ලෝක ඉතිහාසයේ පටන් වරින්වර මිනිසුන් බොහෝ සෙයින් පීඩාවට පත්කරන බිහිසුණු වසංගතයන්
පැමිණ තිබේ. කළු මරණයය යන නමින් හැදින්වුන මහාමාරියාව මධ්‍යතන යුගයේ මිනිස් වර්ගයා ගොදුරු කරගත් විශාලතම ව්‍යසනයයි. වර්ෂ 1346 -1353 අතර කාලයේදී යුරෝපයේ සහ ආසියාවේ මිලියන 75-
200 අතර ජන සංඛ්‍යාවක් මේ හේතුවෙන් මරණයට පත් වූ බව
වාර්තා වේ. මෙම මරණ සංඛ්‍යාව මුළු යුරෝපා
ජන ජනගහනයෙන් 60 % පමණ
බව සඳහන් කළ හැකිය.
මහාමාරියාව රෝගය ඇති වූ ආකාරය
මහාමාරියාව නම් මෙම රෝගී තත්ත්වය යර් සීනියා පෙස්ටිස් නම් කුඩා බැක්ටීරියාවක් මගින් ආසාදනය වන අතර මීයන්
මත වෙසෙන මැක්කන් විශේෂයක් උන්ගේ ප්‍රථමික වාහකයා
බවට පත්වන ලදී. මෙම මැක්කන්ට යර් සිනියා පෙස්ටිස් නම් කුඩා බැක්ටීරියාව ආසාදනය වූ විට උන්ගේ බඩවැල් එම බැක්ටීරියාව මගින්
පිරී ගියද මැක්කන්ට කිසිදු හානියක් සිදු නොවේ.
එසේ බැක්ටීරියා ආසාදිත තත්ත්වයට
පත්වූ මැක්කන් තමා වෙසෙන මීයාගෙ ශරීරයෙන් ලේ උරා බීම ආරම්භ කළ විට උන්ගේ බඩවැල් බැක්ටීරියාවෙන්
පිරී තිබීම හේතුවෙන් උරා බිව් රුධිරය රඳවා ගත නොහැකිව මැක්කන් වම්නය කිරීමත් සමගම පිටත
පරිසරයට පැමිණෙ ඉන්පසු එම බැක්ටීරියාවන් මැක්කන් ලේ උරා බීම නිසා සිදුරු වූ සිරුර තුළින් මීයාගෙ ශරීරයට ඇතුළුවී මීයන් ආසාදනය කිරීම්ට ලක් කරන
ලදී . මෙලෙස ආසාදනය වන ලද මියන් දින කිහිපයකින් මරණයට පත්වන ලදී. මීයන් මියයාමත් සමගම මැක්කන් ඊට ආදේශකයක් ලෙස
මිනිසා තෝරා ගැනීම සිදු විය. මෙලෙස
මැක්කන් මිනිස් ශරීරයේ ලේ උරා බීම මාත් සමගම ඉහත ක්‍රියාවලියම සිදුවී මෙම රෝගී තත්ත්වය
වසංගතයක් මෙන් ශීඝ්‍රයෙන් පැතිරීමට ලක් වන ලදී.
එම අවධියේ මේම රෝගයේ රෝග කාරකයන් මීයන් සහ ඔවුන්ගේ
සිරුරුවල සිටී මැක්කන් බව සොයාගෙන තිබුනත්
පසුකලෙක මේ පිළිබඳ අධ්‍යනය කළ
ඔස්ලෝ සහ ෆෙරාරා විශ්වවිද්‍යාලවල පරීක්ෂක කණ්ඩායම් පවසා සිටින ලද්දේ මිනිස්
සිරුරු වල සිටි උකුණන් සහ මැක්කන් වැනි
පරපෝෂිත සතුන්ද මෙම වසංගතයට විශාල
හේතුවක් වූ බවයි .
