නිහඬ ආදරවන්තයා





අපි හැම කෙනෙක්ගේම ජීවිතයේ පරමාදර්ශී  චරිත ඉන්නවා නේද?

මට හිතුනා අද මගේ ජීවිතේ පරමාදර්ශය චරිතය ගැන ලියන්න

ඒ තමයි මගේ තාත්තා……..

ඔහු ජීවිතයේ කොපමණ බාධාවන්  ආවත් ඒ හැම දෙයක්ම හිතේ ශක්තියෙන් විඳ දරාගත්ත මහා යෝධ චරිතයක්,

දරුවන් වෙනුවෙන් මුළු ජීවිතයම කැපකර ඔවුන් දිනන දවසට හදවතින්ම සතුටුවෙන හරි අපූරු ආදරවන්තයෙක්,

දරුවන්ට නිහඬවම පෙම්කළ කළ ප්‍රේමවන්තයෙක්,

ඉතින් මගේ තාත්තා මගේ ආයුෂත් අරන් දිගුකල් නීරෝගීව රැඳේවා යන පැතුම සමගින් මේ නිසදැස

ඔහු වෙනුවෙන් තැබූ

මගේ ආදරෙන් අංශුමාත්‍රාවක්....

 

  සිතේ සවිය  ගෙන කඨෝර දුක් ඉවසා

 දෑතේ රිදුම් දෙන කරගැට  දෙස නොබලා

 ගත්තේ දා  බිංදු  රුපියල්  සත කරනා 

 නිහඬ ආදරයවන්තයා තාත්තා..........

 

 මහමෙරක් තරම් සිතුවිලි පොදි බැදලා

දරුවන් දිනන තුරු  දැස් දල්වනා

ජීවිතයම උගස්කර දරු සෙනෙහස පුදනා

නිහඬ  ආදරවන්තයා තාත්තා........


15 Comments

Post a Comment

Previous Post Next Post