කාමරංගා පලතුරේ වු විස්මිත ගුණාංග රැසක්

 


  කාමරංගා  ලෙස අප හඳුන්වන මෙම පළතුර ඉංග‍්‍රීසියෙන් Carombola ලෙසද දෙමළ භාෂාවෙන් කන්ඩා, සාගලම් ටමරට්ටායි ලෙසද සංස්කෘත භාෂාවෙන් මුද්ගාර රුජාකර යන නම් වලින්ද හඳුන්වයි. මෙය 10m  පමණ උස ගසකි. අතු බෙදී පවතී. පත‍්‍ර මාරුවෙන් මාරුවට පවතී. මෙහි මල් වසරේ මැයි මස සිට අගෝස්තු මස දක්වා දැකීමට හැකියි. එසේම නොවැම්බර් මාසය දක්වා ද පවතියි. මෙම ශාකය ලංකාවේ පහතරට ප‍්‍රදේශවල හා මධ්‍යම පළාතේ වැඩිපුර දැකීමට ලැබේ.

මෙම පළතුරෙහි විටමින් A,B,C‍ හා E අන්තර්ගතව ඇත. එසේම කැල්සියම්, යකඩ, මැග්නීසියම්, පොස්පරස්, පොටෑසියම්, සෝඩියම් හා සින්ක් වැනි ඛනිජ ලවණ අන්තර්ගතව ඇත. ඒ වගේම කාබොහයිඩ්‍රේට්, සීනි, මේද (Fat) ප්‍රෝටීන් අඩංගු වේ. රස ලෙස ගත්විට කාමරංගා  ඇම්බුල් (අම්ල), පැණි (මධුර) හා කෂාය යන රස වලින් යුක්තයි.

  කාමරංගා කියන්නේ නිකම්ම නිකම් සාමාන්‍ය පලතුරක් නෙවෙයි. අපේ දේශීය ආයුර්වේද ශාස්ත්‍රයට අනුව වටිනා ඔෟෂධයක්. රෝග රැසක් සඳහා ගුණදෙන ඔෟෂධයක් වන කාමරංගා දේශීය ආයුර්වේද වෛද්‍ය ශාස්ත්‍රයට අනුව පීිත ඵල, රුජාකර, ධාරා ඵල ආදී නම්වලිනුත් හඳුන්වනවා. විශේෂ ගුණ සපිරි කාමරංගා රෝග රැසක් සුව කිරීම සඳහා යෝග්‍ය ඔෟෂධයක් වුණත් සමාජයේ මුල් බැසගත් විවිධ මිථ්‍යා මත පවතිනවා. ඉන් එකක් තමයි කාමරංගා ආහාරයට ගත්තොත් රුධිරය සහිතව මල පිට වෙනවා යන මිථ්‍යා මතය. ඇත්ත වශයෙන් එම මතය වැරැදියි. කාමරංගා කියන්නේ අතුරු ආබාධ නැති හොඳ රසවත් ගුණවත් පලතුරක්. නමුත් එක් දෙයක් මෙහිදී සිතට ගත යුතුයි. දියවැඩියාව රෝගයෙන් පෙළෙන පුද්ගලයන් කාමරංගා වැඩි වශයෙන් ආහාරයට ගැනීමත්, සීනි සමඟ කාමරංගා ආහාරයට ගැනීමත් උචිත නෑ.

සාමාන්‍ය ජීවිතයේදී අපි ජෑම්, කෝඩියල්, සිරප් වගේම අච්චාරු, සලාද, වෑන්ජන සෑදීමට කාමරංගා ගෙඩි භාවිත කරනවා. නමුත් මෙම ශාකයේ පවතින ඔෟෂධීය ගුණ සහ විවිධ රෝගවලදී කාමරංගා ඔෟෂධය භාවිත කරන ආකාරය පිළිබඳ ඔබට අවබෝධයක් ලැබේවි.

 

·         විස නසන කාමරංගා

 

 අතීතයේ මිනිස්සු ශාක, සත්ත්ව, ඛනිජ ආදී ද්‍රව්‍ය මඟින් හෙළ වෙදකම කිරීමේදී ඇතැම් ඔෟෂධ විස තත්ත්වයකට පරිවර්තනය වීමේ අවදානමක් තිබුණා. එවන් අවස්ථාවලදී ශරීරයේ හටගත් එම විස තත්ත්වය මකන්න අතීත වෙදැදුරන් භාවිත කළ ප්‍රධානතම ඔෟෂධයක් තමයි කාමරංගා. අද සමාජයේ අප ගන්නා වතුර, එළවළු, පලතුරු වැනි දෑවල අඩංගු විස තත්ත්වයන් නිසා උදරය, ආමාශය, වකුගඩු ආශ්‍රිතව විස හටගැනීමේ අවදානමක් පවතිනවා. එවන් විස තත්ත්වයකදී දිනකට ඇඹුල් කාමරංගා ගෙඩියක් බැගින් දිනපතා ආහාරයට ගත්තොත් ශරීරයේ තැන්පත් වී පවතින අහිතකර විස විනාශ වෙනවා.

