියට පත්කළ සිදුවීමක් පිළිබඳ මතකයක් අපට නැත.  මෙම ගෝලීය වසංගතයේ ඇති ඛේදනීයම තත්වය වන්නේ මෙතෙක් කිසිදු රටක මෙම covid 19 වෛරසය පාලනය කිරීමට සමත් ඖෂධයක් සොයා ගෙන නොමැතිවීමයි. මේ වන විට මෙම අභාග්‍යසම්පන්න ඉරණමට ඉන්දියන් සාගරයේ මුතු ඇටය වන ශ්‍රී ලංකාව ද ගොදුරු වී තිබීම හද සසල කරවන පුවතකි. එම නිසා මෙම වෛරසය පිළිබඳව ඔබේ අවධානය යොමුවීම ඉතා වැදගත්ය.


කොරෝනා වෛරසය යනු කුමක්ද

                               

මෙම වෛරසය ස්වරූපය මිනිස් ඇසට නිරීක්ෂණය කළ හැකි වන්නේ ඉලෙක්ට්‍රෝන අන්වීක්ෂයක් ආධාරයෙන් වන අතර මෙහි ස්වරූපය ඔටුන්නක් හා සමාන වේ. මෙය තාප සංවේදී වෛරසයකි. එය ප්‍රති වර්ධනය සඳහා ප්‍රශස්ත PH අගය 7.2 ක් අවශ්‍ය වේ. එසේම  මෙම වෛරසය සෙම්ප්‍රතිශ්‍යාවෙ  ප්‍රධාන රෝග කාරකයක් පමණක් නොව බරපතළ වසංගත කීපයකට ද හේතු වේ. කොරෝනා වෛරසය පෘෂ්ඨවංශික ජීවීන්ට පමණක් ආසාදනය වන අතර මිනිසුන්ගෙන් මෙන්ම සත්තුන්ගේ ස්වසන පද්ධතියේ රෝග ,ආහාර ඡිරණ පද්ධතියේ රෝග හා ස්නායු පද්ධතියේ බොහෝ රෝග වලට සම්බන්ධ වෙයි.


                        කොරෝනා වෛරසය විවිධ වෛරස් වලින් යුත් විශාල පවුලකි. මෙයින් සමහරක් මිනිසාට ආසාදනය වන අතර තවත් සමහරක් සතුන්ට ආසාදනය වේ.මේ පිළිබඳ වැඩිදුරටත්තොරතුරු සොයා බලන විට මෙම වෛරස් වර්ග වෙන් වෙන්ව හඳුනාගත හැකිය. මිනිසාට ආසාදනය විය හැකි වෛරස් වර්ග පිළිබඳ විද්වතුන් විසින් දැනට සිදුකර ඇති පරීක්ෂණ මගින් සාක්ෂාත් කරගෙන ඇත්තේ නිව්මෝනියාව පැතිර වීමට හේතු වන SARS-CoV-2 වලට අමතරව තවත් වෛරස් වර්ග හයක් ඇති බවයි එනම්,


·         HCoV-229E

·         HCoV-OC43

·         SARS-CoV

·         HCoV-NL63

·         HCoV-HKUI

·         MERS-CoV


මෙම මිනිස් කොරෝනා වෛරස කාබනික ද්‍රාවක සහ විසබීජ නාශක වලට සංවේදී වේ. ඒ අනුව ක්ලෝරෆෝම් ,ෆෝමැල්ඩිහයිඩ්, ක්ලෝරින් කෘත විසබීජ නාශක හා පාරජම්බුල කිරණ මගින් අක්‍රිය  කළ හැකිය.

