රන් කෙන්දෙන් බැඳ අතැඟිලි එක්කළ ආදරයයි ..

 රන් කෙන්දෙන් බැඳ අතැඟිලි එක්කළ ආදරයයි ......

පෙම් රැහැනින් බැඳ සිතුම් වසඟ කළ ආදරේ .....


මං වගේ ඔයාලා කීපවතාවක් මේගීතය රස විඳලා ඇති  නන්දා මාලනිය නම් අසහය ගායිකාව  විසින් ගායනා කරන මෙම ගීතය හිත් පතුලේ කාවැදිලා දහස් වතාවක් රසවින්දා රසාස්වාදය නම් කවම කවදාවත් අඩුවෙන් නෑ කියලා හොඳටම විශ්වාසයි හැබැයි බැලූ බැල්මට නම් මේක වීරාහ ගීතයක් වගේ ඇත්ත විරහ ගීතයක් තමයි .ඒත් ඒක ඇතුලේ ඇතුළෙ බැඳිච්ච අපට නොපෙනෙන සිතුවිලි කොතරම් නම් අපූරුද?

 

 අසම්මත ආදර බැඳීමක් ගැන තරුණ තරුණියගේ සිතුවිලි එක් කරපු ගීතයක් මේක තව විදියකට කිව්වොත් අනියම් ප්‍රේමයක් ගැන කියවෙන ගීතයක් 

"රන් කෙන්දෙන් බැඳ අතැඟිලි එක්කළ ආදරයයි 

"පෙම් රැහැනින් බැඳ සිතුම් වසඟ කළ කළ ආදරයයි ...."

"කිරිලිය සේ දුර පියා සලාලා අත්තටු රිදුනා පමණයි ..

"දෑල විදාහළ විදාහල දෑත මගේ ඔබටත් ඔහුටත් උරුමයි.....

   

  රන් කෙන්ද රත්තරන් ඉතින් කොහොමත් වටිනවා නේ නීත්‍යානුකූලව දෙමව්පියන් නෑදෑ හිතවතුන් සියලු දෙනාගේ ආශිර්වාදය මැද එක් වූ ආදරය හැබැයි එක ආදරයක් නෙමේ බලහත්කාරයෙන් එක් කල ආදරයක් හැබැයි මේ තරුණියගේ සිත වසඟ කරපු එක ආදරයක් තියෙනවා ඒ තමයි ඔහු ආදරය කරන ඔහුගේ නීත්‍යානුකූල නොවන අනික් පුරුෂයා හැබැයි ඉතින් ඒ ආදරේ එයාලා අතරේ ඇති වුණේ කොහොමද කියලා කියන්න බෑ මොකද මේ රන්  කෙන්දෙන් අතැගිලි එක් කරන්න කලින් ඇය හා ඔහු අතර මේ ආදරේ කාලයක් තිස්සේ තියෙන ඇති ඒත් ඉතිං  මොනයම් හෝ හේතුවක් නිසා ඇයට ඔහුව රන් කෙන්දෙන් බැඳ අතැගිලි එක් කර ගන්න බැරි වෙන්න  ඒත් මේ ආදරේ රන් කෙන්දෙන් බැඳ අතැඟිලි එක්කර ආදරයයි පසුවත් ඒ විදිහට ම තියෙනවා නේද ඒ නිසා ඇය දෙලොවක අතරමං වෙලා "කිරිලිය සේ දුර පියා සලාලා අත්තටු රිදුනා පමණයි"මේ කියන්නේ ඇයට මේ තරුණියට නීත්‍යානුකූල  ස්වාමියා ලැබෙන්න කලින් ඇය ඔහුගේ ආදරවන්තයා සමග ආදර ලෝකේ හැම තැන ම ඉගිලිලා හැබැයි ඔවුන් දෙදෙනා කොච්චර ආදරේ හිටියත් ඔවුන්ට කියලා ඒ ලෝකයේ එනම් මේ ලෝකයේ නිවහනක් තනාගන්න බැරි වෙලා.ඒ නිසා ඇයගේ හිත හොඳටම රිදුනා විතරයි ආදරේ කරල  ඇයට ඉතුරු උනේ කනගාටු කනස්සල්ල හා දුක පමණයි .ඒ නිසා ඇයව දැන් නීතියෙන් ස්වාමියාට හදවතින් ආදරවන්තයාට හිමි.

 

   "හිරු සඳු එකවර දෙපස නැගේ 

    කලුවර ඇයි විජිතයම මගේ ......."