  

·         කොන්දෙ අමාරුවට හා හන්දිපත් රුදාවට


   අද බහුතරයක් ලංකාවේ ඉන්න කාන්තාවන්ට වැලැඳී පවතින රෝගයක් තමයි කොන්ද අමාරුව. හන්දිපත් වේදනාව. ඒ වගේම ස්නායු ආබාධ නිසා ශරීරය පණනැති වීම්, ශරීරයේ අඩක් හිරිවැටීම් වැනි අවදානම් තත්ත්වයන් පවා හටගත් උදවිය ඉන්නවා. මේවා කාන්තාවන්ටම පමණක් සීමා වුණු රෝග ලක්ෂණ නෙවෙයි. පිරිමි අය අතරත් මේ රෝග නිසා පීඩාවිඳින අය සිටිනවා. එවන් හන්දිපත් වේදනා, කොන්දෙ අමාරු, ස්නායු රෝග සහ ශරීරය හිරිවැටීම් ඇති අය දිනපතා කාමරංගා යුෂ වීදුරුවක් ගෙන එයට මී පැණි ස්වල්පයක් මිශ්‍ර කර පානය කරන්න. පුරා සති දෙකක් පමණ දෛනිකව මෙය කළොත් ඔබේ ශරීරයේ පෙර සඳහන් කළ රෝග තත්ත්වයන් සමනය වේවි.

   

·         මානසික රෝග නසන්නත් කාමරංගාවලට පුළුවන්

  

 කාමරංගා ඔෟෂධය මඟින් පක්ෂාගාත රෝගය සුව කරන්නත් මානසික ආකූලතා දුරු කරන්නත් පුළුවන් බව පර්යේෂණ මට්ටමෙන් තහවුරු කරගත් දෙයක්. ඒ අනුව ඉදුණු කාමරංගා ගෙඩි කිහිපයක් අරගෙන අඩක් වන පරිදි මැදින් පලා ඒ හිඩැසට ලුණු ස්වල්පය බැගින් දමා අව්වේ වියළා ගන්න. ඉන්පසු අව්වේ අඩක් තම්බා ගත් කාමරංගා අව පැහැ ගැන්වෙන පදමට ආ පසුව එය වීදුරු බෝතලයකට දමා සතියක් පමණ නිසොල්මනේ තබන්න. ඉන්පසු එය ලුණු දෙහි මෙන් රසවත් පදමට ආ පසු බත් හෝ වෙනත් ආහාර සමඟ ඔබට දෛනික අතුරු ආහාරයක් ලෙස එය ආහාරයට ගන්න පුළුවන්. මනස නිරවුල් කිරීමේ විශේෂ ගුණයක් වගේම පක්ෂාගාත වැනි රෝග සුව කිරීමටත් හැකි ඔෟෂධීය රසායනික ගුණයක් කාරමංගා සතුව පවතිනවා. එබැවින් ඉහත සඳහන් කළ රෝග සඳහා මෙන්ම සාමාන්‍ය අය සඳහාත් ඒ ඔෟෂධීය අතුරු ආහාරය සුදුසුයි.

 

·         වැහැරුණු සිරුර පුෂ්ටිමත් කරන්න

 

 ඇතැම් අයට වයස් භේදයකින් තොරව විවිධ ලෙඩ රෝග වැලැඳුණු පසු සති කිහිපයක් එක්තැන් වී සිටීම නිසා ශරීරය දුර්වල වෙන්න පුළුවන්. පුෂ්ටිමත් ශරීරය දිරාපත් වන ස්වභාවයකට පත්වෙන්න පුළුවන්. එවන් අවස්ථාවලදී කෘශ ශරීරයෙන් නහර ඉල්පී පෙනෙන ස්වභාවයක් මතු වෙනවා. එය හොඳ නෑ. මොකද නහර ගැටගැසීම් ඇති වී රුධිර සම්පාදන ක්‍රියාවලියේ අක්‍රමිකතා ඇති වී තව තවත් රෝගියා දුර්වල වීමට ඉඩ තිබෙනවා. එවන් දුර්වල රෝගීන් ප්‍රාණවත් කිරීමටත්, ශරීරය කෘශ අය මහත් කිරීමටත්, නහර පද්ධතියේ ප්‍රතිප්‍රාණයක් ඇති කිරීමටත්, අධ්‍යාපන ක්‍රියාවල නිරත වන දරුවන්ගේ මතක ශක්තිය වර්ධනය කිරීමටත් සුදුසු අතුරුපසක් වගේ ඔෟෂධයක් කාමරංගාවලින් සාදා ගන්න පුළුවන්. එය සාදාගන්නේ මෙහෙමයි. මුලින්ම ඉදුණු කාමරංගා ගෙඩි කිහිපයක් පෙති කපා හොඳින් වියළා ගන්න. තාරකා පෙති සේ අලංකාර ලෙස වියළාගත් කාමරංගා පෙති, සීනි උණු කර පැණි පදමට සාදාගත් සීනි පැණියකට මිශ්‍ර කර ඒ තුළ සතියක් පමණ පැසීමට ඉඩ හැර වීදුරු බෝතලයකට දමා වසා තබන්න. ඉන්පසු දිනකට දෙවරක් බැගින් දිනපතා මේ ඔෟෂධීය අතුරුපස ආහාරයට ගන්න. එය ඔබට ඉතාමත්ම ගුණදායක ආහාරයක් වේවි. මෙම ඔෟෂධීය අතුරුපස බොහෝ කාලයක් කිසිදු අහිතකර බවකින් තොරව තබා ගන්නත් පුළුවන්.

13 Comments

Post a Comment

Previous Post Next Post