සියලු සත්වයෝ
ආහාරය නිසා ජීවත් වෙති. ඒ බව ‘සබ්බෙ සත්තා ආහාරට්ඨිතිකා’ යනුවෙන් දැක්වීම තුළින් බුදු දහමින් පවා
සනාථ කොට තිබේ. මිනිසාට සතා
සිවුපාවාට පවා ජීවන හුස්ම ලද මොහොතේ පටන් ජීවිතය ඉදිරියට පවත්වා ගැනීමට ආහාර බොහෝ සෙයින් වැදගත් වේ. අතීතයේ පටන් අප රට කිසිදු ආහාර හිඟයකට
මුහුණ පා නැත. ඕනෑතරම් පෝෂදායි ආහාරවලින්
අප රට සමෘද්ධිමත් වී පවතී. ප්‍රාථමික
ගෝත්‍රික යුගයේ පටන් මේ ලක් දෙරණේ සරුසාර භූමියේ එළවළු පලතුරු වර්ධනය වේ. නමුත් ක්‍රමක් ක්‍රමයෙන් ජන ජීවිතයෙන් ඈත්
වී නාගරීකරණය වීමත් සමගම මෙම ජීවන රටාවේ ආහාර පරිභෝජනය වෙනස් වී පවතී. මෙම ආහාර පරිභෝජනය වෙනස් වීමට බොහෝ සෙයින්
බලපාන ලද්දේ ගෝලීයකරණය වීමයි. 1980 දශකයේ පටන් ශ්‍රී
ලංකාව ද ගෝලීයකරණය නැමැති සංකල්පයට රටක් ලෙස ගොදුරු වන ලදී. මෙම හේතුව මුල් කොටගෙන මිනිස් පරිභෝජනය
අවිධිමත් මෙන්ම අවිචාරවත් ස්වභාවයට පත්ව තිබේ. මේ නිසා
අතීතයේ මෙන් ස්වභාවික පෝෂණයෙන් බහුල ආහාර වර්තමානය වන විට කාලයත් සමග වෙනස්
තත්ත්වයකට පත්ව කෘතිම පෝෂණයෙන් අඩු ආහාර පරිභෝජනයට සමත්ව ඇත. මෙම තත්ත්වයට හුදෙක් ම බලපානු ලබන්නේ මිනිසාගේ
අවිවේකී තරගකාරී ජීවිතය වන අතර එමගින් අවිචාරවත් වස විස සහිත ආහාර පරිභෝජනයකට අතවනනු ලබයි .
බොහොමයක් මිනිසුන් තම ජීවිතයේ පදනම බවට පත්කරගෙන ඇත්තේ
මුදල් පසුපස හඹා යෑම වේ. මේ නිසා මුදල
ප්‍රමුඛ කරගත් සමාජය තුළ මිනිසා පෝෂණ ද්‍රව්‍යවලින් පිරිපුන් ආහාර වේලක් ලබා
ගැනීමට කිසිදු ලෙසකින්වත් උත්සහා දරනු නොලබයි. කොහේ හෝ රටක නිෂ්පාදනය කර මෙරටට ආනයනය කරන
ලද විෂ ගුලියත් ආහාරයට ගෙන අවිවේකී ජීවිතයේ තරගකාරී ස්වරූප උදෑසනම ආරම්භ කරනු ලබන්නේ කෘතිම රොබෝ යන්ත්‍රයක්මෙනි.
වර්තමාන සමාජය
තුළ නිෂ්පාදනය, ප්‍රවාහනය, පරිභෝජනය යන ආර්ථිකමය තත්ත්වයන් මුල් කරගනිමින් ආහාරවලට
වස විෂ එකතු කරනු ලැබේ. බොහොමයක්
පලතුරුවලට නිෂ්පාදනයේදීම ඵලදාව විශාල කර ගැනීමට සඳහා
ශරීරයට උග්‍ර ලෙස විෂ සහිතවන බෙහෙත් වර්ග ගසට
එන්නත් කරනු ලබයි. මේ නිසා පලතුරු තුළ පවතින පෝෂණය සහිත සංඝටක
වියැකී යාමේ දරුණු ඛේදනීය තත්ත්වයකට මුහුණපා ඇත. පලතුරු ඉතාමත් ක්ෂණික ලෙස ඉදවීමට රසායනික ද්‍රව්‍ය සහිත දියර බඳුන්වල පැය ගණන් බහාලනු ලබන්නේ අනාගතයක් ගැන නොසිතන
තම ආර්ථිකමය වාසි ලබා ජීවන තත්ත්වය ඉහළ මට්ටමකට රැගෙන යාමට සිතන ව්‍යාපාරික
වෙළඳුන් වේ.
