ලෝකයේ ජීවත්වන බොහොමයක් ජනතාව තුළ විවිධාකාර වු රෝග පිඩාකාරි තත්ත්වයන් පවතී. ඒවා ආකාර දෙකකි. එනම් බෝවන රෝග සහ බෝ නොවන රෝග වේ. බෝ නොවන රෝගයක් වනුයේ අධි රුධිර පීඩනය, පිළිකා, අංශභාගය, කොලෙස්ටරෝල් හා දියවැඩියාව වේ. මෙලෙස පවතින බෝ නොවන රෝග අතර දැනට බහුල ලෙස ජනතාව වැඩි පිරිසක් අතර පවතින රෝගය වනුයේ දියවැඩියාව.
අන්තර්ජාතික දියවැඩියා සම්මේලනය සහ ලෝක සෞඛ්‍ය සංවිධානය එක්ව නොවැම්බර් 14 වනදා ලෝක දියවැඩියා දිනය බවට පත්කර ගන්නා වර්ෂ 1991ය දියවැඩියා මාරයාගෙන් ලෝකය බේරා ගැනීම මෙහි අරමුණ වේ. දියවැඩියා රෝගය මාදිලි දෙකක් පවතී. මෙහි එක් ආකාරයක් වයස් භේදයකින් තොරව වැළඳේ. රැධිරගත සීනි හෙවත් ග්ලූකෝස් සෛල වලට උරාගැනීමට උපයෝගී වන ඉන්සියුලින් ප්‍රමාණවත් ලෙස හෝ කොහෙත්ම නිෂ්පාදනය නොවීම මෙහි එක් ආකාරයකි. එවැනි රෝගීන්ට තමා ජීවත්වන ජීවිත කාලය පුරාවටම ඉන්සියුලින් එන්නත් කර ගැනීමට සිදු වේ.නමුත් ඔවුන්ට මෙලෙස බාහිරයෙන් ශරීර අභ්‍යන්තරයට ඉන්සියුලින් එන්නත් කර ගැනීමට නොහැකි වුවහොත් මරණයට පත්විමට සිදු වේ මෙම රෝගි ආකාරය බහුල ලෙස නොමැති වුවද දාහකින් එකක් අයකුට පැවතිය හැකිය. අග්න්‍යාශයෙa පවතින අක්රමිකතාවයන් මෙයට හේතු විය හැකිය. දියවැඩියා මාරයාගෙ පවතින අනිත් ආකාරය වනුයේ අග්නයාශයේ ප්‍රමාණවත් තරම් ඉන්සියුලින් නිපද නොවීමයි. මෙයට හෝමෝන වල කියාකාරීත්වය දුර්වල වීම් ද හේතුවක් විය හැකි අතර ආහාරපාන පාලනයකින් තොරව ලබා ගැනීමද තවත් ආකාරයක හේතුවක් වේ. දැනට මෙම රෝගී තත්ත්වය භයානක ලෙස ජනතාව අතර පැතිරෙමින් පවතී. අග්න්‍යාශය තුළින් ඉන්සියුලින් නිපදවන ආහාර මගින් රුධිරයට එකතුවන සීනි ප්‍රමාණය බහුල වීම ද රෝගී තත්ත්වයට හේතුවක් වේ. ඒ ඉන්සියුලින් එන්නත් කර ගැනීමට අවශ්‍ය නොවුනත් ආහාර කිසියම් පාලනයකින් යුතුව ලබා ගැනීම හොඳ විසූ විසඳුම්ක් වේ මෙම රෝගී තත්ත්වය මුඛය මගින් ලබා ගන්නා ඖෂධ මඟින් ද පාලනය කරගත් හැකිය. දෙවන මාදිලියේ දියවැඩියා රෝගින් ප්‍රමාණය ක්‍රමයෙන් වැඩිය. දියවැඩියා රෝගීන්ගෙන් 90% - 95% ඔවුන්ය. ව්‍යායාම නොකරන, කය නොවෙහෙසන, වයස අවුරුදු 45 ඉක්ම වූ අය දෙවන ආකාරයේ දියවැඩියා රෝගීන් වෙති.
