ලංකාවේ පුවත්පත් කලාවක් ආරම්භ වීමට බලපෑ ප්‍රධානතම හේතුව සාධකය වන්නේ වසර හාරසිය පනහකට ආසන්න කාලයක් විදේශ ජාතීන් කිහිපයකගේ පාලනයට ලංකාව නතු වී පැවතීමයි. එහි ප්‍රතිඵලයක් ලෙස ශ්‍රී ලංකාවේ මුද්‍රණ ශිල්පය ආරම්භය විය. පෘතුගීසි, ලන්දේසි, ඉංග්‍රීසි යන ජාතිකයින් ශ්‍රී ලංකාවේ ඇතැම් ප්‍රදේශවල යටත් කර ගැනීමෙන් අනතුරුව මූලික වශයෙන් බලාපොරොත්තු වූයේ වාණිජ අවශ්‍යතා සාක්ෂාත් කර ගැනීම සඳහා ආගම ප්‍රචාරය කිරීමයි.
පුවත්පත මුලින්ම ශ්‍රී ලංකාවේ ජන සමාජයට එක්වන්නේ ලන්දේසි පාලන සමයේය. ලන්දේසි යාඥා පත්‍රය 1796 එම පාලන ක්රමයේ විවිධ ප්‍රතිපත්ති නිල නිවේදන ප්‍රචාරය කිරීම සඳහාය. ලන්දේසීන්ගෙන් පසු ඉංග්‍රීසින් අපරට අල්ලා ගත් පසු ලන්දේසීන්ගෙ මුද්‍රණාලය රජයට පවරා ගත් අතර ඉංග්‍රීසින් 1802 සිට එහි The ceylon goverment නම් රජයේ ගැසට් පත්‍රය මුද්‍රණය කිරීම අරඹන ලදී. 1812 ආගමික තොරතුරු ප්‍රචාරය කිරීම සඳහා බයිබලය මුද්‍රණය කරන ලදී. එසේම 1832. 01. 01 Colombo Journal පුවත්පත ප්‍රකාශයට පත්කළ අතර එහි අධිකාරි ජෝන් ලී විසින් මෙම පුවත්පත් සංස්කරණය කර තිබේ.
මේ සමයේ නිදහස් පුවත්පත් සඳහා ඉහළ ඉල්ලුමක් පැවැතිණි. The obsever and commercial Advertiser නමින් පුවත්පතක් 1834 වර්ෂයේදී ජී . ඔක්ලන්ඩ හා ඊ ජේ ඩාලි ව්‍යාපාරිකයෝ ආරම්භ කළහ. මෙය අද පවා ඉතාමත් ජනප්‍රිය පුවත්පතක් වන observer පුවත්පතෙහි ආරම්භය මෙයයි. මෙහි පලමු කතුවරයා ජෝර්ජ් වික්ටර් මහතාය.
ක්‍රි. ව 1848 දි ඇති වූ කැරැල්ලේ දී ජනතාවට සිදු වූ දුක් ගැහැට පීඩා ආදිය ගැන පළ කරන ලද colombo observer පත්‍රයට විරුද්ධව රජයේ මඟින් colombo chronicle නම් පත්‍රයක් පළකරන ලදී ක්‍රි. ව 1857 දි colombo observer පත්‍රය ceylon observer නමින් පළ කරන ලදී මෙම පත්‍රය ලේක්හවුස් ආයතනය යටතට පත්විය. එම පත්‍රය මගින් ගොඩනැඟු මහජන මතයට කන් දීමට එංගලන්ත ආණ්ඩුවට පවා සිදුවිය. එහි ප්‍රතිඵලය වූයේ ටොරින්ටන් ආණ්ඩුකාරවරයා හා මහලේකම්ට තනතුරු අතහැර යාමට සිදුවීමයි.
ලාංකීය පුවත්පත් කලාවේ සිංහල භාෂාවෙන් පුවත්පත් ප්‍රකාශයට පත්කිරීම ඇරඹනුයේ 19 වන සියවසේ හයවන දශකයේ දීය බුලත්ගම ගම්මාලංකාර හිමියන් තායිලන්තයේ රජු සමඟ එකතුව ගාල්ල බලකකොටුව වීදිය තුළ ප්‍රථම වරට සිංහල පුවත්පත් මුද්‍රණයට මුද්‍රණාලයක් කරවීය. ඒ ආකාරයට ප්‍රථමයෙන් ලංකාලෝක පුවත්පත ගාල්ලේ දී ප්‍රකාශයට පත් කරන ලද්දේ 1860 ජුනි මාසයේදීය. ඩබ්ලිව් . ඊ. ඊටන් විසින් ප්‍රකාශයට පත්කල එම පුවත්පත සති දෙකකට වරක් එළිදක්වන ලදී . ක්‍රි. ව 1839 අංක 05 දරන නියෝගය යටතේ පුවත්පත් ලියාපදිංචි කිරීම සිදු කළ යුතු නමුත් මෙම ලංකාලෝක පුවත්පත එසේ ලියාපදිංචි කර නැත.
