හෙන්රි ජයසේන

 

කීර්තිමත් රංගධරයකු මෙන්ම නාට්‍යකරුවෙකු වූ හෙන්රි ජයසේන මහතා වර්ෂ  1931 ජූලි මස 6 වන දින  ගම්පහ ප්‍රදේශයේ බ්‍රැන්ඩියමුල්ල ග්‍රාමයේ උපත ලැබීය. ඔහු මූලික අධ්‍යාපනය ලැබුවේ ගම්පහ ලෝරන්ස් විද්‍යාලයෙන් හා කොළඹ  නාලන්දා විද්‍යාලයෙනි  ඔහු සිය වෘත්තීය ජීවිතය ආරම්භ කරන්නේ නුවරඑළිය දිස්ත්‍රික්කයේ පදියපැලැල්ල ප්‍රාථමික විද්‍යාලයේ සහාය ඉංග්‍රීසි ගුරුවරයෙකු වශයෙනි. 1950 වර්ෂයේ දී  ඔහු  විසින් නිර්මාණය කරන ලද  "ජානකී"  නම් නාට්‍ය ඔහුගේ පළමු නාට්‍යය නිර්මාණයයි. එහෙත් ඔහු සුළු කාලයකින් ම  එම වෘත්තියෙන් ඉවත් වූයේ  ලිපිකරු සේවා විභාගය සමත්වීමෙන් පසු රජයේ වැඩ දෙපාර්තමේන්තුවේ ලිපිකරු තනතුරකට පත් වීම හේතුවෙනි. ඉන්පසු ව ඔහු සිය කලා ජීවිතය සාර්ථක ලෙස ඉදිරියට ගෙනයමින් ශ්‍රී ලාංකේය නාට්‍ය කෙත අස්වද්දමින් විශාල නාට්‍යය ප්‍රමාණයක් ඊට දායාද කරන්නට සමත් වූ අතර ඉන් කිහිපයක් පහත පරිදි වේ.

·         1953-  මනාලයෝ නාට්‍ය  එය ෂෙරිඩන්ගේ "ද රයිවල්ස්" නාට්‍යයේ පරිවර්තනයකි

·         1954 -වැදගත්කම  නාට්‍ය  ඔස්කා වයිල්ඩ්ගේ " අ වුමන් මග් නෝ ඉමිපොටන්ස්" නාට්‍යයේ පරිවර්තනයකි

·         1955-ඇත්ත කුමක්ද නාට්‍යය ඇරිස්ටොෆනීස්ගේ "වළාකුළු" නාට්‍යයේ  පරිවර්තනයකි

·         1959- පව්කාරයෝ නාට්‍ය එතුමාගේ ස්වත්‍රන්ත නිර්මාණයකි

·         1962-ජනේලය නාට්‍ය එතුමාගේ ස්වතන්ත්‍ර නිර්මාණයකි

·         1962-කුවේණිය එතුමාගේ ස්වතන්ත්‍ර නිර්මාණයකි

·         1964-තවත් උදෑසනක් නාට්‍ය ස්වතන්ත්‍ර නිර්මාණයකි

·         1966- අහස් මාලිගා නාට්‍ය ටෙනසි විලියම්ගේ "ද ග්ලාස් මෙනාජරී" නාට‌්‍යයේ පරිවර්තනයකි

·        1967- හුණුවටයේ කතාව බර්ටෝල්ටි  බ්‍රෙෂ්ට්ගේ " කොකේසියන් චෝක් සර්කල්" නාට්‍යයේ පරිවර්තනයකි

·         1968-  අපට පුතේ මගක් නැතේ ස්වතන්ත්‍ර නිර්මාණයකි

·         1972-දිරිය මව සහ ගේ දරුවෝ නාට්‍ය බර්ටෝල්ටි  බ්‍රෙෂ්ට්ගේ " මදර් කරේජ්" නාට්‍යයේ පරිවර්තනයකි

·         1973 -මකරා නාට්‍ය එව්ගිනිෂ්වාත්ස්ගේ "ද ඩැගන් " හි පරිවර්තනයකි

·         1975- සරණ සියොත්සේ පුතුනි හඹායන නාට්‍ය ස්වත්‍රන්ත නිර්මාණයකි

·         1978-සිරිසඟබෝ නව නුර්තියකි


ඔහුගේ නාට්‍ය නිර්මාණ අතර ජනප්‍රිය වූයේ හුණුවටයේ කතාව නාට්‍යයයි එය මෙරට බිහි වූ විශිෂ්ට නාට්‍ය කෘතියක් වන අතර එහි අසඩක්ගේ චරිතය හෙන්රි ජයසේන මහතා විසින්  රඟපාන ලදී  ගෘෂාගේ චරිතය ඔහුගේ බිරිඳ වූ මානෙල් ජයසේන   මහත්මිය විසින් රඟපාන ලදී මෙම නාට්‍යයේ තේමා පාඨය වූයේ "දෙයක් වේ නම් යම් සුදුස්සාටම අයිති විය යුතුය" යන්නයි  මේ කතාව සඳහා පාදක වී ඇත්තේ එකම දරුවෙකුට උරුමකම් කියන කාන්තාවන් දෙදෙනෙකු සහ කිසිවෙකු අපේක්ෂා නොකල අන්දමින් එම ගැටලුව විසඳන විනිශ්චයකරුවෙකු සම්බන්ධ කතා පුවතකි.


හෙන්රි ජයසේන මහතාගේ  කුවේණි ද මෙරට බිහි වූ උසස් ම නාට්‍යය කෘතියකි. ඉතිහාසයේ එන කුවේණි කතා පුවත නව අර්ථකථනයක්, නව දෘෂ්ටියක් පිළිබිඹු වන අයුරින් එය  නිෂ්පාදනය වී තිබේ. කුවේණියගේ චරිතය දෙස ඉතාමත් සානුකම්පිතව  මෙහිදී විමසුමට බඳුන් කරයි. ශ්‍රී ලාංකීය ඉතිහාසයේ මූලාරම්භයේ පවා ස්ත්‍රීන් පීඩනයට පත් කළ සිදුවීම් සිදු වූ බව මේ තුළින් පෙන්වා දෙයි. ශෛලීගත  සම්ප්‍රදායෙන් දෛනික ජීවන ප්‍රශ්න නාට්‍යයට නැංවීම දුෂ්කර වේ යැයි යන මුල් බැසගෙන තිබූ මතය බැහැර කිරීම ඔහුගේ "ජනේලය" නිර්මාණය මගින් සාර්ථක උත්සාහයක් ගෙන තිබේ. ශ්‍රී ලාංකීය නාට්‍ය කලාවේ ප්‍රගමනය උදෙසා ඔහු විසින් දායාද කළ අනගි නිර්මාණ සමූහය හා ඔහුගේ මතක පමණක් අප සිත් තුළ සඳහා රඳවමින් මේ අනභිභවනීය කලාකරුවා වර්ෂ 2009 නොවැම්බර්11 දිනය සදහටම මෙලොවින් සමු ගන්නා ලද්දේය.

 


12 Comments

Post a Comment

Previous Post Next Post