ගායනය - සුනිල් එදිරිසිංහ
සංගීතය - රෝහණ වීරසිංහ
පද රචනය- රත්න ශ්‍රී විජේසිංහ
චන්ද්‍ර මණ්ලේ
සැතපුන පුංචි සාවියේ
මන්ද කියාපන්
නොකියා හැංගිලා ගියේ
පාන නිවුන සේ
පාළුයි ලැයිම් කාමරේ
මන්ද නුඹ ගියේ
කියපන් පුංචි සාවියේ…….
ලාභ රත්තරන් දිලිසෙන පාළු වීදියේ
ගෑණු ළමයි
පියාඹලා ඉස්සරත් ගියේ
උන්ට සෙයිලමේ මග
තොට පාර වැරදුණේ
අන්න ඒ නිසයි මට
දුක රත්තරන් දුවේ………
චන්ද්‍ර
මණ්ඩලේ.................
මාල බැඳන් සුදු
යකඩෙන් රෝස මල් වනේ
මාල ගිරවු ගේ දොරකඩ
සින්දු කිව් වෙලේ
හීනෙනුත් හිතුනෙ
නෑ මට මොකද කාරණේ
පාර මතක නං
තාමත් ගේ ලඟයි දුවේ……..
චන්ද්‍ර
මණ්ඩලේ...............
ප්‍රේමය කෙතරම් අපූර්ව වූ ආකාරයට නිර්මාණවලට පණ පොවනවා ද? එවන් වූ මානව ප්‍රේමයේ
තවත් එක් පැතිකඩක් විනිවිදව දුටු නිර්මාණයක් ලෙස රත්න ශ්‍රී විජේසිංහයන් අතින් හැඩ
වූ සුනිල් එදිරිසිංහ මහතාගේ සිත් වශී කරන
වචනයෙන් පණ පෙවුන අරුත්බර ගීතයකි “චන්ද්‍ර මණ්ඩලයේ සැතපුන පුංචි සාවියේ ගීතය” රචකයා අත්දුටු සත්‍ය සිදුවීමක් ඇසුරින් සිතේ මැවුණු
පරිකල්පනීය සිතුවිලි හරි අපූරුවට ගීතයකට කැටි කර තිබේ.
සමාජයේ සිටින ප්‍රේමය මවාගත් ප්‍රේමවන්තයෙකුගේ
බසට රැවටී නොදැනුවත්කමට යෞවනෝදයෙන් මත් වී නිවස හැර ගිය පුංචි දියණියකට සෙනෙහෙබර පියෙකු කරන කාරුණික ආරාධනාව
වස්තුබීජය කරගත් මෙම ගීතය ආරම්භ වන්නේම සහෘද චෛතසිකයන් ස්පර්ශ කරන සංකල්ප රූපයක්
භාවිත කරමිනි. එනම්
“චන්ද්‍ර මන්ඩලේ සැතපුන පුංචි සාවියේ
මන්ද කියාපන් නොකියා හැංගිලා ගියේ”
චන්ද්‍ර
මණ්ඩලය හෙවත් සඳ මඩළ ඉතාමත් සෞම්‍ය ගුණයෙන් යුක්ත වූවකි. එහි අපූර්වව බව තවත් විචිත්‍රවත් කරනු ලබන්නේ සඳේ ලැගුම් ගෙන
සිටින සඳ සාවී මගිනි. නමුදු ගීපදකරුවා
දක්වන ආකාරයට මෙම සඳමඬලේ ලැගුම් ගත් සඳසාවිය අද දක්නට නැත. චන්ද්‍ර මණ්ඩලය හා පුංචි සවි මගින් සංකේතවත් කරනු ලබන්නේ පියෙකු
සහ ඔහුගේ ආදරණීය හුරතල් දියණියවයි. පියෙකුට ලොව ඇති වටිනාම වස්තුව වන්නේ ඔහුගේ
ආදරණිය දියණියයි. නමුදු ඇය තම පියාට ද කිසිවක් නොකියා ඔහුව
හැරදමා ගොස් ඇති බව ගී පද අතරින් වයංගාර්ථවත් ලෙස ඉස්මතු කොට දක්වයි .
