ජනප්‍රිය
සංස්කෘතිය යන වචන දෙක නුතනයේ බහුල ලෙස භාවිතා වනු දැකිය හැකිය. ලතින් භාෂාවේ culture populas හා colere, kulture යන වචන ඇසුරින් popular culture යන්න ගොඩනැගී
ඇත. සිංහල භාෂාවට පරිවර්තනය කළ විට ජනප්‍රිය,
ජන සම්මත සංස්කෘතිය වශයෙන් අර්ථ ගන්වා තිබේ. popular යනු වචනයෙන් ජනසම්මත, ජනප්‍රිය යන්න අදහස්
කෙරෙන අතර culture යන්නෙන්
සංස්කෘතිය යන්න අර්ථවත් වේ. ජනයා අතර ජනයා සමඟ වැඩෙන අරුත් ද මෙයින් අර්ථවත්
වේ.
popular culture ඉංග්‍රීසි
භාෂාවේ වචන ද්වයට ජනප්‍රිය මෝහන, සංස්කෘතිය වශයෙන් ද
අර්ථ දක්වා තිබේ. popular
යන්න කෙටි කරවා සාදාගත් pop යන කෙටි යෙදුම භාවිතයට ගනිමින් යෙදෙන පොප් මියුසික්
යන්නෙන් අදහස් කරන්නේ ජනප්‍රිය සංගීත්ය යන අර්ථයයි.සමාජ විද්‍යා පාරිභාෂික ශබ්ද
මාලාවේ pop cultrure යන්නට
සිංහලෙන් අර්ථ දෙන්නේ ජනප්‍රිය සංස්කෘතිය ලෙසයි.
ජනප්‍රිය
සංස්කෘතිය පිළිබදව හදුනා ගැනීමේදී ඒ පිළිබදව චිචාරක මතවාදයන් විවිධාකාරයන් ගනී.
එනම් ජනප්‍රිය සංස්කෘතිය ලෙස අදහස් කරන්නේ වඩා බහුතර ජනතා සංස්කෘතියක් බව නූතන කලා
විචාරකයන් පවසති.
ඇතමුන් මෙය සමස්ත ජනතාවන්ගේම සංස්කෘතිය ලෙස අර්ථ
දක්වනු ලබයි. ජනප්‍රිය සංස්කෘතියේ අර්ථකථනයන් විවිධාකාර වන බව Hictetoshi Katto නැමති සමාජ පර්යේෂකයන්
සදහන් කරන ආකාරයට මිනිස් කණ්ඩායමක අත්දැකීම් බෙදාහදා ගන්නා ක්‍රමයක් ලෙස ජනප්‍රිය
සංස්කෘතිය අර්ථ දක්වා ඇත.
තවදුරටත් සමාජ
විද්‍යාඥයන් දක්වන ආකාරයට ජනප්‍රිය සංස්කෘතිය යනු සංකීර්ණ සමාජ සංස්කෘතික
තත්ත්වයක් වන හෙයින් ඒ කෙරේ සමාජ විද්‍යාඥයන්ගේ අවධානය යොමු වී නොමැති බවයි.
එහෙත් ජනප්‍රිය සමාජයක් ඇතිවන බවද සමාජ විද්‍යාත්මක මතය වේ.
