පුවත්පත් තිරුලිපි කලාව


 ජනමාධ්‍ය ක්‍රියාවලිය තුළ සෙසු ජනමාධ්‍ය අභිබවමින් ඉදිරියට දිවෙන්නා වු සුවිශේෂී අපුරු මාධ්‍යය මෙව‍ළමක් ලෙස පුවත්පත් මාධ්‍යය හැඳින්විය හැකිය. වර්තමාන පුවත්පත් කලාවේ සීමා බන්ධනයන් පමණක් නොව ඒ හා සබැදි රිතින්ද අතික්‍රමණය කරමින් ඉදිරියට  යන මෙම තීරු ලිපි කලාව කෙබදුද යන්න විමසිමට ලක් කර බලන කල තීරු  ලිපි රචකයා වනාහි අතිශය නිර්මානශිලි පුද්ගලයෙකි මේ පිළිබද  අදහස් දක්වමින් ප්‍රවීණ ලේඛක දිවයින පුවත් පතේහි කතෘ ගාමිණි සුමනසේකර මහතා සදහන් කරන්නේ

“ තීරු ලිපි රචකයා අසාමාන්‍ය ප්‍රතිභාවකින් හෙබි ලේඛකයෙකු බවත් භාෂාව පිළිබදව මනා අවබෝධයක් ඇත්තෙක් බවත්ය

මාධ්‍ය ක්ෂෙත්‍රය තුළ තිරු ලිපි යන්න සාමාන්‍යයෙන් හැදින්වෙන්නේ column  නමිනි  තිරු ලිපිය ද කිසියම් තේමාවක් යටතේ ලියැවේ. මේ තේමාව සකස් වන්නේ සමකාලීන සමාජයේ දැඩි අවධානයට පාත්‍ර වන සිදුවීමක් හෝ ආකර්ෂණීය පුවතක් ආශ්‍රයෙනි.     

 

 තීරු ලිපියේ විශේෂ ලක්ෂණ ලෙස

·         බොහෝ විට තීරු ලිපි ලියන රචකයාගේ නම අන්වර්ථ ය.

·         බොහෝ විට තීරු ලිපිය පත්‍රයක පලවන්නේ නිරතුරුවම පලවන නිශ්චිත වූ එකම පිටුවක එකම ස්ථානයකය.

·         වැදගත්ම කරුණ වන්නේ තීරු ලිපි රචකයා භාවිතා කරන වයක්ත භාෂාවය.

 

තීරු ලිපි සඳහා සුවිශේෂි භාෂා රටාවක් තිබිය යුතු අතර එම වචන භාවිතා කිරීමට සිදුවන්නේ ඉතා අරපරිස්සමිනි. එකදු වචනයක් හෝ අපතේ නොයවා උපරිම මෙහෙය ලැබෙන පරිදි භාෂාව භාවිතා කළ යුතුය.   


තිරු ලිපි වර්ග කිහිපයකි

·         පාඨක සේවා තීරු ලිපි

·         හුවමාරු  තීරු ලිපි

·         සංක්ෂිප්ත  තීරු ලිපි

·         නාම  තීරු ලිපි

·         තොරතුරු   තීරු ලිපි

 

මෙය පුවත් පත් කලාව තුළ විශේෂිත අංගයක් වනවා පමණක් නොව තීරු ලිපි රචනය පිළිබඳවම වෙන් වූ රචකයින් ද බිහි වී සිටී. ශ්‍රී ලංකාවේ පුවත්පත් ලෝකය තුළ දයාසේන ගුණසිංහගේ "රයිගම් රාළ", "උකුස්සා", සුන්දර නිහතමානි ද මැල්ගේ "මානිගේ තීරුව", තිඹිරියාගම බණ්ඩාරගේ "බණ්ඩාගේ වාක්‍යය", කරුණාදාස සූරිය ආරච්චිගේ "කසුරිගේ කොලම", විමලනාත් වීරරත්නගේ "විමලෙ ගේ කොලම" මෑත භාගයේ කතාබහට ලක්වූ තීරු ලිපි කිහිපයකි