රෝගයේ ප්‍රධාන ප්‍රභේද හා රෝග ලක්ෂණ
මෙම රෝගී
තත්ත්වය ප්‍රධාන ප්‍රභේද කිහිපයක්
පවතී එනම්
බියුනෝනික මහාමාරියාව
නියුමෝනික මහාමාරියාව
සෙප්ටිසීමික මහාමාරියාව
බියුනෝනික මහාමාරියාාව
මෙම යර් සිනියා
නම් කුඩා බැක්ටීරියාව මිනිස්
සිරුරට ඇතුළු වී දින 2- 7 අතර කාලයක් ගතවීමත් සමගම රෝග ලක්ෂණ මතු වීම
සිදුවේ වේ මූලික අවධියේදී මෙම බැක්ටීරියාව වසා පද්ධතියට ආසාදනය වීම හේතුවෙන් ඉකිලි සහ
කිහිලි ප්‍රදේශවල සියුම් ගෙඩි ක්‍රමයෙන් විශාල වී සැරව පිරීමෙන් පසු පුපුරා යාමත්
සමඟ තුවාල බවට පත් වෙයි දිනකට පමණ පසු අධික ලෙස ලේ වමනේ යාම බියුනෝනික මහාමාරියාව
ලෙස හැඳින්විය හැකිය.
නියුමෝනික මහාමාරියාව
නියුමෝනික මහාමාරියා
රෝගයෙන් පෙලෙන පුද්ගලයෙකුගේ කෙළ බිඳිති මගින් හෝ කැස්සක් සමගින් වෙනත් පුද්ගලයෙකුට
රෝගය ආසාදනය වුවත් එම පුද්ගලයන් මත සැරව ගෙඩි
නොමැතිව දිගින් දිගටම පවතින උග්‍ර කැස්ස සමග ලේ වමනය යාම මෙලෙස හඳුන්වයි .
සෙප්ටිසීමික මහාමාරියාව
ඉහත දක්වන ලද මහාමාරියා ප්‍රභේද දෙකටම වඩා වඩාත් දරුණු වූයේ මෙම සෙප්ටිසීමික මහාමාරියාවයි මෙම රෝගය වැළඳුනු පුද්ගලයකුගේ රුධිර සංසරණ පද්ධතිය බැක්ටීරියාවෙන් පිරී පැවතීම හේතුවෙන් ඇඟිලි සහ කකුල් කළු පැහැයට හැරී පනණපිටින් සිටියදීම කුණු වී හැලීයාම වේදනාත්මක සිදුවීම්ක් විය එසේ විශාල වේදනාවක්ට මුහුණ දෙන ආසාදිත පුද්ගලයා දින කිහිපයකින් මරණයයට පත් වන විට කළු ගැසී කුණු විරූපී තත්ත්වයටකට පත්ව සිටි නිසා මෙය කළු මරණය ලෙස හැඳින්වේ.
මධ්‍යතන යුගයේ
සිටි කිසිම වෛද්‍යවරයෙකුට මෙම රෝගය පිළිබඳ අවබෝධයක් හෝ ඒ ගැන ප්‍රතිකාර කිරීම පිළිබඳ
දැනුම්ක් නොවීය මෙය බැක්ටීරියා ආසාදනයක් වුවත් එකල ප්‍රතිජීවක නිපදවා නොමැති වීම හේතුවෙන් ඉතා
ඉක්මනින් මෙම රෝගය පැතිරීමට හේතු වී ඇත .
