සාහිත්‍යයේ සරත්සඳ එදිරිවීර සරච්චන්ද්‍රයන්

                                             


ජීවන තතු


ජිවිතය නම් වියා හමාර කළ නොහැකි තැනින් තැන ඉරී ගිය පත්තිරුවකට සමානය ලේඛකයෙක්, කවියෙක්, නාට්‍ය රචකයෙක්, විචාරකයෙක් වූ සාහිත්‍ය ලොවේ සරත්සඳ එදිරිවීර සරච්චන්ද්‍රයන් මෙසේ ජීවිතය නම් මේ යැයි ඔහුගේ ගද්‍ය ,පද්‍ය, නාට්‍ය තුළ මැනැවින් ප්‍රත්‍යක්ෂ කළෝය. එවන් වූ අගනා නිර්මාණයන්ගේ නිර්මාපකයා මෙලොව එළිය දුටුවේ 1914  ජුනි මාසයේ 03  වැනිදා ගාල්ල රත්ගම ග්‍රාමයෙදීය. චාල්ස් ෆැන්සිස් ද සිල්වා හා ජින්තෝ මොරගොඩ යන දෙපළට දාව එදිරිවීර සරච්චන්ද්‍රයන්  දැරුවන් තිදෙනෙකුගෙන් යුත් පවුලේ  වැඩිමහල් සහ එකම පිරිමි දරුවා විය. පියා තැපැල් ස්ථානාධිපතිවරයෙකු වූ අතර මව ගුරුවරියක ලෙස සේවය කරන ලදී. දෙමාපියන් මෙතුමාට තැබූ නම වූයේ රෙජිනෝල්ඩ් ද සිල්වා යන්නය. කෙසේ වුවත් ඔහු පසු කලෙක සිය දෙමාපියන් තැබු පෘතුගීසි නම බැදි තන්ත්‍රිගේ එදිරිවීර රාජිත සරච්චන්ද්‍ර යන නමින් වෙනස් කර ගත්තේය.

  

ගාල්ලේ රිච්මන්ඩ් විදුහල, පානදුරේ ශාන්ත ජෝන් විදුහල සහ ශාන්ත ඇලෝසියස් විදුහල, ගල්කිස්සේ ශාන්ත තෝමස් විදුහල යන පාසල් වලින් තම අධ්‍යාපනය හැදෑරූ ඔහු ඉංග්‍රීසි සහ විද්‍යා විෂයන්ගෙන් ලන්ඩන් මැට්‍රිකියුලේෂන් විභාගය සමත් විය.   ඊට අමතරව පාසල් අවධියේ දී ග්‍රීක ලතින් යන භාෂාවන් අධ්‍යයනය කිරීමට නැඹුරුව සිටින ලදී.  1933 වර්ෂයේදී  කොළඹ යුනිවසිටි කොලීජියට ඇතුළු වූ අතර හෙතෙම එහිදී පාලි සංස්කෘත සහ සිංහල යන භාෂාවන් හදාරා 1936  වර්ෂයේදී පළමු උපාධිය සමත් වූයේ ප්‍රථම පන්ති සාමාර්ථයක් ද සමගිනි.

 

එතුමාගේ රැකියා හා පශ්චාත් උපාධි


අධ්‍යාපනික කටයුතු අවසන් කිරීමෙන් අනතුරුව රැකියා  ක්ෂේත්‍රයට  පා තැබූ මෙතුමා තමා සතු වූ දැනුම්සම්භාරය සමගින් කොළඹ ශාන්ත පීතර  විද්‍යාලයේ ගුරුවරයෙකු වශයෙන් තම උපන් දේශයට සේවය කිරීමට අත්පොත් තබන ලදී. ලේඛන සාහිත්‍යයට තමා සතු ශක්‍යතාව හේතුවෙන් වර්ෂ 1939  ලේක්හවුස් ආයතනයේට බැඳුණි. මෙහිදී අයිරින්  බ්ලෙත් නම් තරුණිය සමඟ විවාහ වූ මෙතුමා භාරතීය සංගීත ක්ෂේත්‍රයට ඔහු තුළ වු නොනිත් ආශාව හේතුවෙන් ඒ පිළිබඳ අධ්‍යයනය කිරීමට ඉන්දියාවේ  ශාන්ති නිකේතනය බලා පිටත් විය. එහිදී සිය අරමුණු මුදුන්පත් කරගත් හෙතෙම නැවත ලංකාවට පැමිණ ශාන්ත තෝමස් විද්‍යාලයේ ගුරුවරයෙකු වශයෙන් සේවය කළේය. පසුව විශ්වවිද්‍යාල කථිකාචාර්යවරයෙකු ලෙස සේවයට බැඳෙන ලදී.