                                  

  සත්ව කොරෝනා වෛරස් වලට ක්ෂීරපායි කොරෝනා වෛරස සහ කුරුලු කොරෝනා වෛරස  අයත් වේ.  සතුන්ගෙන් බොහෝමයක් දෙනා  රෝගකාරක රැගෙන යන  මාධ්‍ය බවට පත් විය හැක. නිදසුන් ලෙස උරුලෑවන්, වවුලන්,  දිය බල්ලන් යනු කොරෝනා වෛරසයේ පොදු ධාරකයන් වේ.ප්‍රවීනයන් පවසනු ලබන්නේ SARS CoV-2 වල ආරම්භය ඇතිවන්නට ඇත්තේ වවුලන්ගෙන් බවයි. 2019 අග භාගයේ දී චීනයේ වුහාන් නුවර හිදී ප්‍රථම වරට අනාවරණය වූ මෙම ගෝලීය වසංගත තත්ත්වය ජනයා අතර පැතිර යාමට ප්‍රධාන ලෙස බලපාන ලද්දේ එහි වූ එළිමහන් සත්ව වෙලඳපොලවල්මගිනි. එහිදී වෙළදාම් කරන ලද නැවුම් මස් සහ මාළු මිලදී ගන්නා ගනුදෙනුකරුවන් හරහා මෙම රෝගී තත්ත්වය විශාල ලෙස සමාජගත වූ බව සක් සුදක් සේ  පැහැදිලි වේ . මෙලෙස ලොවක් භීත කරවන මෙම ඛේදනීය වසංගත රෝගී තත්ත්වය බෝ වන්නේආසාදිත පුද්ගලයෙකුගේ සොටු සහ කෙළ බිඳිති හරහා මෙන්ම ඒවා තැවරුණු පෘෂ්ඨ ස්පර්ශයමගින් පුද්ගලයන් අතර සම්ප්‍රේෂණය වේ. මෙම වෛරස රෝග ලක්ෂණ පෙන්නුම් කිරීමට දින හතරක සිට සති දෙකක් දක්වා කාලයක් ගත විය හැකි අතර මෙම තත්ත්වය සාපේක්ෂව පුද්ගලයාගෙන් පුද්ගලයාට වෙනස් වන්නේ ඔවුන්ගේ ප්‍රතිශක්තීකරණය මතය.


 වෛරසයේ රෝග ලක්ෂණ මොනවාද

  •   සුළු හෝ අධික සෙම්ප්‍රතිශ්‍යාව
  •          හිසරදය
  •        උගුර වියලීම, උගුරේ වේදනාව
  •          කැස්ස
  •          නිව්මෝනියාව
  •          ඇඟපත වේදනාව
  •          කිවිසුම් යාම
  •         සන්ධිවල වේදනාව
  •          ඇඟ සීතල වීම
  •          සුළු වශයෙන් මළපහ වීම වැනි ලක්ෂණ වේ.


 මුළු මහත් ලෝකයම මුහුණ පා ඇති ව්‍යසනකාරී ‍ තත්ත්වය පාලනය කිරීම සඳහා තනි තනි පුද්ගලයන් ලෙස වගකීම් සහගතව විනයකින් යුතුව සෞඛ්‍ය උපදෙස් පිළිපැදිය යුතුය.

 

 වසංගතය පාලනය කිරීමට පිළිපැදිය යුතු සෞඛ්‍ය උපදෙස්

  •          මුඛ ආවරණ නිවැරදිව පැළඳීම.
  •          නිතර නිතර විසබීජ නාශක යොදා දෑත් පිරිසුදු කිරීම.
  •          උෂ්ණත්වය පරික්ෂා කිරීම.
  •          විදුලි සෝපානය වැනි දෑ හි බොත්තම එබීම සඳහා වැලමිට හෝ ටිෂූ කඩදාසි ආදිය භාවිත කිරීම.
  •          පඩිපෙළ වැනි නිතර ස්පර්ශ වන ස්ථාන ස්පර්ශ නොකිරීම.
  •          නිරන්තරයෙන් සෙනග ගැවසෙන උත්සව අවස්ථාවන්, විනෝද චාරිකා ආදියට සහභාගී නොවිය යුතුය.
  •          සැමවිටම පුද්ගලයන් සමඟ මීටරේ දුර පවත්වා ගත යුතුයි.
  •          මුදල් ගනුදෙනු සීමා කළ යුතුයි.
  •        ගමන් ගොසින් පැමිණි විට පාවහන් ගෙතුළට ගැනීමෙන් වැළකී සිටිය යුතුයි.