“පාන නිවුන සේ පාළුයි ලැයිම් කාමරේ
මන්ද නුඹ ගියේ කියපන් පුංචි සාවියේ”
විදුලි ආලෝකය
නොලැබෙන බොහොමයක් දුෂ්කරතා මධ්‍යයේ කටුක අත්දැකීම් සහිතව ජීවිතය ගෙවන ස්ථානයකි
ලැයිම් ගෙදර. එයිනුත් අඳුරුම පුංචි
ස්ථානයකි ලැයිම් කාමරය. මෙම කාමරයේ දැල්වෙන පහන ලෙස ගී පදකරුවා සංකේතවත් කරනු
ලබන්නේ පුංචි දියණියවයි. ඇය නොමැතිවීම
හේතුවෙන් අඳුරින් වෙලුන පාළු ස්වභාවයක් මෙම ලැයිම් කාමරයෙන් දිස්වේ. අප්‍රමාදීව දාරක ස්නේහය
පිදු පියෙකුගේ හදවතේ පවතින සංවේගි බව
ලැයිම් කාමරය තුලින් පිළිඹිබු වේ.
දුෂ්කරතා මධ්‍යයේ අඳුරේ පැවති ලැයිම් කාමරයේ
දැල්වුන පහන බදු දියණිය නැතිකොට පියෙකුගේ සිතේහි නැගෙන සංවේගි බව, ජීවිතය පරාජිතවී කඩා වැටී ඇති නිමේෂයක
ඇතිවන අසරණ හැඟීම් සමුදායක් පද පේළිය මගින් කථකයා ජීවමාන කරනු ලබන්නේ තම ආදරණීය
දියණියගේන් ප්‍රශ්න නගමිනි. එනම්, “මන්ද නුඹ ගියේ කියපන් පුංචි සාවියේ “ ලෙසයි.යෞවනෝදයෙන් මත් වී නිවස අතහැර ගියද මේ දියණියව තවමත්
ඇගේ පියාට හාපැටියෙකි හුරතල් අහිංසකාවියකි. සහෘදයන්ගේ ඇස් කොනක පවා කඳුළු බිඳුවක්
රඳවන තරම් සංවේදීව සංයමයෙන් යුතුව සජීවී
ලෙස කථකයාව ජීවමාන කිරීමට ගීපදකරුවා දක්වන්නෙ විශිෂ්ට සමත්කමකි.
“ලාභ රත්තරන් දිලිසෙන පාළු වීදියේ
ගෑණු ළමයි
පියාඹලා ඉස්සරත් ගියේ”
උක්ත ගී පද ඛන්ඩ ඇසුරින් ආන්දෝලනාත්මක ලෙස
අවදානම් තත්වයක් පිළිබඳ කථකයා කරුණු කාරණා සහෘද හදවත් වලට පැහැදිලි කිරීමට යන්ත
දරයි.රත්තරන් යනු අධික වටිනාකම්කින් යුත් ද්‍රව්‍යකි. නමුත් ගී පදකරුවා මෙහිදී සංකේතවත් කරනු ලබන ලාභ
රත්තරන් මගින් ගම්‍යමාන කරනු ලබන්නේ
මුලාවක්, මායාවක්
නැතහෝත් තරුණ සිත්
නොමගයවන සුළු ක්‍රියාවක් බවයි. රත්තරන් ලෙස
දිලිසුනත් ඒ ඇත්තම රත්තරන් නොවන බව සක්සුදක් සේ පැහැදිලි වේ. රත්තරන් ලාභ වී බොරු ශෝබාවන්ත බවක් ඉස්මතුකොට දක්වන්නෙ පාළු වීදියේදි වේ. විදියක් කිසිසේත්ම පාළු විය නොහැක. එය මිනිසුන්ගෙන් වාහන වලින් ගහණය වි පැවතිය
යුතුයි. එනම්
මෙහි සදහන් පාළු විදි
වල සමාජ සම්මතයට පටහැනි අසම්මත ක්‍රියාවන් මගින් තරෑණ ජිවිත ආකාලයේ මිලින කරවන ස්භාවයක් ඉදිරිපත්
කරයි.
“ගෑණු ළමයි පියාඹලා ඉස්සරත් ගියේ”
යෞවනෝදයට
එළඹීමත් සමගම ගෑනු ළමුන් නොදැනුවත්කම
හේතුවෙන් වැරදි ඉසව්වන් තෝරාගෙන තම සීමාවන් බිඳහෙලා සිත් සේ අසීමිතව නිදහසක්
භුක්ති විද ඇති බව ගීපදඛණ්ඩය මගින් නිරූපණය වේ. ඒ බව මෙම පාළු වීදිවල ඉස්සරත් ගෑනු
ළමුන් “පියාඹලා ගියේ” යන වැකියෙන් ඉදිරිපත් වේ.
