“ස්වර්ණාභරණයෙන් සැසී අතින් ඉන්ද්‍රනීල
මාණික්‍යයක් ගෙන පේදුරු තුඩුවේ සිට දෙවුන්දර තුඩුව දක්වා සුරූපී අංගනාව නිදහසේ
ගමන් කළ හැකි සොඳුරු දේශයකි ශ්‍රී
ලංකාව”
නමුත් අද සමාජය
තුළ බහුල ලෙස සිදුවන ළමා අපයෝජන ළමා අපචාර මොනවාදැයි මෙ ලෙස හැඳින්විය හැක.
ළමා අපයෝජන යනු
වයස අවුරුදු 18 අඩු ගැහැණු පිරිමි අයෙකු සිය කැමැත්ත ඇතිව හෝ නැතිව එම
තැනැත්තාට යම් ආතතියට මානසික, කායික, ලිංගික හානිදායක කාර්යයකට යොමු කිරීම, යොදා ගැනීම
ළමා අපයෝජන වේ.
ළමා අපචාර යනු
වයස අවුරුදු 18 ට අඩු ගැහැනු පිරිමි අයෙකුට සිය කැමැත්ත
ඇතිව හෝ නැතිව යම් ආතතියට කායික, මානසික, ලිංගික හානියක් සිදු කිරීම වේ.
ළමුන්ට සිදුවන ශාරීරික අපරාධ වලටත් වඩා මානසික අපයෝජනය
බරපතළ වේ. පසු කාලයකදී කායික
අපරාධ වලට ලක්වන දරුවන් කුඩා කාලයේදී මානසික අපයෝජන වන බව බොහෝ අවස්ථාවල වාර්තාවේ. දිනෙන් දින ළමා අපයෝජන වැනි සිදුවීම්
වර්ධනය වන බව පෙනී යන අතර එවැනි සිදුවීම් සමාජගත වීමට සුවිශේෂී හේතු ගණනාවකි. එනම්, කුටුම්බගත
සමාජ පැවැත්ම ඇති සංකූලතාවයන්, නූගත්කම, දුප්පත්කම ,මව පියා විදේශගතවීම, නිවසින්
බැහැර දෙමව්පියන් රැකියා කිරීම ,මාපිය ගැටුම්, මාපිය වෙන්වී සිටීම, අසමගිය, අඩදබර, යැපුම්
ආර්ථිකය මත ගොඩනැගුණු විස්තෘත සමාජය බිඳ වැටීම හා න්‍යෂ්ටික
පවුල් ඒකකය හුදකලා වීම, විකෘති
කාමාතුරයන් සමාජය තුළ මතුවීම හා මාධ්‍ය ඒ සඳහා දක්වන ඉහළ අනුකූලතාවය, අසීලාචාර අපයෝජන සිදුකරන්නන්ට නීතිමය දඬුවම් ප්‍රමාණවත්
නොවීම, ලැජ්ජාව, ආගමික සංස්කෘතික හේතු මත සිදුවීම සඟවා
ගැනීම, නීතියෙන් පිළිසරණ
නොපැතීම, ඇඟ පසඟ විවෘතවන
විලාසිතා තෝරා ගැනීම හා ඊට සමාජය දක්වන ආකල්ප ආදිය,විවෘත ආර්ථිකය හා කාමාතුර යාන්ත්‍රණය, වැඩිහිටියන්ගේ අතෘප්තිකර ලිංගික ජීවිතය හා සංචාරක ව්‍යාපාරය, මත්ද්‍රව්‍ය භාවිතය යන දේවල් දැක්විය හැකිය.
මේවාට යොදා ගැනෙන දරුවන්ගේ මෙන්ම මේවා අසන දකින දරුවන්ගේ
මනස ද දූෂණය වේ. ඇතැම් නූගත් හා
හැදියාවක් නැති වැඩිහිටියෝ තම දරුවන් මේවට යොමු කරති. කණගාටුවට කරුණ නම් මෙවැනි ක්‍රියාවන් වලට වගකිව යුතු වන්නේ අපගේ ම
වැඩිහිටියන් වීමයි. දරුවන් රැක
බලාගත යුතු වැඩිහිටියන් මෙවැනි අපරාධ කිරීම ඛේදවාචකයෙකි.
සැලසුම් සහගත දිගුකාලීන වැඩපිළිවෙළක් යටතේ ළමා අපචාර
සිදු වේ. වයස අවුරුදු 13,
14, 15 වැනි වයස් මට්ටම් තුළ සිටින දරුවෝ 17,
18, 19, 20 වයස් වල සිටින්නන් අතින් අපචාරයට ලක් වෙති. මීට අමතරව සමීපතම ඥාතීන්, අසල්වාසීන්, පෙම්වතුන්, පාසල් වෑන්
රථ රියදුරන්, උපකාර පන්ති
ගුරුවරුන්, පූජ්‍ය පක්ෂය, දේශපාලඥයන්, බෝඩිංකරුවන් හෝ දරුවන්රැකබලා
ගන්නන්, ක්‍රීඩා පුහුණුකරුවන්, වෙළඳසැල් හිමියන් දරුවන්ට අපචාර කරන්නන්
විය හැකිය. සෑම පිරිමියෙකුම
දැරියන් දරුවන් අපයෝජනයට බිලි ගන්නකු ලෙස නොසිතිය යුතු වුවත් කිසි විටෙකත් යෞවන
වැඩිහිටි පිරිමියෙකු සමග තම දුව පුතා තනි නොකිරීම මාපිය වගකීම විය යුතුය. ළමුන්ට එරෙහි අපරාධ අපේ සමාජය අනුමත නොකරයි. ඔවුන්ට එරෙහිව නීතිය ද ක්‍රියාත්මක වේ. අපරාධකරුවන්ට දඬුවම් ද ලැබේ එහෙත් ඒ කායික
හිංසා කළ අපරාධකරුවන්ට පමණි. දරුවන්
මානසික අපයෝජනය කරන්නෝ නිදැල්ලේ හැසිරෙති. අපේ වැඩිහිටියන් මේ ගැන වහාම අවධානය යොමු කිරීම අත්‍යවශ්‍යය.