ඒ ආකාරයට ප්‍රථමයෙන් ලියාපදිංචි කළ පුවත්පත වශයෙන් ඉතිහාසයට එක්ව ඇත්තේ ලක්මිණි පහන පුවත්පතයි. පූජ්‍ය වලානේ සිද්ධාර්ථ හිමිපාණන්, එල් . ඩබ්ලිව් බටුවන්තුඩාවේ පඬිවරයාණන්, කොග්ගල පඬිවරයාණන්, ගාල්ලේ මුදලිඳු ගුණතිලක අත්පත්තු එක්ව මෙම ලක්මිණි පහන පුවත්පත අරඹනුයේ 1862 සැප්තැම්බර් 17 වෙනිදාය. එහි ප්‍රථම කතුවරයා බවට පත් වන්නේ කොග්ගල පඬිවරයා හෙවත් ජොහැන්නස් මහතාය. 1863 ජුලි 01 වනදා සිට එහි කතුවර ධුරයට පත් වන්නේ බටුවන්තුඩාවේ පඬිවරයාය. 1883 ජුලි 28 දින කතුවර ධුරයට පත්වන්නේ මාතර ධර්මරත්නයන්ය. ඔහු 1924 දක්වා වසර 41 මෙහි කතුවර ධුරය දරා සිටීම සුවිශේෂී කරුණකි.
මේ අතර වී. එස් රණසිංහයන්ගේ සංස්කරණයෙන් ලක් රිවිකිරණ නමින් පුවත්පතක් 1863 වර්ෂයේ දී අරඹන ලදී. ලාංකීය බෞද්ධ ජනතාවගේ අයිතීන් වෙනුවෙන් මෙම බෞද්ධ පුවත්පත ඇරඹීම සුවිශේෂී කාරණාවකි. 1891 ලක් රිවිකිරණ පුවත්පත දිනපතා ප්‍රකාශයට පත් කිරීම ඇරඹිණි. එහෙත් දිනපතා සිංහල ප්‍රථම පුවත්පත ලෙසින් ඉතිහාසයට එක්ව ඇත්තේ දොන්
කොරනේලිස් වීරක්කොඩි මහතා ඇරඹු දිනපතා ප්රවෘත්ති නැමැති පුවත්පතයි. එය බ්‍රිතාන්‍ය රජයට පක්ෂපාතී පිළිවෙතක් අනුගමනය කරන ලදී.
1863 අරුණෝදය නම් කතෝලික පුවත්පතක්ද ,1866 දි රුවන් මල්දම නමින් පුවත්පතක්ද, පලකළ වී ඇත.1879 වන විට මේ සියල්ල අභාවයට ගොස් ඇත. 1866 ජුලි 07 වනදා ලාංකීය පුවත්පත් කලාවට තවත් සුවිශේෂි දිනයක් එක්කරමින් කතෝලික ප්‍රජාවේ හඬ වශයෙන් ඇරඹි කැතලික් මැසෙන්ජර් නැමැති ඉංග්‍රීසි පුවත්පතේ සහෝදර සිංහල පුවත්පත ලෙසින් ඥානාර්ථ ප්‍රදීපය නැමැති පුවත්පත ඇරඹිනි. එය මේ දක්වා ප්‍රකාශයට පත්වීම කැපී පෙනෙන ලක්ෂණයකි. 1867 සත්‍ය මාර්ගය නම් බෞද්ධ පුවත්පත කතෝලික ජනතාව නගන ප්‍රශ්න වලට පිළිතුරු ලෙස 1870 වන විට ඥානාර්ථ ප්‍රදීපය ගෙනගිය ආගමික ප්‍රචාරය කෙතරම් ප්රභලත්වයකට පත් වූයේ ද යත් එයට සෘජුවම පිළිතුරු දීමට බෞද්ධ පත්‍රයක් වූ ලක්මිණිපහණ ප්‍රමාණවත් නොවුණු බව පෙනේ. එබැවින් එම ආගම් ව්‍යාපාරය සඳහා මිගෙට්ටුවත්තේ ගුණානන්ද හිමියන්ගේ අවවාද අනුශාසනා පරිදි 1888 ඉරිදා රිවිරැස නමින් සතිපතා පත්‍රයක් පටන් ගන්නා ලදී.
ලක්මිණි පහනට අනතුරුව ඥානාර්ථ ප්‍රදීපය, සත්‍ය මාර්ගය, ලක්මිණි කිරුළ, සත්‍යාලංකාරය, ලක්විදුරවිය, කසය, ලංකෝපකාරය ආදී පුවත්පත් ඇරඹෙන ලද්දේ ආගමික අවශ්‍යතාව සපුරා ගැනීම සඳහාය. ආගමි ආගමික අවශ්‍යතා ප්‍රතික්ෂේප කරමින් ස්වාධීන පුවත්පතක් ලෙස ප්‍රකාශයට පැමිණ වූ ප්‍රථම ප්රවෘත්ති පත්‍රය ලෙසින් ඉතිහාසයට එක්ව ඇත්තේ දිනකර ප්‍රකාශයයි. මෙය ජනප්‍රිය පුවත්පතක් වූවා පමණක් නොව අනෙකුත් ආරම්භක සිංහල පුවත්පත් හා සැසදීමේදී ඉතා දීර්ඝ කාලයක් අඛණ්ඩව පවත්වා ගනුලැබූ පුවත්පත වීය.