නිදසුන් ලෙස කෙසෙල් ඉදවීම සඳහා කාබයිට් දියර බඳුන්වල බහාලයි.
නමුත් අතීතයේදී මෙවැනි අනුවණ ක්‍රියාවන්වල නිරත නොවී
පොලොවෙ වලක කෙසෙල් කැන බහලා දුම් ගසනු ලබයි. එවිට කාලයත් සමග පෝෂණ සංඝටක වලට හානියක්
නොවී ස්වභාවික ලෙසටම පලතුරු ඉදිමකට ලක්වේ.
අතීතයේ පලමුවන පරාක්‍රම රජ සමයේ මෙරට පෙරදිග ධාන්‍යාගාරය
බවට පත්වන ලද්දේ කිසිදු ආකාරයකට රසායනික පොහොරක් භාවිත කොට නොවේ. නමුත් වත්මන් සමාජ කරලිය තුල එළවළු, පළතුරු නිෂ්පාදනයෙන් ලබන ආදායමට වඩා තුන්
ගුණයක ජාතික ධනය වැයකොට රසායනික පොහොර වල්නාශක, කෘමිනාශක ලංකාවට ගෙන්වනු ලබයි. ඉන් පසු මෙම
පොහොර වර්ග පොහොර සහනාධාර ලෙස ගොවි ජනයා අතරට ප්‍රචාරය කොට රටේ කුඹුරු අස්වැද්දීමට
වස විස භාවිත කරනු ලබයි. ආසනික් වැනි
විෂ සහිත රසායනික ද්‍රව්‍ය කූඨ වෙළඳුන් විසින් රට තුළට ගෙන්වා එය රට පුරා බෙදා
හැරීම සිදුකරනු ලබයි. මෙම ද්‍රව්‍ය
විදේශ රටවල් වලින් මෙරටට පැමිණෙන විට රේගුව මගින් මෙන්ම ජාතික ආරක්ෂක ආයතනයෙන්
අත්අඩංගුවට පවා ලක් වේ. නමුත් මෙම
රාජ්‍ය දෙපාර්තමේන්තුවල පවා ඇස් වසා රට තුළට මෙවැනි දේ රැගෙන ඒමට කූඨ වෙළඳුන් සමත්වී
ඇත .
වර්තමානයේ දෙමව්පියන් විසින් තම දරුවන්ට ආදරයට ගෙනැවිත් දෙනු ලබන මිදී, ඇපල්, දොඩම්, නාරං වැනි පලතුරු උග්‍ර ලෙස විෂ සහිත වූ
අතර මේවා ආනයනය කිරීමට පෙර විදෙස් රටවල් වලින් එම පලතුරු වලට හත් වරක් පමණ විෂ
එන්නත් කරනු ලබයි.
එලෙසම ජාන තාක්ෂණය මගින් නිපදවනු ලබන පලතුරු පවතී. ඒවා නම් නිදසුන් ලෙස රෙඩ් ලේඩි ලෙස හඳුන්වනු ලබන ගස්ලබු විශේෂය.
මෙම පලතුර සුපිරි වෙළඳසැල්වල දක්නට ලැබෙන අතර එය කිසිදු
ආකාරයක තැලීමකට ලක්
නොවේ. එහි කිසිදු ආකාරයක රසයක් නොමැති වුවද ජනතාව
මුදල් වියදම් කොට මෙය මිලදී ගෙන විෂ ගුලියක් ශරීරගත කරන
ගනු ලබන්නේ ජනප්‍රිය සංස්කෘතියේ පවතින අංගයන්ට ගොදුරු වෙමිනි.