“උන්ට සෙයිලමේ මග තොට පාර වැරදුණේ
අන්න ඒ නිසයි මට දුක රත්තරන් දුවේ”
මෙලෙස සීමාවන්
රහිතව අප්‍රමාණ වූ නිදහසක් භුක්ති විඳි ගෑනු ළමුන් සෙයිලමේ හෙවත් නගරයේදී ජීවිතය
වරදවා ගන්නා බව කථකයා ඉදිරිපත් කරයි. එනම් අවබෝධයකින් තොරව ගනු ලබන තීරණ හමුවේ ඔවුන්
බලාපොරොත්තු වූ ලාභ රත්තරන් එම පාළු වීදි වල නොමැති බවත්
එවැන්නක් තේරුම් ගන්නා විට ප්‍රමාද වී ඇති බව පසක් කරනු ලබන්නේ “පාර වැරදුනේ “යැයි ගී පද ඛණ්ඩය මගිනි. තරුණ වියේ සිටින යුවතිකගේ ජීවිතේ තවත් එක්
සුවිශේෂි සන්ධිස්ථානයක් වන්නේ විවාහයයි .තරුණයෙකු හා
විවාහ වී ජීවිතය සතුටින් සාර්ථකව ගත කිරීමට බලාපොරොත්තු වුවද මෙලෙස මග වරදවා ගැනීමත් සමග එවැනි හීන සියල්ලම
යථාර්තයක් බවට පත් නොවී බොඳ වී යයි.තම දියණිය ද එසේ ජීවිතය වරදවා ගනී යන බියෙන්
සොවින් සිටින පියෙකු ගී පද මගින් ජීවමාන වෙයි.
“මාල බැඳන් සුදු යකඩෙන් රෝස මල් වනේ
මාල ගිරවු ගේ දොරකඩ සින්දු කිව් වෙලේ
හීනෙනුත් හිතුනෙ නෑ මට මොකද කාරණේ”
මෙම ගීතයේ කථකයා සිහිනයක් දකිනවා මාල ගිරව්
පේලියක් ගෙදර ලග සිංදු කියනවා නමුත් මෙම මාල ගිරවුන්ගේ මාල සොබාවික රතු පැහැති මාල නොවේ. එවා සුදු
යකඩවලින් සමන්විත වේ. කවරදාකවත්
සිදුනොවුන සිදුවීමක් අනතුරකට අත වැනීමක් බවට පියා තේරුම් ගෙන මතක ආවර්ජනය කරන විට
ඹහුට මහත් කම්පාවක් දැනේයි
එලෙස සිහිනේන් ඇවිත් සින්දු කියූ මාල
ගිරව් අද සැබවින් පැමිණ තම දියණියව රැගෙන
යන්නට ඇති බව පැහැදිලි කථකයාට පැහැදිලි වේ.
“පාර මතකනම් නං තවමත් ගේ ලඟයි දුවේ “
දාරක ස්නේහය
පුදන දෙමව්පියන් සතු වටිනාම වස්තුව වන්නේ තම දරුවන්ය. මෙම කථකයාට ද එසේමයි. ඔහුගේ දියණිය වැරදි මාර්ගය තෝරා ගත්තද ඔහුට
තවමත් ඇය තමන්ගේ පුංචි හුරතල් දියණියයි. ඔහු ඇයට
ආවර්ජනය කොට දෙන්නේ තාමත් ඇය කුඩා කල සිටි
නිවස මතක නම් තවමත් ඔබ පරමාද නෑ මගෙ දුවේ, නැවත ඔහු වෙත එන ලෙසයි. මේ ගියේ අවසන් පද පේළි වල තවරලා තියෙන්නේ දියණිය
එනතුරු නෙත් අයා බලා සිටින හදවතින් කඩා
වැටුන පියකුගේ කරුණික ආයාචනයකි.
කර්ණාටක සංගීතය
භාවිත කර ඇති මෙම ගීතය තුළ සරල සුගම බස් වහරකට පණ පොවා ඇත්තේ සජීවී චිත්ත රූපයන්
මැවීම සහෘද සිත් වල යථාර්ථවත් වන අයුරිනි.
ඒක නම් නියමයි අක්කේ😍❤️👌👌
ReplyDelete👍👍
ReplyDeleteSuper 👍💪
ReplyDelete😍😍😘😘
ReplyDeletelassanai...
ReplyDelete😘❤️❤️
ReplyDelete❤️😍
ReplyDelete❤️😍
ReplyDeleteLassanai...👌
ReplyDeletePost a Comment