     

ඇය පත්වෙලා තියෙන්නේ සෝචනීය තත්වය මෙතනදි හොඳින් ම තේරුම් ගන්න පුළුවන් ටිකක් ඔයාලා හිතන්න එක සැරීම මේ ලෝකෙට හිරුයි සඳුයි එකවරම නැගුණෝත්  මේ ලෝකෙ කලුවර වෙයිද හැබැයි එහෙම කළුවර වෙනවා නේ  අපිට එතකොට  සූර්යග්‍රහණය තියෙයි රෑට සඳු මේ ලෝකේ එළිය කරාට දවල්ට හිරු මේ ලෝකයේ  ආලෝකය  කරන්නට දෙකම එක සැරේ මේ ලෝකෙට නැඟුණු දවසට අඳුරු වෙනවා ...

මේ තරුණියට ඇය ගේ නීත්‍යානුකූල සැමියාගේ ආදරය ද ඇය ආදරය කරන අනියම් පෙම්වතාගේ ආදරය යන දෙකම ලැබුණට මේ තරුණිය ඉන්නේ දෙගිඩියාවෙන් ඒ වගේ ම ඇය ට කාගෙවත් ආදරයක් දැනේ නැහැ ඒක නිසා තමයි මෙ තරුණයකි ලෝකය අඳුරු වෙලා තියෙන්නේ ඇය මේ දෙන්නගෙන් කාට සමු දෙන්න ද  කියලා හිතනවා දෙලොවක අතරමං වෙලා ලෝකයම අඳුරු වෙලා මෙහෙම තමයි අනියම්  සම්බන්ධතා පවත්වන ගොඩක් අයගේ ලෝකය .හැබැයි ඉතින් අනියම් ප්‍රේමයක් නැති කෙනෙක් අද කාලේ හොයාගන්න ගොඩක් අමාරුයි ඒක හරියට විය සිදුරෙන් අහස බලනවා වගේ වැඩක් .හැබැයි ඉතින් මේ හැමෝම එහෙම නෑ .


    "කුණාටු සුළගේ දුහුල් මලකි අද 

      වල්මත් වී පාවී පාවී එන්නේ ....."

     ඔහුගෙන් දෝ  ඔබගෙන් දෝ 

    මා හෙට දින සමු ගන්නේ ......

 

දුහුල් මල කියලා මෙතැන කියන්නේ සැහැල්ලුවෙන්  සැහැල්ලු කිව්වට මෙතන කියන්නේ තීරණයක් ගන්න බැරිකම දුහුල් මලක් ගොඩක්ම සැහැල්ලු සෞම්‍යයි නේ ඒ සැහැල්ලු මල සාමාන්‍ය සුළඟක පා වුනොතණොත් ඒක හරි අපූරුවට කාගෙන්වත් කරදරයක් නැතුව ඒ කියන්නේ මෙය බාධාවක් නැතුව ඔහේ පාවෙලා යයි හැබැයි කුණාටුවකට වගේ ඒ සැහැල්ලු මල පාවෙන ගත්තොත් මොන වගේ බාධකයට ඒ සැහැල්ලු දුහුල් මල් ට අත්විඳිමින් ලැබෙයිද  හිතන්න පුළුවන් ඒ මේ අත පාවෙ නම් ගහ කොළ වල හැපෙනවා ගල් මුල්වල හැපෙනවා විටෙක පොළොවට වැටෙනවා ආයෙමත් නැගෙනවා. යන අතරේ මහා වර්ෂාවකට අහුවෙනවා දියේ ගිලෙනවා නොපෙනී යනවා දුහුල් මල් කුණාටුවට වුණත් කොච්චර නම් දුක් කම්කොටු වලට මුහුණ දෙන්න වෙයිද ඒ වගේ තමයි ඇයට තීරණයක් ගන්න බැරීව එහේ මෙහේ පාවෙනවා හැබැයි ඒ සැහැල්ලුව නෙවෙයි මහා කුණාටුවකට මැද මේ තරුණියට සිදු වෙනවා හෙට දිනය තීරණයක් ගන්න  කවුරුන් හෝ එක් අයෙක් තෝර ගන්න එහෙම නොවුණොත් ඇයට කුණාටුවට මැදි වෙච්ච  දුහුල් මල ට වෙච්ච දේ තමයි වෙන්නේ 

           අද සමාජයේ මේ අනියම් සම්බන්ධතා නිසා විනාස වෙච්චි ජීවිත කොච්චර ද ?ආදරේ තියෙන්නේ  විඳින්න හැබැයි ඉතින් ඒ ආදරය  විඳ විදවිමකින් අවසන් විය යුතු නැහැ 

 

 


9 Comments

Post a Comment

Previous Post Next Post