  මෙම තීරුලිපි ලේඛන ක‍්‍රමයේ දී උපන්‍යාස උපදේශය උපමා සංකේත භාවිතය හෙවත් කිසියම් සංකල්පයක් වක්‍රෝක්තියෙන් හෝ සංසන්දනාත්මකව හෝ ඉදිරිපත් කිරීම. ආප්තෝපදේශ පිරුඵ වර්ණනා දෙබස්  නාට්‍යාංග කාව්‍යයෝක්ති උද්ධෘත පාඨ ගාථා ගීතිකා ශ්ලෝක යන සියල්ලම භාවිතා කෙරේ. ඒවායෙහි ජීවමය ගුණය බලපෑම සදහා සංදේශයට බලයක් ලැබෙනුයේ ඒ මගිනි. තීරුලිපියටත් යම් සමාජ දේශපාලන ආගමික සංස්කෘතික මතවාදයක් ගොඩ නැගීමටත් ඒවා ආධ්‍යාගාරයෙන් යුතුව ප‍්‍රකාශ කිරීමෙන් ජීවයක් ඇත. එසේ ම එකී සංදේශය පැහැදිලිවත් නිරවුල්වත් ග‍්‍රාහකයා වෙත ලබා දීමේ අපුර්වත්වය සිදුකරනුයේ නිර්මාණාත්මක ලේඛන ක‍්‍රමය විසින් ය. එහි ඇති සංවේදී බව හා තියුණු බව ග‍්‍රහකයාට බලපෑමක් කිරීමට හේතු වේ. එහි ප‍්‍රධාන මෙවලම භාෂාව නිර්මාණාත්මකව තම කාර්යය කෙරෙහි යොදවා ගන්නා අයුරු මත රදා පවතී. එබැවින් තීරු ලිපි විශේෂාංග ලේඛනයේ දී නිර්මාණාත්මක හැකියාව ප‍්‍රබල සාධකයකි.තීරු ලිපියක තවත් ලක්‍ෂණයකි සංක්‍ෂිප්ත බව. .

  වත්මන් සමාජය තුල සිව්වෙනි බලවේගය ලෙස සැලකෙන මාධ්‍යකරනය තුල සමාජ සංශෝධනයන් වෙනුවෙන් ප්‍රබල බලපෑමක් කල හැකි තීරු ලිපියෙහි අරමුණ පාඨකයන්ට බණ කීම හෝ අනුශාසනා කිරීම හෝ ඊට සමාන කාර්ය යැයි කිසිවෙකු සිතන්නේ නම් එය හුදු විකාරයකි.ඒ තීරු ලිපියක අරමුණ මීටවඩා පුලුල් අරුතකින් විග්‍රහ වන බැවිනි.ඒ නිසා ඉන් ඔබ්බට ගොස් පාඨකයාට යම් අර්ථ සම්පන්න යමක් තිලිණ කිරීම රචකයාගේ වගකීම වන අතර පාඨකයන් නොදුටු පැතිකඩක් පිලිබදව විවරණය කිරීමත් සමාජය තුල සිය ප්‍රස්තුතය පිලිබද පුලුල් සංවාදයක් ගොඩනැගීමත් මේ තුල වඩාත් වැදගත්‍ වේ.

 පුවත් පත ආරම්භ වු දා පටන්ම එහි තීරු භාවිත වු බව දැකිය හැකිය. තීරුවකින් සිදුවුයේ කිසියම් පිටුවක ඉතිරි වු හිඩැස පිරවීමයි. ඒ සදහා කෙටියෙන් ලියැවුණු  ඕනෑම විටෙක භාවිතයට ගත හැකි සෙකකැර  නමින් හැදින්වු කෙටි ලේඛන යොදා ගනිති. මුල්කාලවලදී ඒවා අවශ්‍ය වුයේ ඊයම්වලින් අකුරු අමුණා තැනුණු පිටුවකම පහසුවෙන් වෙනත් කොටසක් සකස් කර ගැනීම උගහටවු බැවිනි. පසෙක තබා තිබු දැ ප‍්‍රයෝජනයට ගැනීමෙනි.

වර්තමානය වන විට පෞද්ගලික මට්ටමේ අදහස් ප‍්‍රකාශ මතිමතාන්තර මේ ඔස්සේ ව්‍යාප්ත එම නිසා තීරු රචනාව වඩාත් වැදගත් ස්ථානයකම පැමිණ තිබේ. ඒවාට දිනපතා සතිපතා මාස්පතා වශයෙන් දේශපාලනයේ පටන් විනෝදාංශ දක්වා වු විශාල පරාසයක් ආවරණය කළ හැකිය. ඒවා අතිශයින් සංවේදි හා සජීවි බවකින් යුක්ත වනුයේ ඉලක්ක කණ්ඩායම සදහා ගෙන එන සංදේශය වඩාත් තහවුරු කිරීමේ අටියෙනි

පුවත්පතක මෙසේ සතිපතා තීරුව ලිවීම නිසා ම එසේ ලියනු ලබන තැනැත්තා columnist යනුවෙන් විස්තර වන්නේ මෙසේය. journalist who regularly writes an article commenting on politics, currents events etc for news paper or magazine

 දේශපාලන කාලීන සිදුවීම් පිළිබද විවරණ සපයමින් සතිපතා පුවත්වලට හෝ සගරාවලට ලියන ජනමාධ්‍යවේදියා එසේ හදුන්වා ඇත. තීරු ලිපියක අන්තර්ගතය ලේඛන අදහස් සමග බොහෝ දුරට සම්බන්ධව ලියවෙන අතර එය එක් අතකට ලේඛක අදහසකි. මතයකි. නමුත් එය පෞද්ගලික මතය පොදු බවට පත් කිරීමට මේ ලේඛකයන් සතු ලේඛන සක්‍යතා හේතු වේ.

 

 

 

 

14 Comments

Post a Comment

Previous Post Next Post