 

මෙතුමා විසින් රචනා කරන ලද  ප්‍රථම කෘතිය  මුද්‍රණ කටයුතු සිදු වන ලද්දේ මේ සමයේදීය. 1941 වර්ෂයේ දී භාරතීය ර්ශනය පිළිබඳ ශාස්ත්‍රපති උපාධිය ලබා ගත් අතර 1942  වර්ෂයේ දී සිංහල ශබ්ද කෝෂයේ උප කර්තෘ ධූරයට පත්වීම සිදුවිය. 1944 කොළඹ විශ්ව විද්‍යාල ආයතනයේ පාලි අංශයේ කථිකාචාර්යධුරයට පත් වූ මෙතුමා 1944 -1949 කාලය තුළ එංගලන්තයේ ලන්ඩන් ශ්වවිද්‍යාලයට ඇතුළත්ව බටහිර දර්ශනය පිළිබඳ ශාස්ත්‍රපති උපාධිය ලබා ගන්නා ලදී . 1952  ලංකා විශ්ව විද්‍යාලයේ ආචාර්ය  මණ්ඩලයට පත්වීම හා නූතන සිංහල පිළිබඳ මහාචාර්ය ධූරයට පත්වීම සිදුවිය.  මේ ආකාරයට  රැකියා ක්ෂේත්‍රෙය් ඉමහත් සේවයක් කළ මෙම ප්‍රඥයා පශ්චාත් උපාධි සම්මාන රැසක් ලබා ගැනීමට සමත් විය.

 

ජාතික හා අන්තර්ජාතික වශයෙන් ලැබූ සම්මාන සහ ගෞරව උපාධි

 

  • 1972 -   ස්වීඩනයේ නොබෙල්  ත්‍යාගය පිළිබඳව විශේෂ මණ්ඩලය විසින් සාහිත්‍ය පිළිබඳ නොබෙල් ත්‍යාගයට සුදුස්සන් පත් කිරිමේ කොමිටියට පත්වූ ප්‍රථම ශ්‍රී ලාංකිකයා වීම.
  • 1982 - යාපනය, පේරාදෙණිය යන විශ්වවිද්‍යාලවලින් ඩිලීට් සම්මාන හිමිවීම.
  • 1982 -   ශ්‍රි ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ ඩිලීට් සම්මානය හිමිවීම  හා සම්මාන මහාචාර්ය පදවිය පිරිනැමීම.
  • 1983 - කුමාරන් අසෝන් වීශ්ව  සම්මානය ලැබීම.
  • 1983 - පිලිපීනයේ   මැග්සේස් සම්මානය ලැබිම.
  • 1993 - පේරාදෙණි විශ්ව විද්‍යාලයේ කුලපති ධුරයට පත්විම.
  • 1996 - ජපන් රජයේ ස්වර්ණමය සම්මානය ලැබිම.

 

 

කලා සාහිත සේවය





බෞද්ධ දර්ශනය පිළිබඳ පර්යේෂණාත්මක කෘතියක් සම්පාදනය කරමින් ශාස්ත්රීය ලෝකයට අවතීර්ණය වන එදිරිවීර සරච්චන්ද්රයන් සිංහල සාහිත් ක්ෂේත්රයට ප්රවිෂ්ට වනුයේ ඉංග්රිසි භාෂාවෙන් නූතන සිංහල සාහිත් විචාරයට ලක්කරමින් පළ කෙරුණු කෘතියකිනි. එයට සමගාමීව භාවිත විචාරය හා පෙරදිග රසාස්වාදය මත පද පදනම්ව සිංහල ප්රායෝගික විචාර න්යායක් හා විචාරය සම්බන්ධ පාරිභාෂික පද මාලාවක් ස්ථාපනය කරමින් සාහිත්යය විද්යාවද පූර්වෝක්ත  ඉංග්රීසි කෘතියේ විස්තාරිත සිංහල පරිවර්තනය ලෙස සිංහල  නවකතා ඉතිහාසය හා විචාරයද  පළ කළ සරච්චන්ද්රයන් නිර්මාණාත්මක සාහිත් ක්ෂේත්රයට ප්රවිෂ්ට වනුයේ නාට් රචකයෙකු වශයෙනි