දහනවවන සියවසේ අවසානය වන විට සිංහල භාෂාවෙන් පළ කෙරුණු පුවත්පත් ලාංකීය සමාජය තුල ජනප්‍රිය වූයේ එවක ඉංග්‍රීසි බසින් ප්‍රකාශයට පත් කෙරුණු පුවත්පත් අලෙවි වාර්තා හා සමකරමිනි. එසේ වඩාත් ජනප්‍රියත්වයට පත් ප්රමුඛ පෙළේ සිංහල පුවත්පත් අතර ලංකා ප්‍රදීපය, 1872 බෞද්ධ පරමවිඥානාර්ථ සංගමය මගින් ඇරඹූ සරසවි සඳරැස ස්වරාජ්‍ය සහ 1894 සත්බස යන සිංහල භාෂාවෙන් ප්‍රකාශයට පත් කෙරුණු පුවත්පත් වඩාත් කැපී පෙනුණි. මේ කාලය තුළ සරසවි සඳරැස සංස්කරණය කළේ පණ්ඩිත වේරගම පුංචි බණ්ඩාරයන්ය. හෙතෙම සිංහල පුවත්පත් ලේඛණ කලාවට නව ජීවයක් ලබා දුන් බවත් ඉතිහාසයේ සඳහන් වේ. ඔහුගේ විශේෂත්වය වී ඇත්තේ පුවත්පත් කලාවට නිදහස් ආරාක් හඳුන්වාදීමය. එය සිත්ගන්නාසුලු ජනප්‍රිය වූ පිළිවෙතකි. සිංහල ගද්‍ය රචනා ක්රමයේ නව යුගයක් නිර්මාණය කරන ලදී. සරසවි සඳරැස් පුවත්පතේ කර්තෘ මන්ඩලයේ සාමාජිකයෙකුව සිටි එච්. එස් .පෙරේරා මහත්මා ඉන් ඉවත්ව දිනමිණ පුවත්පත ඇරඹීමට ඩී .ආර්. විජයවර්ධනයන්ගේ එක්සත් ප්රවෘත්ති පත්‍ර සමාගමට එක් විය.
ආරම්භක යුගයේ පටන් පුවත්පත් හා වෙළදාම අතර පැවති සම්බන්ධය නිසා සිංහල වෙළඳුන්ගේ අවශ්‍යතාව සහ ඉල්ලීම මත වෙළඳ මිත්‍රයා පුවත්පත පළ කර ඇත. එයට අමතරව 1895 වර්ෂයේ වෙළඳ සඟරාව නම් තවත් වාණිජ ප්රවෘත්ති පත්‍රයක් අරඹන ලදී.
19 වන සියවස අගභාගය වන විට විකට පුවත්පත් ආරම්භ කරන ලදී. පී . වී පෑලිස් අප්පුහාමි විසින් 1871 කවට කතිකයා පුවත්ප අරඹන ලද්දේ විනෝදාස්වාදය සැපයීම සඳහාය. එසේම එම පුවත්පත ඉංග්‍රීසි ආණ්ඩුව මෙන්ම ඉංග්‍රීසි ආණ්ඩුවට පෙනී සිටි ජනතාවද විවේචනය කරන ලදී .1891 වර්ෂයේදී කවට මිත්‍රයා සහ කවට නරේන්ද්‍රයා යන පුවත්පත් ද 1895 දැනුම ඇති කවටයා හා 1899 කවට දක්ෂයා යන පුවත්පත්ද බිහිවිය.
මේ ආකාරයට දහනවවන සියවසේ පුවත්පත් කලාව පිළිබඳ තොරතුරු දැක්විය හැක.
👍👍👍👍👍
ReplyDeleteNiyamaii
ReplyDelete👍👍
ReplyDeletegood article
ReplyDelete❤❤
ReplyDelete👌👌👌👌
ReplyDelete👍👍👍
ReplyDelete👍👍👍
ReplyDelete💜️💜️💜️💜️
ReplyDeleteBEST 😍❤
ReplyDeleteවැදගත් ලිපියක්
ReplyDeleteThis comment has been removed by the author.
ReplyDeleteGood Article 👍❤
ReplyDeleteSuper 👍
ReplyDeleteNiyamai
ReplyDelete😍❤️
ReplyDeleteGreat
ReplyDelete👍👍👌👌👌💪
ReplyDelete💖💖
ReplyDelete❤️nice
ReplyDelete👍👍❤️
ReplyDelete👍👍❤️
ReplyDeletenice
ReplyDeleteNiyamai...💥🔥💪👍
ReplyDeleteGood work
ReplyDelete👍
ReplyDeletePost a Comment