වර්තමාන සමාජය තුළ සිව්වන බලවේගය ලෙසට
ක්‍රියා කරනු ලබන්නේ ජනමාධ්‍යයි. එහි වු අතිශය ප්‍රබලතම මාධ්‍යකි ගුවන්
විදුලි මාධ්‍ය. ශ්‍රව්‍ය මාධ්‍ය මගින් පමණක් ජනතාව අතරට සමිප වන මෙම
ගුවන් ව්දුලි මාධ්‍ය ශ්‍රවණය කරන
විවිධාකාරයේ ශ්‍රවකයන් සිටි එනම් උගත් නුගත් ව්ධිමත් අධ්‍යාපනය ලද නොලද ග්‍රමීය
නාගරික ආදි වශයෙනි. එහිදි මෙම ශ්‍රවකයන් තොරතුරැ ග්‍රහණය
කරගනු ලබන්නෙ නිමේෂයකින් ඇසී නැසී යන
ගුවන් විදුලි ප්‍රකාශන වටහා ගැනිමෙනි. එබැවින් මෙම මාධ්‍ය මගින් ප්‍රකාශනය ඉදිරිපත්
කිරිමේ රටාව අනෙකුත් මාධ්‍ය භාෂා ව්‍යවහාරයන්ට වඩා අමුතු මගක් ගත යුතුය.
ගුවන් විදුලි මාධ්‍යයටම අනන්‍ය වු භාෂා
භාවිත ලක්ෂණයන් කිහිපයකි . එනම් ,
සරල භාෂා භාවිතය
ගුවන්විදුලි ශ්‍රාවකයන් හඬ ඔස්සේ ඇසීම
හරහා පමණක් තොරතුරු ග්‍රහණය කරගත යුතු බැවින් ඉක්මනින් ග්‍රාහක සංජානනයට ලක් වන
ආකාරයේ සරල භාෂාවක් බව භාවිතා කළ යුතුය. එහිදී අවධානයට ගත් යුතු තවත් කරුණක් වන්නේ
ඉතා කෙටි කාලයක් පමණක් මනසේ රැඳෙන බවයි. එබැවින් ඇසෙන දේ මනසේ රැඳෙන කෙටි කාලය
තුළ එය ක්ෂණිකව අවබෝධ කරගත යුතුය. මෙහිදී
භාවිත කරනු ලබන භාෂාව සරල කිරීම සඳහා විදග්ධ පද භාවිතයකින් තොරව සාමාන්‍ය භාවිතයේ
පවතින වචන භාවිත හැකි අතර වැඩි වශයෙන් අරුත් සහිත වචන භාවිත නොකර අර්ථය ක්ෂණයෙන්
වැටහෙන ආකාරයේ වචන භාවිත කළ යුතුය.
ශ්‍රාවකයාගේ පරිකල්පනයට යෝග්‍ය වන
භාෂාවක් භාවිතය
පරිකල්පනය යනු මනසේ චිත්ත රූප මවා
ගැනීමයි. ගුවන් විදුලියෙහි රූප නොමැතිව හඬ පමණක් පැවතීම හේතුවෙන් අසන දෙයට අදාළව
මනසේ චිත්ත රූප මවා ගෙන එය අවබෝධ කර ගැනීම සිදුවෙයි. මේ නිසා ගුවන්විදුලි නිවේදකයා
ග්‍රහක මනසේ මනෝ රූප මැවෙන ආකාරයට චතුර ලෙස භාෂාව හැසිරවිය යුතුය. තමන්
විස්තරාත්මකව දකින දෙය කථන ශෙලියට නැගීමට ගුවන්විදුලි නිවේදක ශිල්පියා දක්ෂ විය
යුතුය.
නිදසුනක් ලෙස පෙරහැරක් ක්‍රිකට් තරගයක් මෙලෙස පරිකල්පනීය
භාෂාව ඔස්සේ වාක්‍ය ග්‍රහකයා වෙත ඉදිරිපත් කළ හැක .
එවිට ගුවන් විදුලිය තුළ රූප දක්නට
නොලැබුණද ග්‍රාහක මනස තුළ මෙම තරගය හෝ පෙරහැර දුටුවා වැනි ආකාරය හැඟීමක් ඇතිවේ .
පිළිගත් පොදු ව්‍යවහාර භාෂාවක් භාවිතය
ගුවන් විදුලිය යනු බහුජන මාධ්‍යකි ඒ මගින් බොහෝ දෙනෙක් වෙත සංදේශ නිරාවරණය වන අතර
ඒ සියලු දෙනාටම භාෂාව මැනවින් තේරුම් ගැනීම සඳහා සම්මත කර කරගත් පොදුජන භාවිතයේ
පවතින භාෂාවක් යොදා ගත යුතුය මෙහිදී උප භාෂාත්මක වචන යෙදුම් ආදිය භාවිතයෙන් වැලකිය
යුතුය
විවිධ වැඩසටහන් වලට අනුව ආවේනික භාෂාවක් භාවිතය
ගුවන් විදුලිය තුළ ප්‍රවෘත්ති විනෝදාත්මක ආගමික ක්‍රීඩා ආදී වැඩසටහන් ආකෘති
ගණනාවකින් විකාශය වේ. මෙම ආකෘති වලට අදාළව
යොදා ගත යුතු භාෂාව එකිනෙකට වෙනස්ය. එම වැඩසටහන් වල ගුණාත්මකභාවය ආරක්ෂා කර
ගැනීම සඳහාත්, සියලු වැඩසටහන් විකාශය කරනු ලබන්නේ
හඬ මඟින් නිසාත් එකිනෙකට වෙනස් හඬ ස්වරූප භාවිත කළ යුතුය.
නිදසුන් ලෙස ක්‍රීඩා
වැඩසටහන් උද්වේගකර ලෙසත්
ආගමික
වැඩසටහන් මනා සංවරශීලී ලෙසත්
විකට වැඩ සටහන් විනෝදය මැවෙන ලෙසත් නිර්මාණශීලීව භාෂාව
භාවිත කළ යුතුයි.
මේ ආකාරයට ගුවන් විදුලි මාධ්‍යයට අනන්‍ය වූ භාෂා භාවිත ලක්ෂණයන් පිළිබඳ තතු
ගෙනහැර දැක්විය හැක.
👌
ReplyDeleteකාලීන වැදගත් ලිපියක්
ReplyDeleteVeleuble
ReplyDeleteGood
ReplyDeleteSuper 👍
ReplyDeleteGreat❤️
ReplyDeleteGreat 💛🥂
ReplyDeleteGood💜️💜️💜️
ReplyDeleteGood article 👍
ReplyDeletePost a Comment