මෙලෙස වස විස දොත්දරාගත් ජාතියක් වීම නිසා මුහුණපාන්නට වී ඇති බලපෑම් තෙරක් නොමැත. පිළිකා, ස්නායු රෝග, වකුගඩු රෝග, දියවැඩියාව, මී උණ, උදරාබාධ වලට මූලික හේතුව බවට පත්ව ඇත්තේ වස
විස සහිත ආහාර පරිභෝජනය වේ. මෙවැනි රෝගී
තත්ත්වවලට ගොදුරු වූ විට ඒවායෙන් ගොඩඒමට කිසිදා හැකියාවක් නැත. වස විස සහිත ආහාර බොහොමයක් කාලයක් පුරාවට
ශරීරගත වීම නිසා ශරීරයේ ප්‍රතිශක්තිකරණ පද්ධතියද බෙලහීන තත්ත්වයකට පත්ව ඇත. ජනතාව වස විස පරිභෝජනය තුළින් තමන් ද, තම පරපුර ද, රෝගීභාවයට කැඳවාගෙන යන්නේ යදම්වැලක් ලෙසිනි.
තාරුණ්‍ය රටකට
පවතින ජව සම්පන්නම කොටස වන බැවින් එය රටට මහත් නිධානයක් බදු
සම්පතකි. නමුත් වර්තමානයවන විට
මුහුණපාන්නට වන ශෝචනීයම ඉරණම වන්නේ රටේ ශ්‍රම බලකායද රෝගී තත්ත්වයට පත්වීමයි. යැපුම් තීරය ද දැඩි ලෙස රෝගී තත්ත්වයට
මුහුණපා සිටියි.
අප රට මේ පත්ව
ඇති තත්ත්වයෙන් ගොඩඒම සඳහා කළ යුතු වන්නේ මේ සඳහා පවතින්නාවූ විසඳුම් ක්‍රියාවට
නැංවීම වේ. ඒවා නම්,
- සරල අල්පේච්ඡ ජීවිතයක් ගත කිරීම.
- තමන්ට එදිනෙදා පරිභෝජනයට අවශ්‍ය කරන්නා
ලබන්නා වූ ආහාර තමා විසින්ම සකසා ගැනීම.
- කෘතීම ආහාර පරිභෝජනය වැළැක්වීම.
- කාබනික පොහොර භාවිතය හැකිතාක් දුරට ඉහළ නැංවීම.
- ප්‍රමිතියෙන් තොර පොහොර රසායනික ද්‍රව්‍ය ගොවීන්ට ලබා නොදීම.
- ආනයනය කරනු ලබන කෘමි නාශක වල් නාශක සඳහා
දැඩි නීති රීති පැනවීම.
මෙවැනි
කාර්යයක් ඉටු කිරීම තුළින් වස විසෙන් තොර ජාතියක් බවට අප පත්වනවා එය නොඅනුමානය.
🤟👍
ReplyDelete❤️👌👌
ReplyDeleteවැදගත්
ReplyDelete🤜🤜🤜🙏🙏
ReplyDeleteNiyamai
ReplyDeletegood
ReplyDeleteGreat 😘
ReplyDeleteNiyamai..👍
ReplyDeleteNiyamai..👍
ReplyDeleteFruits
ReplyDeleteවර්තමාන සමාජයට දිය යුතුම පනිවිඩයක්..❤️
ReplyDeleteGreat Work...💪
ReplyDeleteGreat 🥀
ReplyDeleteNiyamai ...
ReplyDeleteNiyamai....
ReplyDeleteNiyamaii....
ReplyDeleteGreat
ReplyDelete👌👌👌👌👌
ReplyDeleteFt ,👌
ReplyDelete❤️❤️❤️❤️❤️❤️
ReplyDeleteNiyami
ReplyDeleteElm ❤️
ReplyDeleteSuperiiii ❤️❤️❤️❤️👌
ReplyDelete💪💪💪💪💪💪💪💪
ReplyDelete👍👍👍👍👍👍👍
ReplyDelete🖐️🖐️🖐️🖐️🖐️🖐️
ReplyDeleteGreat ♥️
ReplyDelete👌♥️♥️♥️♥️
ReplyDelete❤️👍👍
ReplyDelete😘😘
ReplyDelete👍👍
ReplyDeleteGood. Hoda article ekak 👍👍
ReplyDeleteGood one 😃
ReplyDelete👌👌👍👍👍❤️😌
ReplyDelete👌 👌
ReplyDeleteනියමයි....👌👌👌
ReplyDeleteGodak wedagath meka
ReplyDelete😍❤️
ReplyDeleteNice one ❤️
ReplyDelete👍👍
ReplyDeleteGood work
ReplyDeleteBest one
ReplyDeletePost a Comment