ළමා අපචාර, අපයෝජන
වළක්වාලීම සඳහා දෙමාපියන්ට වැඩිහිටියන්ට
පහත ක්‍රියාමාර්ග අනුගමනය කළ හැකිය.
- දරුවන්ට ආදරය සහ රැකවරණය ලබාදීම
- සුදුසු නුසුදුසු ස්පර්ශ කවරේදැයි හඳුන්වාදී තම සිරුර තමන්ට අයිති දෙයක් මිස අන් අයගේ පරිහරණයට අයිති දෙයක් නොවන බව අවබෝධ කර දීම
- විලාසිතා පිළිබඳව දරුවන් දැනුවත් කිරීම හා ඊට උදව් වීම
- නොමනා ඉල්ලීම් ප්‍රතික්ෂේප කිරීමට පුරුදු කිරීම
- ලිංගික අවබෝධය ලබාදීම
- දරුවා කියවන පොත පත පරිගණක වැඩසටහන් හා ඇසුරු කරන්නන්
ගැන සැලකිලිමත් වීම යන දේවල් වේ .
එලෙසම මෙවැනි කෲර වදහිංසා අපචාර ,අපයෝජන වලට
මුහුණ දුන් දුව පුතාට සමීපවී සන්සුන් ලෙස ක්‍රියා කරමින් සිදුවීම කෙරෙහි මිස දරුවා
කෙරෙහි කේන්ති නොගන්න. ඔබේ
විමසිලිමත් නොවීම පිළිබඳව ස්වයං විවේචනය කිරීම හා
කිසිවිටෙක දරුවාගේ ආත්මගරුත්වය, පෞරුෂත්වය හා ආත්මාභිමානය බිඳ වැටෙන ලෙස ක්‍රියා
කිරීමෙන් වලකින්න.
මෙවන් වූ දුෂ්ට පාපතර ක්‍රියාවන් මේ පුණ්‍ය භූමිය තුළ
වර්තමාන සමාජයේ බහුලව සිදුවන නිසා ඒවා අවම කිරීම සඳහා ජාතික ළමා රක්ෂණ අධිකාරිය, පරිවාස හා ළමා ආරක්ෂක දෙපාර්තමේන්තුව, ළමා සහ කාන්තා කටයුතු අමාත්‍යංශය මගින් පනවා ඇති නීති මාලාවන්
රැසකි. 1990 දශකයේ ළමා අපචාර, අපයෝජන, ස්ත්‍රී දූෂණ බහුලවීම හේතුවෙන් 1979 අංක 5 දරන අපරාධ හා නඩු විභාග සංග්‍රහය “1995 අංක 20 දරණ අපරාධ
නඩු විභාග සංශෝධන පනත” යනුවෙන්
සංශෝධනය කරයි. ඒ කාන්තාවන්ගේ හා
ළමයින්ගේ
රැකවරණය කේන්ද්‍ර කරගනිමිනි. දරුවන් කෲරත්වයට භාජනය කිරීම, අසභ්‍ය පලකිරීම්
වලට යොදා ගැනීම, ලිංගික අපයෝජනය භාවිත
කිරීම, ගබ්සා කිරීම, ළමා වෙළඳාමට අදාල වගන්ති 286,308 ,364 යටතේ විශේෂ විධිවිධාන
ඉදිරිපත් කෙරේ. ළමා ආරක්ෂක අධිකාරිය ස්ථාපිත
කිරීම හා ළමා අපචාර
අපයෝජන දැනුම් දීම සඳහා 1929 අංකය ප්‍රසිද්ධ කිරීම
සිදු කරන ලදී.
එසේම වැරදිකරුවන්ට දඬුවම් පැමිණවීමට සීමා නොවූ ජාතික ළමා රක්ෂණ
වැඩසහන් ක්‍රියාත්මක විය යුතුය.
අපේ වැඩිහිටියන්
රටේ දරු පරපුර ගැන අවංකවම ආදරය දක්වනවානම් මේ සියලු අපරාධ නැවැත්විය හැකිය. එසේ කිරීම දරුවන්ගේ අනාගතය සුරක්ෂිත කිරීමයි. දරුවන්ගේ
අනාගතය සුරක්ෂිත කිරීම යනු රටේ අනාගතය සුරක්ෂිත කිරීමයි .
😍❤️
ReplyDelete👌👌👌👌❤️
ReplyDelete👍❤️
ReplyDeleteNiyamai
ReplyDelete👍👍
ReplyDelete🤟🤟♥️
ReplyDelete👌👌
ReplyDeleteගොඩක් වැදගත් ලිපියක් 👍❤️
ReplyDelete❤️👍
ReplyDelete👍👍
ReplyDelete🤜🤜🤜
ReplyDelete👍👍👍
ReplyDelete👍👍👍
ReplyDeleteniyamay
ReplyDelete👍👍
ReplyDeletePost a Comment