ඉහත ආකාරයට
ජනප්‍රිය සංස්කෘතිය පිළිබදව විවිධ පර්යේෂණ සන්නිවේදන ක්ෂේත්රයට අනුව සිදු කර
තිබේ. ඒ මගින් විශාල සංස්කෘතීන්වල පවතින සංස්කෘතිකාංග හා අත්දැකීම් රාශියක්
හදුනාගත හැකිවේ. මෙසේ වූ අත්දැකීම් බෙදාහදා ගැනීමට ඇති එකම මාර්ගය සන්නිවේදන
ක්ෂේත්රය බව පැහැදිලි වී තිබේ. ඒ
මගින් වෙනත් සංස්කෘතීන් වල පවතින
සංස්කෘතිකාංග හා අත්දැකීම් රාශියක් හදුනාගත හැකිවේ
එනම්
සංස්කෘතිය යන්නද සන්නිවේදන මෙවලමකි. උදාහරණ ලෙස රුපවාහිනිය ගත් විට එය දසලක්ෂ
ජනකායක් උදෙසා Information
හෙවත් වැඩසටහන් දීමට සැදී පැහැදී ඇත. ඒවන් වූ වැඩසටහන් මගින් ගෙනයනු ලබන සාරධර්මවල
පිළිඹිබුවක් ලෙස එය හදුනාගත හැකිවේ.ඒමගින් සාරධර්මයන් ව්‍යාප්ත කරලීමටත් සංස්කරණ
දේවල් ගෙන යාමටද වැදගත් වේ. මේ ආකාරයට ග්‍රෝත්‍රික සන්නිවේදන සම්ප්රදායේ සිට නූතන
චන්ද්‍රිකා විකාශනයන් දක්වා සියලූම මනුෂ්‍ය ක්‍රියාදාමයන් උදෙසාම සන්නිවේදනය යන
වචනය භාවිතා වේ.
එසේම ජනප්‍රිය
සංස්කෘතිය යන්න විනෝදාස්වාදය . සතුට ප්‍රීතිය
ප්‍රමෝදය රැගත් දෙයක් වන අතර වැඩි ලෙසම අලෙවි වන ජනප්‍රිය පොත්පත් මෙයට අයත් වේ.
නමුත් එහිදී නිළ ප්රකාශනයක් එයට අදාළ නොවේ. උදාහරණ ලෙස වීරකතා ත්‍රාසජනක කථා, අද්භත කතා, මෙම සංස්කෘතියෙහිලා
සදහන් කළ හැකිවේ. ඉහත Pictures
අනුව පැහැදිලි වන්නේ විශාල වශයෙන් විද්‍යුත් මාධ්‍යවල විනෝදයට බරවූ වෙළද
දැන්වීම්, විලාසිතා, පොප් සංගීතයන්,
යනාදී අංශයන්
වෙත වැඩි ප්‍රවණතාවයක් දක්වා ඇති බවයි.
තාක්ෂණයෙන්
වෙන් වූ ඉතිහාසයක අත්දැකීම් ලබා ගැනීමට අසීරැ කටයුත්තක් වී ඇති අතර, අතීතය විමසා බැලූ විට
එහි ගමන් මගද විහිදී ඇත්තේ තාක්ෂණය හා සමාන්තරවමය. එසේම ජනප්‍රිය සංස්කෘතිය
සමාජයෙන් සමාජයට ගෙන යන වාහකයාද ජනමාධ්‍යවේ. විද්‍යුත් තාක්ෂණය ලොව විහිවන්නේ
වාචික හා ලිඛිත ශ්‍රව්‍ය සන්නිවේදනයේ ක්රමික විකාශනයේ ඵලයක් ලෙසයි.
එසේම ජනප්‍රිය
සංස්කෘතිය මූලිකත්වයෙහිලා . විද්‍යුත් සන්නිවේදන මෙවලම් වන Microphone, ස්ටීරියෝ තාක්ෂණය, . විද්‍යුත් සංගීතය, කැසට්පට තැටි,විඩියෝ යන්ත්‍ර වැනි
උපකරණයන්ය. මෙලෙස ජනප්‍රිය සංස්කෘතිය බිහිවීමට මූලික වන්නේ මුද්‍රණ කර්මාන්තයේ
ආරම්භයයි. පුවත්පත මේ අතර සුවිශේෂී වේ.