1950 සිට 1967 දක්වා කාලය තුළ නාට්  කෘති 21 ක් රචනාකර නිෂ්පාදනය  කළේය. මෙතුමා  නිෂ්පාදනය කරන ලද නාට්යයන් ගම් දනව් කරා ගෙන ගොස් රංග ගත වූ අතර එමඟින් විශ්වවිද්යාල හා සමාන රසික රසිකාවියන් අතර ප්රශස්ත මට්ටමේ  සම්බන්ධකම්  ගොඩනඟා ගන්නා ලදී. සරච්චන්ද්රයන්ග‍ේ පළමු ස්වතන්ත් නාට්‍ය නිර්මාණය වූයේ 1954  බිහිවූ බහිනකල් කලාව නාට්යයයි.

  • 1952- පබාවතී
  • 1954 - රත්තරන්
  • 1955 - වඳින්න ගිය දේවාලේ
  • 1956 -  මනමේ
  • 1960 -  හස්තකාන්ත මන්තරේ
  • 1960 - එලොව ගිහින් මෙලොව ආවා
  •  1960 -  කදා වළලු
  • 1962 - සිංහබාහු
  • 1967 -  මහාසාර
  • 1980 - ප්‍රේමතෝ ජායතී සෝකෝ

 



සිංහබාහු මනමේ වැනි නාට්‍ය තුළින් සරච්චන්ද්‍ර  නැමැති ගීත රචක කවියාව ඉස්මතු වී දක්නට ලැබෙන අතරම සිංහබාහු නාට්‍ය මගින් සිංහයාගේ විලාශය ප්‍රෙක්ෂක සිත් කම්පා කිරීමට පවා සමත් වේ.  එතුමාගේ ස්වකීය නාට්‍ය හා නවකතා  සම්බන්ධයෙන් විමර්ශනය කරන විට අනාවරණය වන්නේ පුද්ගල ‍ධ්‍යාත්මය විවරණය කොට දක්වා ඇති බවයි.

 එදිරිවීර සරච්චන්ද්රයන් නවකතා සාහිත්‍ය ක්ෂෙත්‍රයට අත්පොත් තැබුවේ වර්ෂ 1959  මළගිය ඇත්තෝ නවකතාව කෘතිය මගිනි. 



ඊට අමතරව එතුමා රචනා කරන ලද කෘතීන් වන්නේ

 

  • 1962 -  වල්මත් වී හසරක් නොදිටිමි
  • 1965 - මලවුන්ගේ අවුරුද්දු දා
  • 1971 -  ලොකු පුතා නොහොත් බන්දුලගේ පරාවර්තනය
  • 1975 -  හෙට එච්චර කළුවර නෑ
  • 1988  - විලාසිනියකගේ  ප්‍රේමය
  • 1978 -  Curfew and Full Moon
  • 1986 - With the Begging Bowl
  • 1987 - Foam Upon the Stream



 සාහිත්‍ය ක්ෂෙත්‍රයට මෙතුමාගෙන් සිදු වූ අනගි මෙහෙවර පිළිබඳ  විමසන විට එතුමා කෙටිකතා සාහිත්‍යකරණයට  එක් වන්නේ 1969  කාලයේ ඇවෑමෙන් කෙටිකතා සංග්‍රහය මගිනි.

  • 1974 - මායා රූප
  •  1984 -  රූප  සුන්දරී
  • 1993 - මීඩියා ගෘහණිය හා උපාසිකාව
  • 1970 -  of a Queen and a Courtesan
  • 1981-  The Death of his Oldest Friend

 

මෙතුමා රචිත මුළු කෙටි කෙටිකතා සංග්‍රහයන් ගණන හතරකි. ඒවා විමර්ශනය කරන විට පැහැදිලි වන්නේ මානව සම්බන්ධතාවන් වල පුළුල් බව මෙන්ම සමාජ මට්ටම් නාගරික හා අර්ධ නාගරික පහළ මධ්‍ය ප්‍රන්තික ජිවන අත්දැකීම් ප්‍රති  නිර්මාණය කිරීමක් දක්නට ලැබේ .  

 

 

 

 

 

 

 

 

 

 

 

 

9 Comments

Post a Comment

Previous Post Next Post