මෙම වසංගත රෝගී තත්ත්වයට ගොදුරු වීම පුද්ගල ප්‍රතිශක්තීකරණය මත රඳාපවතින අතර ප්‍රතිශක්තිකරණය අඩු පුද්ගලයන් මෙම වෛරසයට ඉක්මනින් ගොදුරු වීමේ සහ රෝගය උත්සන්න වීමේ වැඩි අවදානමක් පවතී. ඒ අනුව අවදානම් සහිත කණ්ඩායම් වන්නේ, විශේෂයෙන් ම ක්ෂය රෝගය ඇදුම ඇතුළු ස්වසන පද්ධතිය ආශ්‍රිත රෝග පවතින අය, දියවැඩියාව, හෘද රෝග සහ පිළිකා රෝග පවතින පිරිස් මෙන්ම කුඩා දරුවන්, ගැබිණි මව්වරුන් හා වයෝවෘද්ධ වූවන්  වේ. එමනිසා ඔවුන් තම හැකි උපරිමයෙන් සෞඛ්‍ය උපදෙස් පිළිපදිමින් රෝගයට ගොදුරු නොවී සිටීමට වගබලා ගත යුතුය

                                         

මෙම වසංගත රෝගී තත්ත්වයට ගොදුරු නොවී නීරෝගිමත් දිවියක් ගත කිරීම සඳහා එදිනෙදා ආහාරයට ගන්නා ආහාර වේල සඳහා වැඩි වශයෙන් ප්‍රතිශක්තිකරණය වර්ධනය කරන ආහාර වර්ග එකතු කර ගත යුතුවේ. ඒවා නම් කතුරුමුරුංගා, ගොටුකොළ, මුකුණුවැන්න, සාරණ, නිවිති ආදිය මෙන්ම ආහාර පිසීමේදී එකතු කළ යුතු  කුළුබඩු  වර්ග ලෙස සුදු ලූනු, රතු ලූනු, ගම්මිරිස් ,ඉඟුරු ,එනසාල් ,කරාබුනැටි වැනි දෑ භාවිතා කළ යුතුය. ඊට අමතරව පලතුරු වර්ග ලෙස දෙළුම්,නෙල්ලි, පැඟිරි කුලයේ පළතුරු දෙහි දොඩම් වැනි විටමින් සී බහුල පලතුරු ,වෙරළු, කාමරංගා ,අනෝදා, ගස්ලබු ,කොමඩු, කෙසෙල් යන පලතුරු ආහාරයට ගත යුතු වන අතර විදේශ වලින් ආනයනය කරන පලතුරු ආහාරයට ගැනීම නොකළ යුතුයි.




 


දිනක නුඹගේ හිතවතුන්ගේ පින්අනුමෝදම් සමග සාමදානයෙන් සැතපීමට භූමියක් අවශ්‍යනම් ආරක්ශක උපදෙස් පිලිපැද අද දින ප්‍රවේශම් වන්න……







38 Comments

  1. Good Introduction for
    Covid 19.

    But too much explain.

    ReplyDelete
  2. Success is not a destination, success is a journey, so go ahead.

    ReplyDelete
  3. හොද හැදින්වීමක් කරලා තියෙනවා.👍

    ReplyDelete
  4. හොද හැදින්වීමක් කරලා තියෙනවා.👍

    ReplyDelete
  5. ගොඩක් වැදගත් 👍👍

    ReplyDelete

Post a Comment

Previous Post Next Post