බොහෝ ජනතාව දියවැඩියා රෝගය
පිළිබඳව රෝගs ලක්ෂණ නිරූපණය
වුවද ඒ පිළිබඳව නොදැන අවබෝධ කර නොගෙන රෝගීතත්වය උත්සන්න වනතුරු සිටි ජාතික
දියවැඩියා සංගමයේ සභාපති වන මහේන්
විජේසූරිය පවසන්නේ
“හොරෙක් හොර රහසේ ගෙදරකට ඇතුළු වී
සැඟවී සිටින්නාක් මෙන් දියවැඩියාව ශරීරය තුළ සැඟවී සිටි සොරා සිටින බව නොදැන
ගෙහිමියන් ජීවත් වන්නා සේ පුද්ගලයා තුළ රෝගය ඇති බව නොදැන පුද්ගලයා ජීවත් වේ”
දියවැඩියා මාරයාගෙa පවතින රෝග ලක්ෂණයන් වනුයේ
· දැඩි පිපාසය
·
නිතර නිතර මුත්‍රා පිට කිරීම
·
ශරීර ශක්තිය හීන වීම
· දැඩි වෙහෙස අපහසුතාවය
·
වේගයෙන් බර අඩුවීම
·
දෘෂ්ටි ආබාධ
·
නිතර රෝගී භාවයට පත්වීම
·
තුවාල සුව වීමට කල්ගත වීම රෝග ලක්ෂණ වේ
ලෝකය තුළ ඉතා ප්‍රබල ලෙස
ජනතාව දියවැඩියා රෝගී තත්ත්වයට ගොදුරු වෙමින් පවතී. මෙලෙස ලෝකය
තුළ ජනතාව දියවැඩියා රෝගී තත්ත්වයට ගොදුරු වීම විශ්මයජනක ක්‍රියාවලියකි. දියවැඩියාව නිශ්චිතව උපදින්නේ කවර
මූලික
හේතුවකින් දැයි හඳුනා ගෙන නැත නමුදු මෙම දියවැඩියා මාරයා ලෝකයේ අනිකුත් රටවල් වලට
වඩා තුන්වැනි පන්තියේ රටක් වන ලංකාව කෙරෙහි අතිමහත් බලපෑමක් එල්ලකරයි වසරින් වසර දියවැඩියා රෝගීන්ගේ ප්‍රමාණය ඉතා උග්‍ර ලෙස වැඩි වෙමින් පවතින බව පහත සඳහන් වන
දත්ත වලින් නිගමනය කළ හැකිය.
·
1985 දි ලොව පුරා සිටි දියවැඩියා රෝගීන්ට ප්‍රමාණය මිලියන 30 කි
·
2005දී ලෝකයේ සිටි දියවැඩියා රෝගීන් ප්‍රමාණය මිලියන 245 ද
·
ශ්‍රී ලංකාවේ දියවැඩියා රෝගීන් 2000 දි 6
53 000
·
2030 වන විට මේ සංඛ්‍යාව 1537000 ද වෙි
ලංකාවේ වයස අවුරුදු 20 ඉක්මවූ සෑම දහ
දෙනෙකුගෙන් එක් අයෙක් හෝ රෝගියෙකි ලෝකයේ සිදුවන මරණවලින් වලින් මිලියන 3.8 දියවැඩියාව නිසා සිදුවෙයි ඊට අමතරව විවිධ රෝගී තත්ත්වයන් මේ නිසා සංවර්ධනය වේ නාගරික ජන ජනගහනයෙන් 16.4% සහ 5.7%
ග්‍රාමීය ජනයා දියවැඩියා රෝගීන් වෙ
දියවැඩියා රෝගී තත්ත්වය ඇති වුවහොත් නැවත එම තත්ත්වය
නිට්ටාවටම සුවකිරීම කලනොහැකිය. නමුත් එම රෝගී තත්ත්වය පාලනය කර ගැනීමට ඕනෑතරම් හැකියාව පවතියි. මේ සඳහා වෛද්‍ය උපදෙස් ලබාගගත හැකි
අතර ඒ සඳහා නිර්දේශිත ඖෂධ වර්ග ද පවතී. වඩාත් පහසු
ලෙස අප දින චර්යා හා ආහාරපාන ලබා ගැනීම පාලනය කිරීම මගින් රෝගී තත්ත්වය පාලනය ඉතා ඉක්මනින් ළඟා කරගත හැකිවේ. නිවැරදි චර්යයාවන් මොනවාද යන්න පහකින් දැක්විය හැකිය. එනම්,
·
නිවැරදි ආහාර පාලනය
·
ශරීර සුවපහසුව හැකිතාක් අවම කිරීම
·
කුඩා දරුවන්ගේ කෙළි සෙල්ලම් වලට ඇති බාධා අහෝසි
කිරිම
·
අධ්‍යාපන තරඟකාරීත්වයෙන් මුදවාලීම
·
රූපවාහිනිය පරිගණකය විනෝද මාර්ගික මෙවලම් නොගැනීම
·
කාර්යබහුල ජිවිතයෙන් මිදීම
· ක්ෂණික ආහාර නොගැනීම යන චර්යාරටාවන්ය
දැන් වර්තමාන සමාජයේ
සාමාජීය සත්වයකු වන මිනිසා කාර්යබහුල බව නිසා
රෝගී බවට පත්ව තිබේ බෝ නොවන රෝගයක් වන දියවැඩියා රෝගය බෝවන රෝගයක් මෙන්
ක්‍රියාත්මක වී ඇත දියවැඩියා මාරයාගෙන් අනාගත පරපුර රැක ගැනීමට දැන්ම ක්‍රියාත්මක
වීමට දැඩි ලෙස අදිටන් කරගෙන නීරෝගීමත් දිවියක් උදෙසා අත්වැල් බැඳ ගනිමු.
Great
ReplyDelete🤜🤜🤜🤜
ReplyDeletegood
ReplyDeleteNiyamai
ReplyDeleteGodak wedagath 👍❤️
ReplyDelete🖤
ReplyDeleteනියමයි..👍
ReplyDeleteSomething very valuable. As a university student I see this as a very important article
ReplyDeleteනියමයි 💖
ReplyDeleteBest
ReplyDeleteBest
ReplyDeletePost a Comment