ජනප්‍රිය පුවත්පත් කලාව
මුල්කාලීන
පුවත්පත් සගරා මගින්ද සිංහල ජාතියට භාෂාවට හා සංස්කෘතියට අනුපමේය වූ සේවයක්
සිදුවිය. ඒ අතර දේශපාලනමය හා සංස්කෘතිකමය ලෙස නව ප්රබෝධයක් එක් කළේය. ඒවිට කවි
සගරා ආදිය බිහි විය. උදාහරණ ලෙස ජෝන්දාසගේ "මීවදය" කපිල සෙනවිරත්නගේ
"සුවද" ආනන්ද කවිරත්නගේ දිය ඇල්ල , වැනි කාව්‍ය මේ අතර ප්‍රධාන සගරා විය.
ඒත් සමගම ජනප්‍රිය
අංගයන් වර්ධනය වීමෙහිලා බටහිර නව තාක්ෂ්ණික දැනුමද ඉවහල් විය. කාන්තා ලාලිත්‍ය ,මතුවූ රෑපයන් සගරා පිට
කවරය සදහා යොදා ගත්තේය. 1926 ලටලට සගරාවේ
හේමපාල මුනිදාස එය භාවිතයට ගැනුණි. ඒ සමගම කතුවැකි තීරැලිපි නාට්‍ය කලා නවකතා
විමසුම් වැනි අංශයන් මේ ඇකාරයට ජනප්‍රිය මුද්‍රිත මාධ්‍යට එකතු වී තිබේ. කෙසේ
නමුදු එයින් නොනැවතී පාඨකයා වෙත නවතම කලාංග රස විදීමට හැකිවන අයුරින් විකට කතා
කෙටි පද සිව් පද වැනි දේ වෙනුවට නිසදැස් ,කාව්‍ය කතා ,චිත්‍ර කතා, ත්‍රාසය ,බිය ,වීරකම් ,උලුප්පා විනෝදායන මාර්ගයන් බිහිවිය. එයට පසුව
බිහිවූ පුවත්පත් අන්තර්ගතය කාටුන් කලාව ,බිහිවීමටද බලපා තිබේ.
එවැනි කාටුන් වලට උදාහරණ වශයෙන් තනිකඩයා, මුදලාලි, වැනි කාටුන් ද ඉතා
ජනප්‍රිය විය.
මුද්‍රිත මාධ්‍ය තුළින් පමණක් නොව විද්‍යුත් මාධ්‍ය තුළද ජනප්‍රිය සංස්කෘතික ප්රවණතාවයන් ආරම්භ වී ඇත. සිනමාව රුපවාහිනිය ගුවන්විදුලිය තුළද මේවූ ලක්ෂණයන් වර්තමානයේ සුලභව දැකිය හැකිවේ.
රුපවාහිනිය හා ජනප්‍රිය සංස්කෘතිය
රුපවාහිනිය මගින් පෙන්වන නයිට් රයිඩර් ,සුපර් මෑන්, ස්පයිඩර්මෑන්, ආදී අද්භූත වීරත්වය මුසුවූ කාටුන් කතාවලින් ආරම්භවී ටාසන් ,රොබින්හුඩ් ,වැනි ත්‍රාසජනක කතා මවනුයේ මේවූ ජනප්‍රිය සංස්කෘතිය මුවාවෙනි. මේ කෙරේ ඇති කරන කුතුහලය ප්‍රේක්ෂකයාට ලබාදීමට මෙමගින් ක්‍රියා කරයි.
ඒ අනුව රුපවාහිනි
මාධ්‍යද අද වන විට එම ප්‍රේක්ෂක අරමුණ හදුනාගෙන ඒ අනුව සැකසී ඇත. වර්තමානය වනවිට
ටෙලිනාට්‍ය කලාවද මෙගා තත්ත්වයට පත් වී ඇති අතර , එමගින් බටහිර අනුකරණාත්මක වැඩ සටහන් බිහිවීම,
සංස්කෘතිකාංග වෙනස්වීම ,සමගම නාට්‍ය කලාවද මුදල මත බිහිවන සමාජ
රැල්ලක්, බිහිවී ඇති
අතර ම, ජනප්‍රිය
ශිල්පීන් නිර්මාණකරැවන්ද බිහිවී ඇත. පවුල්
සංස්ථාවේ පටන් මහා සමාජය දක්වාම මේවූ ජනප්‍රිය ලක්ෂණයන් විහිදී තිබේ.