මෙම වසා
වසංගත රෝගයේ මූල බීජබීජය උපත ලබා ඇත්තේ
චීනයේය ඉන්පසු චීනයේ සිට නෞකා 12ක් කළු මුහුද හරහා
ගොස් සිසිලි වරායට යාමත් සමග එම වෙළඳ නෞකා වල සිටින ලද මීයන් හා
මැස්සන් මගින් මෙම වසංගතය යුරෝපයේ දක්වා ව්‍යාප්ත වූ බවට මූලාශ්‍රවල
තොරතුරු සඳහන්ව පවතී
කිසියම් නිවසක පුද්ගලයෙකුට මෙම රෝගය
වැළඳුන විට එහි සිටි සෙසු වැසියන්
සිදුකරන ලද්දේ නිසැක ලෙසම මරණය උරුම කරගත්
රෝගියා නිවස තුළම අත්හැර දමා පලා යාමයි යුරෝපයේ මෙම රෝගීන් සිටින නිවෙස්වල ලොකු කුරුසියක් ඇඳ
තැබීම එකල සිරිත විය ඉතාමත් ආසන්න ලෙසින් ලං ලංව සාදා තිබූ මුඩුක්කු බඳු අපිරිසිදු
නිවාස වලින් සමන්විත වූ යුරෝපා නගරයේ මෙම රෝගය ශීඝ්‍රයෙන් පැතිරේ ගිය අතර මේම තත්වය හේතුවෙන් පුද්ගලයන් තම
ජීවිතාරක්ෂාව උදෙසා නගරවල සිට පිටිසර පළාත් වලට පැන ගිය අතර එම ප්‍රදේශවල ද මෙම
වසංගතය ශීඝ්‍ර පැතිරීමකට ලක් විය.
වසංගතය හේතුවෙන් යුරෝපයේ ඇති වූ බලපෑම
මෙම
වසංගත රෝගී තත්ත්වය යුරෝපයට විශාල වූ ආර්ථික සමාජයීය මෙන්ම ආගමික
යන විවිධ
පැතිකඩයන් ඔස්සේ බලපෑම්කාරී ස්වභාවයක් ඇති කරනු ලැබීය. වස්ර හතරක්
පුරාවට අකර්මණ්‍ය වූ යුරෝපය යළි නැගී සිටීමට යම් කාල කාලසීමාවක් ගතවිය. මෙම වසංගත තත්වය හේතුවෙන් වැන්දඹුවන් විශාල පිරිසක්
මෙන්ම අනාථ දරුවන් බොහොමයක් යුරෝපා සමාජය තුළ ඉතිරි විය මෙලෙස ඉතිරි වු ධනවත් දරුවන් වැන්දඹුවන් විවාහ
කර ගැනීමත් සමගම දරුණු සාමාජීය ප්‍රශ්න හට
ගැනීම සිදු වවිය එසේම වසංගත රෝගයේන් අනතුරුව යුරෝපය තුල අශිෂ්ටත්වය මෙන්ම ප්‍රචණ්ඩක්‍රියා
ඉහළ යාමක් දක්නට ලැබුණු අතර එය විශාල සමාජ පරිහානියට හේතු විය. වසංගතය පැවති කාල
සීමාව තුළ භාණ්ඩ නිෂ්පාදනය පහත වැටීම
නිසා ආර්ථික අර්බු පවා ඇතිවිය මේ ආකාරයට උග්‍ර සමාජ ආර්ථික ආගමික ප්‍රශ්න රැසක්
යුරෝපය තුළ වසංගතයක් සමඟ ඇතිවිය. විවිධ කාලවකවානුවල මෙම මහාමාරියාව තත්ත්වය හිස
එසවීම දක්නට ලැබුණු අතර තවමත් එතරම් ප්‍රබල ආකාරයකට නැති වුවද තවමත් ලෝකයෙන් තුරන් වී නොමැත
👌👌👌
ReplyDelete👍👍👍
ReplyDeleteGreat ❤️
ReplyDeleteGreat 💓🥂
ReplyDelete❤❤
ReplyDeleteGood article 👍
ReplyDeleteGood article
ReplyDelete👍👍
ReplyDeleteSuper...🤗
ReplyDeleteGreat work
ReplyDeleteOh 😯😯. Valuable information 🖤
ReplyDeleteThat's great 👍👍
ReplyDelete👍👍👍
ReplyDelete👍👍
ReplyDelete❤️❤️❤️
ReplyDelete👍
ReplyDeleteSuperb
ReplyDeletePost a Comment