ගුවන්විදුලියේ ජනප්‍රියතාවය
ගුවන්විදුලි මාධ්‍යය තුළින්ද ප්රවෘත්ති ප්රවෘත්ති භාෂාමය අතින් විවිධ වෙනස්කම් වලට බදුන් වී ඇත . වර්තමාන ගුවන්විදුලියේ ක්‍රියාකාරීත්වය විමසීමේදී පවා මේ තත්ත්වය පිළිඹිබු වේ. ඒ උදෙසා යොදාගනු ලබන සංගීත ශබ්ද ප්‍රයෝග, වෙනස් වූ නව ආකෘති pop, හාස්‍ය උපදවන වැඩසටහන් ,DJ ආදිය යොදා ගනිමින් වෙනස්වන පරිසරයට අනුව ශ්‍රාවක රැචිකත්වන් සොයා බලා ඒවා මෙහෙයවනු ලැබේ. ශ්‍රාවක රසවින්දනය උදෙසාම විසිහතර පැය පුරාවටම ගීත ලබා දෙන සේවාවන්ද නැතුවාම නොවේ.
ප්‍රවර්ධන
කාර්යයන් වඩාත් තියුණු ආකාරයට මේ තුළින් වර්ධනය වී ඇති අතර, තෑගි ලබාදීම් ,මුදල් ප්‍රදානයන්, ගමින් ගමට වැඩ සටහන් ආරම්භ කිරීම, වැනි අංශයන් තුළින් අන් සෑම මාධ්‍යයකටම වඩා
ඉදිරියෙන් සිටී. එය ජනප්‍රිය අංගයන් ප්‍රචලිත කිරීමට දරන ලද උත්සාහයේ ප්‍රතිඵලයක්
වශයෙන් හදුනා ගත හැකිය.
එසේම ජනප්‍රිය කැසට්පට වීඩියෝපට වර්තමානය වනවිට වෙළදසැල් මගින් ව්‍යාප්ත වී ඇති අතර මේවා පාරිභෝගිකයා මිළදී ගැනීමටද පෙළඹී ඇත. වේගරිද්ම , ප්‍රේමාලාප ,වේගවත් නැටුම් ,ආදිය එහි මූලිකත්වය ගෙන තිබේ. කලාව සුසංයෝගී වූ වැඩසටහන් මෙහි එතරම් දැක ගත නොහැකි වේ . එහි පවතින සංගීත රිද්මයට පමණක් ප්‍රදානත්වය හිමි වී ඇති අතර පසු කාලයේ ගායකයාට ලැබී තිබූ ජනප්‍රියතාවයද වත්මන වන විට වෙනස් වී ඇත. මෙය නොනැවැත්විය හැකි සාධකයක් ලෙස හදුනාගත හැකි අතරම වර්තමාන ජනයාටද එය නැතිවම බැරි අංශයක් වී තිබේ. එසේ නම් ජනප්‍රිය සංස්කෘතික අංශයන් අතර අප මං මුළා වේද? එසේ නොවී හර පද්ධතීන් කවරේදැයි හදුනා ගෙන ඒවා වැළද ගැනීමට උපරිමයෙන් කැප විය යුතුවේ .
👍👍
ReplyDeleteGood
ReplyDeleteGreat👌
ReplyDeleteGood job
ReplyDelete❤️
ReplyDeleteGood job
ReplyDeleteGood work
ReplyDeleteNiyamai
ReplyDelete❤❤❤
ReplyDelete👍👍👍👍
ReplyDeleteGreat
ReplyDeleteGood article
ReplyDeleteවැදගත් ලිපියක්
ReplyDeleteGreat 💛🥂
ReplyDeleteGreat 💜️💜️
ReplyDeletePost a Comment